අම්මා තාත්තා කියන්නෙ ගෙදර තියෙන කුසල් නිදිය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අම්මා තාත්තා කියන්නෙ
    ගෙදර තියෙන කුසල් නිදිය..❤️

    බොහෝ දෙනා පින් කරන්න කිලෝමීටර් ගනන් දුර ගෙවාගෙන සල්ලි වියදම් කරන් ගියත් ගොඩක් දෙනෙක්ට අමතක උන දෙයක් තියෙනවා..
    ඒ තමන් ලගම තියෙන මහා විශාල වූ කුසල් නිදිය. එ වෙන මොකුත් නෙමේ හැදු වැඩූ
    අම්මා සහ තාත්තා.
    අප භාග්‍යවතුන් වහන්සේ පවා මංගල සූත්‍රයේ පවා සදහන් කර ඇති කරුණක් මවට පියාට උපස්ථානය කිරීම..භාග්‍යවතුන් වහන්සේ අම්මා තාත්තාව සමාන කර ඇත්තේ බ්‍රහ්මයන් ලෙසට.
    බුදු කෙනෙකුන්ට පවා බුද්ධත්වයට බෝධි සත්ව අවදියේදී පලමුව විවරණ ලැබුනේ මවගෙනි..
    ඒ තරන් මහා විශාල ආශිර්වාදයක් ඇති මවත් පියත් කියන්නේ අපට සසර නිමා කරන්නට ලබුබාවූ මහා විශාල ආශිර්වාදයන්..
    ඉදින් එකී ආශිර්වාදයන් තුලින් භවය දිනන්නටද සසර නිවෙන්නටද දක්ශ වෙන්න..
    මවගේ පියාගේ පාද මත නලල තියා වන්දනා කරන්න එකි වන්දනාව තුලින් ඔබට ලැබෙන ආශිර්වාදය ඔබව දිනවනවා මෙන්න
    නිවනවාද ඇතී...❤️❤️❤️

    ඉදින් සිතන්නට..

    "Freedom Mind"
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දෙමවූපියන්ට සලකන්න ඕනේ ඒ ..මොන මගුල් පිනක් වත් නිවන් යන්නවත් නෙමේ එක වගකීමක් නිසා ..උබල මම හැමඑකාම මේ ලෝකෙට එන්නේ අම්ම තත්තා ගේ අර ක්‍රියාවේ ප්‍රතිපලයක් හැටියට ..ඒ එයාලට ඕන නිසා ඒ හින්ද ඕක වැඩිය උත්කර්ෂයට නගන්න ඕනේ නැ ..දෙමාපියන්ට සලකන්න මොකද එයාලාගේ ඕනෑකමට අපි හැදුව වගේම ..අපිට හොදට තැනකට එනකල් අරන් ආවට ..උබල අර මේකේ ඉන්ද්‍රජිත් /ගෝඩ් වගේනම අම්මට තාත්තට සලකන්න ඕනේ නැ මොකද උන්ගේ අම්මල තාත්තල උන්ව හරි විදිහට ගයිඩ්කරලා නැ ජීවීතේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් තාත්තනෙ
    කරේ තියාගෙන ජීවිතකාලෙම සැලකුවත් නය ගෙවන්න බෑ කියල කියන්නෙ.
    කුකුල් චමින්දගේ වයිෆ් / කෙල්ලගෙ අම්ම එතන හිටියනෙ උඩ බලාගෙන නොදැක්ක වගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,814
    167,468
    113
    එකමත් එක රටක
    වයසක අම්මා තාත්ත බලාගන්න එකද වැඩියෙන් හොද ,
    නැත්නම් අම්ම තාත්තට ඕන දෙයක් කරගන්න කියලා දාල ගිහින් මහන වෙන එක ද ? :unsure:
     
    • Haha
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    වයසක අම්මා තාත්ත බලාගන්න එකද වැඩියෙන් හොද ,
    ඒක හොඳ දෙයක්
    නැත්නම් අම්ම තාත්තට ඕන දෙයක් කරගන්න කියලා දාල ගිහින් මහන වෙන එක ද ? :unsure:
    දෙමව්පියන්ව බලාගන්න කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ.

    දෙමව්පියන්ව බලාගන්න කෙනෙක් නැති හින්දා මහණ වෙන්න යන්නැති අය ඕනෙ තරම් ඉන්නවා.

    උඹට තියෙන්නෙ නම් වෙන ඇරියස් එකක්. 🤷
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,814
    167,468
    113
    එකමත් එක රටක
    ඒකත් හොඳ දෙයක්

    දෙමව්පියන්ව බලාගන්න කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ.

    දෙමව්පියන්ව බලාගන්න කෙනෙක් නැති හින්දා මහණ වෙන්න යන්නැති අය ඕනෙ තරම් ඉන්නවා.

    උඹට තියෙන්නෙ නම් වෙන ඇරියස් එකක්. 🤷
    ඇරියස් පැත්තකින් තියල උත්තරයක් දීපං කෝ .

    පන්සලේ මහන වෙන හරි පල්ලියේ ෆාදර් කෙනෙක් වෙන එක හරි ගනින් කෝ එහෙනම් .
    නැත්නම් කෝවිලක පුසාරි වෙනවා කියලා ගනිං .
     
    • Haha
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඇරියස් පැත්තකින් තියල උත්තරයක් දීපං කෝ .

    පන්සලේ මහන වෙන හරි පල්ලියේ ෆාදර් කෙනෙක් වෙන එක හරි ගනින් කෝ එහෙනම් .
    නැත්නම් කෝවිලක පුසාරි වෙනවා කියලා ගනිං .
    උත්තරේ දීලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    අම්මා තාත්තා කියන්නෙ
    ගෙදර තියෙන කුසල් නිදිය..❤️

    බොහෝ දෙනා පින් කරන්න කිලෝමීටර් ගනන් දුර ගෙවාගෙන සල්ලි වියදම් කරන් ගියත් ගොඩක් දෙනෙක්ට අමතක උන දෙයක් තියෙනවා..
    ඒ තමන් ලගම තියෙන මහා විශාල වූ කුසල් නිදිය. එ වෙන මොකුත් නෙමේ හැදු වැඩූ
    අම්මා සහ තාත්තා.
    අප භාග්‍යවතුන් වහන්සේ පවා මංගල සූත්‍රයේ පවා සදහන් කර ඇති කරුණක් මවට පියාට උපස්ථානය කිරීම..භාග්‍යවතුන් වහන්සේ අම්මා තාත්තාව සමාන කර ඇත්තේ බ්‍රහ්මයන් ලෙසට.
    බුදු කෙනෙකුන්ට පවා බුද්ධත්වයට බෝධි සත්ව අවදියේදී පලමුව විවරණ ලැබුනේ මවගෙනි..
    ඒ තරන් මහා විශාල ආශිර්වාදයක් ඇති මවත් පියත් කියන්නේ අපට සසර නිමා කරන්නට ලබුබාවූ මහා විශාල ආශිර්වාදයන්..
    ඉදින් එකී ආශිර්වාදයන් තුලින් භවය දිනන්නටද සසර නිවෙන්නටද දක්ශ වෙන්න..
    මවගේ පියාගේ පාද මත නලල තියා වන්දනා කරන්න එකි වන්දනාව තුලින් ඔබට ලැබෙන ආශිර්වාදය ඔබව දිනවනවා මෙන්න
    නිවනවාද ඇතී...❤️❤️❤️

    ඉදින් සිතන්නට..

    "Freedom Mind"
    Chatgpt eken ne gahuwe? Hora gediya
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මොකද්ද වැඩියෙන් හොද ?
    මහණකම හරියට කරන්න පුලුවන් කෙනෙකුටද? නැත්තං වෙන අරමුණකින් මහණ වෙන කෙනෙකුටද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇරියස් පැත්තකින් තියල උත්තරයක් දීපං කෝ .

    පන්සලේ මහන වෙන හරි පල්ලියේ ෆාදර් කෙනෙක් වෙන එක හරි ගනින් කෝ එහෙනම් .
    නැත්නම් කෝවිලක පුසාරි වෙනවා කියලා ගනිං .

    "හොද"/ "නරක" මොකක්ද?

    ආගමික මත පැත්තකට දැම්මොත්,

    fireix කිව්වා වගේ,
    උබල මම හැමඑකාම මේ ලෝකෙට එන්නේ අම්ම තත්තා ගේ අර ක්‍රියාවේ ප්‍රතිපලයක් හැටියට ..ඒ එයාලට ඕන නිසා ඒ හින්ද ඕක වැඩිය උත්කර්ෂයට නගන්න ඕනේ නැ ..දෙමාපියන්ට සලකන්න මොකද එයාලාගේ ඕනෑකමට අපි හැදුව වගේම ..අපිට හොදට තැනකට එනකල් අරන් ආවට ..

    මෙහෙම හිතන කෙනෙක්, මේ නිසා අම්මට තාත්තට සලකන්න පුලුවන්

    plus, පොඩි කාලේ ඉදන් දෙමව්පියන්ගෙන් ඇබියුස් වුන කෙනෙක් දෙමව්පියන්ට සලකනවා වෙනුවට, එයාලා ගැන වෙරයක් ඇති කර ගන්න පුලුවන්

    ආගමික දෘස්ටින වල ඉන්න අය,

    asliyanage අන්කල් මේක පොතක තිබ්බ නිසා හෝ බනක අහපු නිසා අම්මට තාත්තට සලකන්න පෙලබෙන්න පුලුවන්

    plus, thadipollencepadenawa
    කරේ තියාගෙන ජීවිතකාලෙම සැලකුවත් නය ගෙවන්න බෑ කියල කියන්නෙ.

