අම්මා යන අරැත නොදත් ගැහැනිය [සැහැසි මව]
මවක් තම මාස 10ක් වයසැති බිලිදු දියණියට නොනවත්වා අතින් පයින් පහර දෙන අන්දම ඇතුලත් විණාඩි 4ක් පුරා දිවෙන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක් වූ අතර එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කලේය.
ඇදක් මත සිටින බිලිදියට කොට්ටයකින් පහර පිට පහර එල්ල කරන ඇය පා පහර කිහිපයක්ද බිලිදියට එල්ල කරන අතර තවත් විටෙක් බිලිදියගේ ශරීරය කොනිත්තයි.
කෙසේ නමුත් වාර්තා වන අන්දමට මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ පසුගිය වසරේ(2011) මැයි මස වන අතර මෙම සිද්ධියට සම්බන්ධ මැලේසියානු ජාතික මව මේ වන විටත් මාස 18ක සිර දඩුවමකට යටත් වී සිටින්නීය.
මෙම සිද්ධිය සිදු වන විට මෙම මවගේ වයස අවුරුදු 18ක් වන අතර ඇය අවිවාහක තැනැත්තියකි.මෙම සිදුවීම වීඩියෝ ගත කර ඇත්තේ මවගේ මිතුරියකි.සැකකාර මව තම දරුවාට අමානුෂික ලෙස පහර දෙන අන්දම මීට පෙරද දැක ඇති මෙම මිතුරිය එදින මෙම සිදුවීම වීඩියෝ ගත කර එදිනම එය පොලීසියට ලබා දී ඇත.එහි ප්‍රථිඵලයක් ලෙස එම සැකකාර කාන්තාව සිරභාරයට ගෙන ඇති අතර ළමා අපයෝජන චෝදනා යටතේ ඇයව මාස 18ක සිර දඩුවමකට යටත් කර ඇත.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් වසරකට පසුව එම වීඩියෝව අන්තර්ජාලයට එක් වී මේ වන විට ලොව පුරා මහත් ආන් දෝලනයක් ඇති කර ඇති අතර මැලේසියානු පොලීසිය මේ වන විට මෙම වීඩියෝව අන්තර්ජාලයට එක් වූ ආකාරය පිලිබදව පරීක්‍ෂන පවත්වන බවට වාර්තා වේ.
කුඩා බිලිදිය මේ වන විට වෙනත් යුවලක් විසින් හදාවඩා ගන්නා අතර ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් වාර්තා වේ.
උපුටාගැනීම කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය..