අම්මා...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,654
    943
    113
    Australia
    අම්මා...

    හෙට මව්වරුන්ගේ දිනයයි. ලාංකික පවුල් සබැඳියාවක් තියෙන අපිට වසරේ සෑමදිනයක්ම මව්වරුන්ගේ දිනයක් වූවත්, ලෝකවාසීන් සමරන මේ දිනයේද අපිට කිසියම් විශේෂයක් තියෙනවා. මෙවර මට එය තදින්ම දැනෙන්නේ මගේ මව මෙලොවින් සමුගත් පසු එළැඹෙන පළමුවන මව් වරුන්ගේ දිනය මෙය වන නිසාය.

    මේ අඩවියේ දැන් බොහෝ 'අසහන ත්‍රෙඩ්' පල වෙනවා. ඒ කියන්නෙ කිසිම ආදරයක් බැඳීමක් නොමැතිව වේශ්යාවන් සහ අවශේෂ ගැහැණු ළමුන් කාමර වලට ගෙන ගොස් යෙදෙන ක්‍රියාවන් පිළිබඳව ඇත්තට සිදුවෙනවාට වඩා සිතේ මනෝ ලෝකවල මවාගත් සිද්ධීන් මේ ත්‍රෙඩ්වල තියනවා. ඒ නිසා අපි කාගෙ කාගේත් සිත් ආදරයෙන් පිරෙන්න, සැහල්ලුවක් ඇතිවෙන්න අපි අම්මා නම් ඒ උත්තරීතර මාතාවගෙන් අපිට ඇත්තටම දැනුන ආදරය සහ උණුසුම ගැන කතා කරමු.

    මගෙ අදහසේ හැටියට මව් සෙනෙහස කියන්නෙ මේ ලෞකික ලෝකයේ තියෙන උතුම්ම ආදරයයි. එයට සම කරන පුලුවන් සෙනෙහසක් තවත් නෑ. මොනම තත්වයක් ආවත් මව් සෙනෙහස කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.

    මව් සෙනෙහස අපි ඉපදුන දවසෙ ඉඳලා ජීවිතය පුරාවටම අපිට දැනුන දෙයක්. පෞද්ගලිකව මට ඒ සෙනෙහස මගේ මව් ජීවත් වුන කාලය පුරාවටම දැනුනා.
    මගේ අම්ම මෙලොව හැර යන්න ඉස්සෙල්ලා මට ආදරයෙන් කියපු වචන මට අද වගේ මතකයි. එදා සභාවක් මැද්දෙ වුනත් අම්මා මට හාදුවක් දීලා කිව්ව "මේ තමයි මගේ පොඩි පුතා" කියලා. අම්මට එදත් මම අම්මාගෙ පොඩි පුතා වගේ පෙනුනා. මට මේ වචන කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ අපිට අම්මගෙ ආදරය තදින්ම දැනුන අවස්ථාවක් ගැන කතා කරන්න. මම ඉස්සෙල්ලම කියන්නම් මට එහෙම දැනුම අවස්ථාවක්.

    මේක වුනේ මම කැම්පස් එකේ ඉන්න කොට. එක දවසක් කැම්පස් එකේදි මම තව කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා මගේ නහය කැඩිලා ලේ ගැලුවා. මේකට ශල්ය කර්මයක් කරන්න ඕන වුනා. මේ ශල්ය කර්මය කරපු දවසේ රෑ එළිවෙනකන් අම්ම ඉස්පිරිතාලෙ කොරිඩෝර් එකේ බංකුවෙ වාඩි වෙලා හිටියා. නර්ස්ල කිව්ව ගෙදර යන්න කියලා. ඒත් අම්මා ගියේ නෑ. එහෙම ඉන්න උවමනාවක් තිබුනෙත් නෑ. ඒත් අම්මා එහෙම හිටියේ අම්මා කෙනෙක්ගෙ තියෙන ආදරය හින්දා. එදා මම අවුරුදු 22 ක කොල්ලෙක් වුනත් අම්මට මාව පොඩි පුතෙක් වුනා.

    මම ගොඩක් පුංචි කාලෙ මට ඇදුම තිබුනා. සමහර දවස්වල රෑට මේ ඇදුම වැඩි වෙනවා. ඒ දවස්වල රෑ අම්මා මගේ ඇඳ ළඟ නිදා ගන්නෙ නැතුව මාව බලා ගත්තා. අම්මා බය වෙලා තියෙනවා හුස්ම ගන්න බැරුව මට කරදරයක් වෙයි කියලා

    දැන් ඔයගොල්ලොත් කියන්න බලන්න අම්මාගෙ ආදරය ඔයාලට තදින්ම දැනුන අවස්ථවක් ගැන. අපි මේ මව් වරුන්ගේ දිනයේ ඒ උතුම් මව් සෙනෙහසේ අගය සහ බලය මේ විදියට බෙදා ගනිමු.

    "මෑණියෙනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
    මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
    ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා
    මෑණියෙනී ඔබෙ දෙපය අසල වඳිමි දණ නමා"


    මා කුඩා කාලයේ අසා තිබූ අසහාය සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මව් ගුණ ගීතයයි මේ.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ape amma hospital idala giya sathiye ekkan awe. apiwa loku mahath karanna wehesa wela hariyata keemak beemak wath nogena ape karadara eyage karadara kiyala hithala weda kale anthimata newathune heart attack ekakin dewiyange pihiten hugaak mahansi wela ammawa beeragaththe.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,654
    943
    113
    Australia
    ape amma hospital idala giya sathiye ekkan awe. apiwa loku mahath karanna wehesa wela hariyata keemak beemak wath nogena ape karadara eyage karadara kiyala hithala weda kale anthimata newathune heart attack ekakin dewiyange pihiten hugaak mahansi wela ammawa beeragaththe.

    මම අම්මට නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කරනවා.
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    9.gif
    9.gif
    9.gif
    9.gif


    BUMP