    මේක ආගමික ග්‍රන්ථයකින් කියවලා හෝ බනක අහලා දෙමව්පියන්ට සලකන්න පුලුවන්

    බුධිසම් වලින්,
    මේ incident 4 න් ආගමික දෘස්ටීන්වල ඉන්න දෙන්නා ගත්තොත්,
    පොතක තියෙන දෙයක් පෙනෙන අවස්ථාවේ හෝ බනක් ඇහෙන අවස්ථාවේ, බාහිර අරමුනු සමග ඒ මොහොතේදී තේරුම් ටිකක් අයෝනිසෝ මනසිකාරයෙන් සකස් කර ගෑනීමේ ත්‍රියාවලිය ගෝචර වුනේ නැහැ. අහන් හිටියේ හෝ බලන් හිටියේ අයෝනිසෝ මනසිකාරයෙන් සහ පෘථක්ජන නිසා සම්මා දිට්ටිය නැහැ. ඒ නිසා කියවපු අහපු/ පෙනුන දේවල් තේරුම් ගත්තා සහ ඒ තේරුම් ගත්ත දේවල් වලට අනුව මිත්යා දිට්ට සකස් කර ගත්තා

    අනිත් දෙන්නා පොදුවේ ගත්තොත්,

    "දෙමව්පියෝ නිසා ඉපදුනා"
    ඉපදෙනවා කියන්නේ, සම්මුතියක්. සරලව, තේරුම් ගන්න පුලුවන් වයසක් ඇතුලෙදි "අහල" දැනගත්ත දෙයක් හෝ "දැකලා" දැනගත්ත දෙයක්. ඉපදිච්ච ගමන් කලුවර කාමරේක දාලා හිරකරන් ඉන්න එකෙක්ට "ඉපදෙනවා" කියලා දෙයක් නැහැ. ඒක පෙනීම සහ ඇසීම තුල ඒ ඒ අවස්මොථාවල බාහිර අරමුනු සමග සකස් කර ගත්ත ඔයාලාගේ දෘස්ටීන්.

    "දෙමව්පියෝ වැඩුවා, කන්න දුන්නා.. හරි මාර්ගයක යොමු කරා"
    හෝ
    "දෙමව්පියෝ පොඩි කාලෙදි ඇබියුස් කරලා ජීවිතේ විනාස කරා"
    මෙතනත්, දෙමව්පියෝ කරපු ඔක්කොම බාහිර අරමුනු සමග අයෝනිසො මනසිකාරයෙන් සකස් කර ගත්ත දේවල්. ඒ නිසා "දෙහව්පියෝ", "සැප හෝ දුක වින්දනයන්" "සැප හෝ දුක වින්දනයන් විදපු කෙනෙකුත්" ඉන්නවා.

    මේ 4 දිම, පෘථක්ජන කෙනෙක්, බාහිර ලෝකය සත්ය කරගත් මිත්යා දෘස්ටිය පවතින්නේ සහ 4 න් එකක්වත් එකිනෙකට එකකින් ශ්‍රේෂ්ට වෙන්නෙත් නැහැ මොකද "දෙමව්පියෝ" කියන වචනේ ඇහෙද්දිම එක එක අයගේ අත්දැනීම් සහ දෘස්ටීන් අනුව ඇති වෙන ඉමේජස් වෙනස් සහ ඒ ඒ අය ඒවට සාපේකසව තමයි දෙමව්පියන්ට දෙන්න ඕනේ වටිනාකම තීරනය වෙන්නේ නැතුව මෙතන කිසිම ඔබ්ජෙක්ටිව් මෙසර්මන්ට් එකක් නැහැ. කෙනෙක්ට තමන් ඉපදුව එක වටිනම දේ වෙද්දි, පොඩි කාලේ පාරේ දාලා ගියපු කෙනෙක්ට හෝ ක්‍රොනික් පේන් එකකින් 24/7 ඉන්න කෙනෙක්ට මහා කරුමයක් වෙන්න පුලුවන්. ඒ ඒ අය එක එක තර්ක වලින් "ඒත් මේක තමයි හරිම එක" කියලා ජස්ටිෆයි කරන්න ආවත් අල්ටිමේට් ටෘත් එකක් එතන නැහැ.

    මේ 4 න් එකක්වත් "හරි" හෝ "වැරදි"/ "හොද හෝ "නරක" කියලා ගන්නත් බැහැ. (පෙනීම තුල ඇතිවෙන බාහිර අරමුනු වලින් වර්තමාන මොහොත තුල බාහිර ලෝකය සකස් වන බව අවබෝධ වුනොත්)
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    වයසක අම්මා තාත්ත බලාගන්න එකද වැඩියෙන් හොද ,
    නැත්නම් අම්ම තාත්තට ඕන දෙයක් කරගන්න කියලා දාල ගිහින් මහන වෙන එක ද ? :unsure:
    siwurak dan kaka bibi hitiyata nam wadak na..umbata mahana wela sowan palayata wath enna puluwan unoth eka loku achievement ekak habai ithin hakiyawa thibedith ammalata nosalaka marenna areema gana hithuwoth pawakuth sidda wei..
    Hama dema plus minus thiyenawa...

    Oke balance eka thama demawpiyanta salakamin sowahan margaye yaama..
     
    Last edited: