සමහර අම්මලා තාත්තලා ළමයි එක්ක මාර වෛරයි නේ බං

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මම කාලයක් මාළබේ නෑදෑ ගෙදරක ඉදියා කැම්පස් ගිය අලුත. ඒ ගෙදර පුතයි, දුවයි. උන් දෙන්නම මට අයිය / අක්ක.

    මම සෑහෙන දැකපු එකක් තමයි, උන්ගේ අම්මා, ඒ අක්කා එක්ක පට්ටම වෛරෙකින් වගේ ඉන්නේ.

    උදේ නැගිට්ට ගමන් ඒ ඇන්ටි ගිහින් අයියගේ ඔලුව අතගාල ඌට තේ එකකුත් හදල දීල එනවා. අර අක්කට එහෙම නෑ. ඒකි නැගිට්ට ගමන් බැනුන් අහන එක තමයි කරන්නේ. අතු ගාපන්, වළං හෝදපන්. වැඩට මිනිස්සු ගන්න බැරි දුප්පත් පවුලකුත් නෙමේ.

    මම දවසක් දෙකක් බැලුවා, ඒකිට දෙන වැඩ ඔක්කොම කරල අතු පතු ගාල ඔක්කොම කරල තිබ්බත් Random මොකක් හරි අල්ලගෙන බනිනවා. ඒ අක්කට ආදරෙන් කතා කරනව ඇහිල නෑ මම ඉදපු අවුරුදු 2කටම.

    මම ඒ අක්කට Lap එකේ වැඩ වලට එහෙම එක දෙද්දී ඒ ඇන්ටි ඒකිට බනිනවා, මල්ලිට වැඩ කරගන්න දීපන් කියලා.

    ඒ අක්කා බැඳල ගියා ඊයේ. ඒකි යද්දී ගෙදර උන් දිහා බලල ඇඬුවෙවත් නෑ. පට්ට සතුටෙන් ඉදියේ. සාධාරණයි නේ බං.

    ඕවගේ අම්බානක සිද්ධි තියනවා. උබලටත් අත්දැකීම් තියනවද එකෙක්ට එක විදිහක් තව එකෙක්ට තව විදිහස් සලකන විදිහ ගැන?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113

    පවුලක එකෙක්ට favouritism තියෙන එක පට්ට common අපි නොහිතුවට. අපිත් ඕවා අඩුවැඩි විදියට විඳලා තියෙනවා. සමහර විට හදන්න ඕන නැතුව ඉන්නකොට හැදිච්ච ලමයෙක් වෙන්න ඇති, නැත්තන් තාත්තත් එක්ක තියන තරහක් තාත්තා වැඩියෙන්ම ආදරේ කෙනාගෙ පිටින් පිටකරනවා ඇති.

    මම දැකලා තියෙන තව දෙයක් තමා, කොච්චර කලත් ගෙදර ඉන්න එකාට වඩා පිට ගිහින් සැපට ඉඳලා සතපහක දෙයක් නොකරන එකාව ලොකු කරන් දඟලන දෙමාපියන්.

    උඹ ඔය කියන කතාව ඇත්තනම් පට්ට සතුටුයි ඒ කෙල්ල බැඳලා ඔය කාලකන්නින්ගෙන් අයින් වෙලා ගිය එකට. ආයි ඔය පැත්ත නොබලා තමන්ගෙ ජීවිතේ සර්වප්‍රකාරෙන් සාර්ථක කරගනී කියලා පතනවා. ඒක දැක්කාම අරුන්ට විඳවලා තමා මැරෙන්න වෙන්නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,608
    8,860
    113
    ඒවගේ දුකින් ඉන්න අක්කෙක් හිටපු ගෙදරක ඉදලා උබ මේවගේ දෙයක් එළකිරි දැම්ම කියන්නේ, මෙතන වෙන මොකක් හරි කොස්සක් තියෙනවා
     
    • Like
    Reactions: Tz4400

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    පවුලක එකෙක්ට favouritism තියෙන එක පට්ට common අපි නොහිතුවට. අපිත් ඕවා අඩුවැඩි විදියට විඳලා තියෙනවා. සමහර විට හදන්න ඕන නැතුව ඉන්නකොට හැදිච්ච ලමයෙක් වෙන්න ඇති, නැත්තන් තාත්තත් එක්ක තියන තරහක් තාත්තා වැඩියෙන්ම ආදරේ කෙනාගෙ පිටින් පිටකරනවා ඇති.

    මම දැකලා තියෙන තව දෙයක් තමා, කොච්චර කලත් ගෙදර ඉන්න එකාට වඩා පිට ගිහින් සැපට ඉඳලා සතපහක දෙයක් නොකරන එකාව ලොකු කරන් දඟලන දෙමාපියන්.

    උඹ ඔය කියන කතාව ඇත්තනම් පට්ට සතුටුයි ඒ කෙල්ල බැඳලා ඔය කාලකන්නින්ගෙන් අයින් වෙලා ගිය එකට. ආයි ඔය පැත්ත නොබලා තමන්ගෙ ජීවිතේ සර්වප්‍රකාරෙන් සාර්ථක කරගනී කියලා පතනවා. ඒක දැක්කාම අරුන්ට විඳවලා තමා මැරෙන්න වෙන්නෙ.
    100% සිරා බං. මම එකම එකා නිසා මට ඕවාගේ Experience එකක් නෑ. මට නිකන් මැජික් වගේ අම්ම, දුවට එහෙම කරද්දී. මට මෙහෙම උනා නම් Cope කරන්නේ කොහොම ද කියන එක සෑහෙන කල්පනා කරා මම එහේ ඉන්න කාලේ.
     
    • Like
    Reactions: tharakaf

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    අරන් හදා ගෙන වෙන්න ඇති බං..මං දන්න පවුල් දෙක තුනක් ඔහොම ගත්තා ,ඒ ලගදි..හුගක් වෙලාවට එහෙම හදාගෙන්න දෙන්නේ කෙල්ලෝ තමා..කොල්ලන්ව දෙන් නෑ..කාලෙත් එක්ක දේවල් වෙනස් වෙනවනේ..එතකොට සෙට් වෙන් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්න පවුලක් තියෙනව පලවෙනි කසාදෙ දුව, තාත්ත එක්ක අමෙරිකාවෙ, දෙවැනි කසාදෙ පුතා, මෙහේ. ඒ ගෑනිට කොල්ලව පේන්න බෑ, බඩේ ඉන්නකන්ම ලෙඩින් ලු, හම්බෙනකොටත් ඇතිම වෙලා, ළමයට කිරි දෙන්නත් බෑ කියල, දැනටත් නිකන් ඉන්නකොට කියන්නේ බලපං උඹේ කැත, ඇයි උඹ කොට, ගඟේ පැනල මැරියං වගේ කතා. ඒ ගෑනිට නට් ලූස්.
     
    Last edited:

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මම දන්න පවුලක් තියෙනව පලවෙනි කසාදෙ දුව, තාත්ත එක්ක අමෙරිකාවෙ, දෙවැනි කසාදෙ පුතා, මෙහේ. ඒ ගෑනිට කොල්ලව පේන්න බෑ, බඩේ ඉන්නකන්ම ලෙඩින් ලු, හම්බෙලකොටත් ඇතිම වෙලා, ළමයට කිරි දෙන්නත් බෑ කියල, දැනටත් නිකන් ඉන්නකොට කියන්නේ බලපං උඹේ කැත, ඇයි උඹ කොට, ගඟේ පැනල මැරියං වගේ කතා. ඒ ගෑනිට නට් ලූස්.
    Fucked Up නේ බං.

