අම්මලා තාත්තලා නිසා ජිවිතේ විඳවන ළමයි..

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    තමංගෙ අම්මට තාත්තට සලකන්නෙ නැති ඕනම එකෙක්ට ඊලග ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදුනොත් ඕක තමා වෙන්නෙ. තමං කරපු දේවල් තමා තමන්ට වෙන්නෙ.
     
    • Like
    Reactions: Rapunzel003

    Chaaam

    Junior member
  • Mar 30, 2023
    11
    39
    13
    තමංගෙ අම්මට තාත්තට සලකන්නෙ නැති ඕනම එකෙක්ට ඊලග ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉපදුනොත් ඕක තමා වෙන්නෙ. තමං කරපු දේවල් තමා තමන්ට වෙන්නෙ.
    aniwa ithin, kohe hari kawada hari kata hari karapu deka pawak thama ithin me gewanne..karume karume kiya kiya.
     
    • Like
    Reactions: Rapunzel003

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔහොම සීන් තියෙනව බන්...සිරාවටම පව් එහෙම උන්..අපට තිබ්බ/තියෙන නිදහසත් එක්ක බැලුවම උන් පෙර කල කරුම ගෙවනව වාගෙ....😢

    වැඩේ කියන්නෙ ඔහොම සිද්ධි වැඩිපුර තියෙන්නෙත් උගත් යයි සම්මත අම්මල තාත්තල ඉන්න උන්ටනෙ..සාමාන්‍ය පවුල්වල ඔහොම අය සාපේක්ෂව අඩුයි..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    E itin ubata adareta newene unge fun ekata ada gahanne
    නෑ නෑ බයිට් එකට ගන්න සීන් එකක් නෙමෙයි බන්. මම drink දැම්මම හොඳට කතා කරනවා. පට්ට control එකක් තියෙනවා මගේ emotions,
     
    • Like
    Reactions: Rapunzel003

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    මේ පොස්ට් එකේ කොමෙන්ට්ස් බලපන්. ළමයි කොච්චර විඳවනවාද කියල අම්මලා තාත්තලා නිසා. Click this Link

    මගේ ජීවිතෙත් ඔහොම කොටසක් තිබ්බා, වෙලාවට අපේ තාත්තා අපිව දාල ගියේ ඒ 1997. නැත්තන් අපි පිස්සෝ වෙලා තමා නතර වෙන්නේ. ඉගෙනගන්න ළමයි 3න් දෙනෙක් ඉන්න අපේ ගෙදර රස්සාවක් වත් නැති අම්මා ළඟ අපි තනි උනා. එත් ඒ මානසික නිදහස අපිව ජිවත් කෙරෙව්වා.

    මගේ ටීම් එකෙත් ඉන්නවා අඩි 6ක් විතර උස ලස්සන කොල්ලෙක් (ඉංජිනියර් කෙනෙක්) හරිම අහිංසකයි පොරත් වැඩිය කතාවක් නෑ Royal ගිය කොල්ලෙක් . හැබැයි බිව්වම කතා කරනවා. එක දවසක් බීලා රෑ 12ත් පහුවෙලා මු කියනවා ගෙදර යන්න බැ කියලා පොරට යන්න ඕන කිව්වා walking path එකේ ඇවිදින්න මහා රෑ. ටිකක් ෆිට් උනාම මු කිව්වේ කතාව.
    මුගේ අම්මා තාත්තා දෙන්නම ඩොක්ටර්ස් ලා, අක්කත් ඩොකා හැබැයි මු ඉංජිනියර් කෙනෙක් උනා නමුත් ඩොකෙක් වෙන්න බැරි උනා කියලා ගෙදරින් මුව පහත් කරනවා. හැමදේම හිරකරලා තමා තියෙන්නේ. මූට සල්ලි නාන්න තියෙනවා රට වටේම ඉඩම් ගෙවල්, ගෙදර වාහන කීපයක් තියෙනවා. තාත්තගේ හොබී එක ගෙවල් ගන්න එකලු. හැබැයි මු එන්නේ බස් එකේ කැබ් එකේ. car එකක්වත් දෙන්නේ නෑ මුට, ගන්න දෙන්නෙත් නෑ. ගෙවල් වල එහෙම කිසිම තීරණයක් ගන්න දෙන්නේ නැ අඩුම ගානේ කඩේකට ගිහින් බඩුවක්වත් ගෙන්න දෙන්නේ නෑ.
    දෙමව්පියන්ගේ ආසාව ඩොකෙක් කරන එක වෙන්න ඇති හැබැයි මු රස්තියාදු කාරයෙක් උනේ නැනේ , එකවත් තෙරුන් ගන්න බැරි ඉගෙනගත්ත මෝඩයෝ තමා මුගේ අම්මලත්. මේ මානසික පීඩනය දරාගන්න බැරි නිසා මූ උටම හිරිහැර කරගන්න ගත්තා තුවාල කරගන්නවා, සියදිවි නසාගන්න තමා කතාව. පුළුවන් තරම් අපි හිත හැදුව උගේ. ටීම් එකේ ලීඩ් මන්, මට මේවා බලන් ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. බැරිම තැන මුට හොරෙන් මන් උගේ අම්මට කතා කරලා ඇහුවා ඇයි එහෙම ළමයට කරන්නේ කියලා. පුදුමේ කියන්නේ උන්ගේ අම්මල එහෙම එකක් දන්නෙවත් නැ එයාල හිතන් ඉන්නේ ඒ සලකන විදිහ හරි කියලා හැබැයි තේරුණ විදිහට අම්මල මුට හෙනම ආදරෙයි. මන් කිව්වම එයාලා හරියට බය උනා ඇඩුවා, එයාල කියන්නේ අපේ එකාට තමා තේරෙන්නේ නැ කියලා වැරදි තීරණ ගනී කියලා පස්සෙන් ඉන්නවා කියලා. මන් කිව්වා කොල්ලෙක් විදිහට උට ජිවිතේ විඳින්න දෙන්න වාහනයක් දෙන්න ගෙදර තීරණ ගන්න දෙන්න හිර කරන්න එපා කියලා. මට හිතෙන්නේ ඒක වැඩ කරා දැන් ටිකක් මු රිකවර් වෙනවා අම්මලත් මට කතා කරලා අහනවා විස්තර. උගේ ජිවිතේ හොදම කාලේ පව් සැහෙන්න දුක් විඳලා තියෙනවා.

    ඔය වගේම තව කොල්ලෙක් අපේ කොම්පනි එකේ ඉන්නවා පොරත් Royal ගිය කොල්ලෙක්. මුගේ පවුලේ අය්යලා දෙන්නයි දෙන්නම ඩොකාල, මු ඉංජිනියර් . මුගේත් තාත්තා ඩොකා, අම්ම ගැන දන්නේ නැ මන්.
    පොඩි කලේ ඉඳල අය්යලගේ හොඳ තමා අම්මල මුට කියල තියෙන්නේ, ඇයි උබට එහෙම වෙන්න බැරි අය්යල වගේ වෙයන්, ඒ කියන්නේ මුට හොද කියන්නෙම නෑ අය්යලගේ ගුණ තමා වයන්නේ. මුට මේක කොච්චර බලපාල තියෙනවද කියනවනං දැන් වැඩ කරන කොට මුට කිසිම වැරද්දක් කියන්න බැ, කිව්වම හරියට කලබල වෙලා එක ඩිෆෙන්ඩ් කරන්න හදනවා. කොහොම හරි බේරෙන්නේ තමා හදන්නේ, වෙන අය හොදයි කියනවට කැමතිම නෑ. මුණේ ඒ බය පේනවා ඉතින් ඇත්තටම දුකයි. ඕක දැන ගත්තෙත් මුගේ කටෙන්ම තමා පොරම කිව්වා උගේ අම්මල තාත්තලා කරේම මුව පහත් කරන එක සහ වෙන අයගේ හොඳ කිය කිය ඒ වගේ වෙන්න කියන එක කියලා.

    මේ මන් දන්න දේවල් තව කොයි තරම් මෙහෙම දේවල ඇතිද. දෙමව්පියන්ගේ මානසික ප්‍රශ්න නිසා විඳවන ළමයි පව්:( ..
    මේ වගේ ටීම් ලීඩ් කෙනෙක් ඉන්න කම්පැනියකට යන්න බැරිවෙයිද අපිටත් ? අපේ ලීඩ් උද්දිකයො ඉන්නෙ අපිවම මරාගෙන කන්න බලාගෙන 😒
     
    • Love
    Reactions: Chaaam and Ryan08

    Sen-lu

    Well-known member
  • නංගිට රේන්ජ්රෝවර් එකක්ද මොකක්ද තියෙනව මටනැති හින්ද ගෙදරින් කොංකරනව කියල තිබ්බ ත්‍රෙඩ් එක මතක් උනා similar writing style 😋