අම්මා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    අම්මා,කොතරම් සුන්දර වචනයක්ද? ඇයි අපි අම්මට මෙතරම් ආදරේ? අපි ඉපදුනාට පස්සේ කියන මුල්ම වචනයත් අම්මා.මගේ ජීවිතයේ නම් සමීපතම චරිතය තමයි අම්මා.

    අම්මා කියන්නේ පුදුම හිතෙන චරිතයක්,අපි සතුටු වෙනකොට හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්නත්, අපි දුක් වෙනකොට හදවතින්ම අපිත් එක්ක දුක්වෙන්නත් පුලුවන්.ඒ තරම්පුදුම බැදිමක් අම්මා තමන්ගේ දරුවො එක්ක තියෙනවා..






    'ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි.
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත..'



    ඔයාලත් ඔයාලගෙ ආසම අම්මා ගැන සින්දු හෝ video දාන්න lyrics එක්කම....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ලඳ
    අම්මා.....අම්මා.....

    දෙසවන් සනහා මා නැලවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිපගන්නට ඔබ මා ලඟ නැත
    අම්මා....අම්මා.....

    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිපගන්නට ඔබ මා ලඟ නැත
    අම්මා....අම්මා.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Mother-and-Boy-Saying.jpg