    අර ඇන්ටි නම් කොල්ලොන්ට ආදරෙයි බං. මටත් සෑහෙන හොඳට සැලකුවා. සමහර වෙලාවට අක්ක ඉද්දි මටයි අයියටයි බත් කවනවා. අයියට හැබැයි සමහර වෙලාවට ඒක දැක්කම upset ගිහින් ඌ යනව නැගිටල. එතකොට අර ඇන්ටි අක්කටම ආපහු බනිනව බලපන් උබ නිසා මගේ පුතා මාත් එක්ක තරහ වෙනව කියල.

    Fucking Insane Logic
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,684
    2,125
    113
    උබලටත් අත්දැකීම් තියනවද එකෙක්ට එක විදිහක් තව එකෙක්ට තව විදිහස් සලකන විදිහ ගැන?

    නැ

    මම දන්න පවුලක් තියෙනව පලවෙනි කසාදෙ දුව, තාත්ත එක්ක අමෙරිකාවෙ, දෙවැනි කසාදෙ පුතා, මෙහේ. ඒ ගෑනිට කොල්ලව පේන්න බෑ, බඩේ ඉන්නකන්ම ලෙඩින් ලු, හම්බෙලකොටත් ඇතිම වෙලා, ළමයට කිරි දෙන්නත් බෑ කියල, දැනටත් නිකන් ඉන්නකොට කියන්නේ බලපං උඹේ කැත, ඇයි උඹ කොට, ගඟේ පැනල මැරියං වගේ කතා. ඒ ගෑනිට නට් ලූස්.

    postpartum depression > major depressive or anxiety disorder එකකට ගිහින් වගේ, or pstd sth
    ------ Post added on Jan 12, 2026 at 9:56 PM
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    මමත් එක ගෙදරක ඔය සීන් එක දකිනවා. අදටත් දකිනවා. පුතාට මාරම සැලකිල්ලක්. දුවට අඩු සැලකිලි. එකක් ඒ ළමයින්ගේ ලැබීම. පින්වන් දෙමව්පියන් ලැබෙන්නත් පිනකට. අනිත් එක ඉස්සර ඉඳන් එන හණමිටි මතයක් තියනවා කොල්ලෙක් උනාම වැඩි සැලකිල්ලක් දෙන. ඉස්සර කාලේ ගෙවල් වල ඕක තිබිල තියනවා. දැන් තියන සමජයේනම් අඩුයි. සමහර මෝඩ දෙමව්පියෝ තමන්ගේම ලෙයින් උපන් තමන්ගේම දරුවන්ට වෙනස්කම් කරන්නේ කොහොමද කියල දරුවන් දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් වෙච්ච මටනම් හිතාගන්න අමාරුයි. ඒක ඒළමයින්ගේත් අවාසනාව. මමනම් වචනයකින් වත් මගේ ළමයි දෙන්නට වෙනස්කමක් පෙන්නන්නේ නෑ. එක්කෙනෙක් විතරක් අගයකරලා කොයිම වෙලාවකවත් කතාකරන්නේ නෑ. සමහර ගෙවල්වල මම දැකල තියනවා එක්කෙනෙක්ගේ විතරක් හොඳ කිය කිය අනිත් ළමයට විහිළු කරනවා. ඉතාම නරක දෙයක්. ඒවා ළමයින්ගේ මනසට තදින් බලපානවා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    උන්ගේ අම්මා, ඒ අක්කා එක්ක පට්ටම වෛරෙකින් වගේ ඉන්නේ
    ආදරේ (මවු සෙනෙහස) කියලා දෙයක් නැ
    සසරේ ක.ර්.ම (පවු පින්) ගනු දෙනුවක් තියෙන්නේ කියලා තේරුම් ගන්න හොඳ උදාහරණයක් මේක
    හොඳට බැලුවොත් ඕනෙම පවුලක එක් එක් දරුවන්ට සලකන විදිය වෙනස්

    බහුතරයක් කෙනෙක් ඉපදෙන්න එනකොට එන්නේ තමන් ට ණය තියන තැනකට
    ඒ නිසා ගොඩක් දෙමවුපියෝ දරුවන්ට ආදරෙයි
    ගොඩක් ණය වෙලා තියන කෙනෙක් ගාවට දරුවෙක් වෙලා ඇවිත් දෙමවුපියන්ට දස වද දෙන දරුවොත් ඉන්නවා

    පෙන්නේ නැති, අතට අහුවෙන්නේ නැති නාම පද (ආදරේ, සංස්කෘතිය, නම්බුව)
    ඔය වගේ දේවල් යට සියුම්ව වැහිලා තියෙන්නේ ඒ ඒ කෙනාගේ ක.ර්.ම තමයි
    බේබදු මනුස්සයාගෙන් ස්වාමිපුරුෂයාගෙන් ගුටි කකා සමාජයට හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා වගේ පෙන්නන කාන්තාවක් ගෙවන්නේ ක.ර්.ම
    රට බේරාගන්න ඕනේ බුද්ධාගම බේරාගන්න ඕනේ කියලා උද්ගෝෂණ වලට ගිහින් ගුටි කන්නේ ක.ර්.ම ම තමයි

    නිවාඩු පාඩුවේ කල්පනා කරන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Fucked Up නේ බං.

    අර ඇන්ටි නම් කොල්ලොන්ට ආදරෙයි බං. මටත් සෑහෙන හොඳට සැලකුවා. සමහර වෙලාවට අක්ක ඉද්දි මටයි අයියටයි බත් කවනවා. අයියට හැබැයි සමහර වෙලාවට ඒක දැක්කම upset ගිහින් ඌ යනව නැගිටල. එතකොට අර ඇන්ටි අක්කටම ආපහු බනිනව බලපන් උබ නිසා මගේ පුතා මාත් එක්ක තරහ වෙනව කියල.

    Fucking Insane Logic

    මම ඕවට දැන් කතාකරන්න යන්නේ නෑ, අන්තිමට ඕව කතාකරපු මිනිස්සු තමයි වැරදිකරයෝ වෙන්නේ.
    ළමයා පන්තියේ වොරී මොන්ස්ටර්ට ලිව්වොත් මහ උන්ට බඩුම තමයි.
    එහෙම වෙලා කෙලවුන පවුලුත් දන්නවා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    පුදුමයි බන්දලා දුන්න එකත්.
    සිරාවට :yes: ඔහොම උන් ගොඩක් කරන්නේ ඒ කෙල්ලව ගෙදර තියන් වැඩකාරියක් වගේ වැඩ ගන්න එක, මගුලක් හොයන්න බලන්නේ නෑ ආවත් ඒක කඩල දානවා, මන් දන්නා එහෙම පවුලක් ඉන්නවා දැන් කෙල්ල නාකි වෙලා ගෙදරම ඉන්නවා.
    ඒ අතින් බැලුවම මුන් ටිකක් හොදයි අඩුම ඒ කෙල්ලට කසාදයක් කරගනන් හරි ඉඩ දීල :yes:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මම කාලයක් මාළබේ නෑදෑ ගෙදරක ඉදියා කැම්පස් ගිය අලුත. ඒ ගෙදර පුතයි, දුවයි. උන් දෙන්නම මට අයිය / අක්ක.

    මම සෑහෙන දැකපු එකක් තමයි, උන්ගේ අම්මා, ඒ අක්කා එක්ක පට්ටම වෛරෙකින් වගේ ඉන්නේ.

    උදේ නැගිට්ට ගමන් ඒ ඇන්ටි ගිහින් අයියගේ ඔලුව අතගාල ඌට තේ එකකුත් හදල දීල එනවා. අර අක්කට එහෙම නෑ. ඒකි නැගිට්ට ගමන් බැනුන් අහන එක තමයි කරන්නේ. අතු ගාපන්, වළං හෝදපන්. වැඩට මිනිස්සු ගන්න බැරි දුප්පත් පවුලකුත් නෙමේ.

    මම දවසක් දෙකක් බැලුවා, ඒකිට දෙන වැඩ ඔක්කොම කරල අතු පතු ගාල ඔක්කොම කරල තිබ්බත් Random මොකක් හරි අල්ලගෙන බනිනවා. ඒ අක්කට ආදරෙන් කතා කරනව ඇහිල නෑ මම ඉදපු අවුරුදු 2කටම.

    මම ඒ අක්කට Lap එකේ වැඩ වලට එහෙම එක දෙද්දී ඒ ඇන්ටි ඒකිට බනිනවා, මල්ලිට වැඩ කරගන්න දීපන් කියලා.

    ඒ අක්කා බැඳල ගියා ඊයේ. ඒකි යද්දී ගෙදර උන් දිහා බලල ඇඬුවෙවත් නෑ. පට්ට සතුටෙන් ඉදියේ. සාධාරණයි නේ බං.

    ඕවගේ අම්බානක සිද්ධි තියනවා. උබලටත් අත්දැකීම් තියනවද එකෙක්ට එක විදිහක් තව එකෙක්ට තව විදිහස් සලකන විදිහ ගැන?
    කොහොමත් පවුලක අම්මා ලැදි පුතාට, දුවට ලැදි තාත්තා.
    සමහරක් අම්මලා ඉන්නවා කෙල්ලට ඔය කාලේ ටිකක් දරුණුවට ඉන්නවා ගෙදර දොරේ වැඩපල උගනන්න. හුරතල් කරාම කිසිම වැඩක් කරන්නේ නැති නිසා.

    අපි දන්න ෆැම්ලි එකක් තියෙනවා කෙල්ලගේ තාත්තා නැති උනා කෙල්ල පොඩි කාලෙම. අම්මා එක්ක හැදුනේ. අම්මා කෙල්ලව හුරතල් කරලා හැදුවේ. කැම්පස් තෙරුනාම අම්මා කෙල්ලත් එක්ක බොඩිමේ නතර උනා, අවුරුදු 4ම අම්මා ඔක්කොම වැඩපල කරලා දුන්නේ. ඒ කෙල්ල කැම්පස් එකෙන්ම කොල්ලෙක් එක්ක යාලු වෙලා අවුට් උන ගමන් බැන්දුවා. කෙල්ල අනුරාධපුර ,බැදලා ගියේ ගාල්ලට. උන්ගේ වෙඩින් එක දවසෙම ඒ ඇන්ටි කිව්වා කෙල්ලට ගෙදරදොරේ කිසිම වැඩක් බැ. උයන්නවත් දන්නේ නැ මාසයක්වත් හිටියොත් පුදුමයි කියලා. ඒ ඇන්ටි කිව්වා වගේම කෙල්ල මාසෙන් ගෙදර ආවා ඩිවොස් වෙන්න ඔනි කියලා. පස්සේ පවුල් දේකේ වැඩිහිටියෝ කතා කරලා කොල්ලව කෙල්ලගේ ගෙදර නවත්තන්න එකග කරගත්තා. දැන් නම් උන් ඉන්නවා ශෙප් එකේ. එත් ඔක්කොම වැඩ කරන්නේ කෙල්ලගේ අම්මා තාම.
     
    • Haha
    Reactions: planner123

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    සමහර වෙලාවට ළමයින්ව අහම්බෙන් හමාව වුණාම ඔහොම සින් වෙනවා ඇති බන්. මම දන්න පවුලක් ඉන්නවා. ළමයාව නැති කරන්න ගියා. හැබැයි ළමයා ලැබුණා. අරකිට වැඩට යන්න බැරුව ගෙදර නවතින්න වුණා.

    එකී පොඩි ඒකිගෙන් පලී ගත්තා වගේ. මෙච්චර දරුණු නැහැ. ලොකු. පුතාට ලැබෙන සැලකිලි වලින් බාගයක් වගේ තමයි. දෙවැනි එකිට ලැබෙන්නේ. ගෑනුන් ගේ ඕක වෙනවා බන්. සමහර මෝඩ ගෑනු ලස්සනට. සමහර අයට සැලකිලි. ආදරේ වැඩි වගේ ඒවා එනවා.