අම්මේ.
ඔයා තාම මාව දන්නේ නෑ... එත් මම ඔයා ගේ පුංචි පැටියා..
මට තාම සති කිහිපයයි වයස..
මම විස්වාස කරනවා, අම්මා මං ගැන ඉක්මනට දැන ගනීවි....
අම්මට මගේ ගැන ටිකක් කියන්නම්....
මට ලස්සන නිල ඇස් දෙකකුයි දුබුරු පාට කොන්ඩේකුයි තියෙනවා..
මට දැනට නම එව්වා නෑ.. ඒත් මම ඉපදුනාම එහෙම තියේවි..
මම අම්මාගේ එකම දරුවා වේවි..
අම්මත් කියාවි මේ මගේ එකම පුතා කියලා...
ගොඩාක් විට මට තාත්තා ගෙ ආදරේ ලැබෙන එකක් නෑ.
එත් අපි දෙන්නට අපි දෙන්න ඉන්නවා අම්මේ..
මම ලොකු උනාම දොස්තර කෙනෙක් වෙන්න ආසයි..
අම්මේ,,
අද ඔයා මම ගැන දැන ගත්තා නේද?
අම්මේ , ඔය ගොඩක් කලබල උනා නේද?
අම්ම මේ ගැන කාටවත්ම කිව්වේ නෑ නේද??
ඒ ඇයි අම්මේ..
ඒත් අම්මගේ මුනේ හිනාවක් තියෙන්න ඇති ..
ඒ ක මම දන්නවා.
අම්මේ..,
ඔය අද මෙ ගැන තාත්තට කිව්ව නේද??
තාත්තා සතුටු උනේ නෑ නේද අම්මේ...
එයාට තරහ ආවේ ඇයි අම්මෙ...
මට ඇහුන තාත්තා මුදල්, බිල්, කුලී ගැන කතා කරනවා...
ඒත් මට තාම ඒවා තේරෙන්නේ නෑ අම්මේ..
මට තෙරුනේ තාත්තා තරහෙන් කියල විතරයි....
ඊට පස්සෙ උනේ අම්මේ හරි බය හිතෙන දෙයක් අම්මේ..
තාත්තා ඔයාට ගැහුවා නේද අම්මේ...
මට දැනුනා අම්මා පිටි පස්සට විසි වෙනවා..
ඒත් අම්මා අත් දෙකෙන් මම ඉන්න හරිය තුරුලු කරගන්නවා මට දැනුනා අම්මේ..
මට මුකුත් උනේ නෑ අම්මේ.. මම හොදින්...ඒත්
මට ඇහුනා අම්ම අඩනවා..
මම ඒකට ආසම නෑ අම්මේ...
අම්ම අඩනකොට මටත් ඇඩෙනව අම්මේ..
තාත්තා ට දුක හිතිලා අම්ම ගෙන සමාව ඉල්ලුවා නේද...?
ඊට පස්සෙ අම්මව වැලද ගත්ත නේද...?
තාත්තා කිව්ව නේද එයා ඔයාට ආදරෙයි කියලා..
ඒකත් මට ඇහුනා අම්මේ..
ඒත් එහෙනම් ඇයි අම්මේ එයා ඔයාට ගැහුවේ
තාත්තා මට කැමති නැද්ද???
අන්තිමේ අම්මට මාව දැනෙන්න ගත්ත නේද..
අම්ම ගෙ බඩත් ටිකක් ලොකු වෙලා නේද....
ඒ වගේම අම්ම ආඩම්බරෙන් මං ගැන කත කරනව මට ඇහුනා අම්මේ...
අම්මා, ආච්චි එක්ක සාප්පුවට ගිහින් මට උවමනා කරන ඇදුම් එහෙම ගන්නවා මට දැනුනා අම්මේ..
ඒ වගෙම අම්ම එදා ගොඩාක් සතුටෙන් හිටියේ නේද...?
අම්මෙ මම පොරොන්දු වෙනවා මම ලොකු උනාම අම්මව රිදවන්නෙ නෑ.. රිදවන්න දෙන්නෙත් නෑ..
අම්මා මං වෙනුවෙන් සින්දු කියනවා.. මට ඒවා ඇහෙනව අම්මේ..
දන්නව ද.. මම අහල තියෙන ලස්සනම කටහඩ තියෙන්නෙ අම්මට..
අම්මා මාව අල්ලනකොට මට ආරක්ශාවක් දැනෙනවා අම්මේ.. මට බය නෑ අම්ම මාව අල්ලනකොට...
අම්මට මම මුලු හදවතින්ම ආදරෙයි අම්මේ..
මම ලොකු උනාම අම්ම ගොඩාක් ආඩම්බර වේවි අම්මේ..
අද තාත්තා අපිව බලන්න ආවා නේද අම්මේ..
සත්තයි අම්මේ මට බය හිතුනා..
තාත්තා කතා කලේ විහිලුකාරයෙක් වගෙ..
එයාට කිසි දේක බරක් පතලක් තේරෙන්නෙ නැත්තෙ ඇයි අම්මේ..
තාත්තා කිව්ව නේද එයාට අම්මව එපා කියලා...
මම දන්නෙ නෑ අම්මේ ඇයි කියලා..
ඒත් තාත්තා කිව්ව දේවල් සේරම මට ඇහුනා අම්මේ..
එයා අම්මට ආයෙත් ගැහුව නේද අම්මේ..
ඇත්තමයි මට කේන්ති ආවා අම්මේ..
පොරොන්දු වෙන්නම් අම්මේ..
මම ලොකු උනාම අම්මට කාට්වත් ගහන්න දෙන්නෙ නෑ අම්මේ
තාත්තා හරි නරකයි අම්මේ
අම්ම මොනව හිතුවත් මට නම් හිතෙන්නේ තාත්තා නරක මිනිහෙක්...
එයා කිව්වා නේද අපි දෙන්නවම එයාට එපා කියලා..
එයා මට කැමති නෑ අම්මේ
ඇයි අම්මේ තාත්තා මට අකැමති........
අම්මා අද ඔයා මාව අතගෑවෙ නෑ,, ඒ ඇයි අම්මේ..
මොකක් හරි ප්‍රශ්නයක් ද අම්මේ....
තාත්තා ඇවිත් ගිහින් අදට දවස් තුනයි අම්මේ..
තාම අම්ම මට කතා කලේවත් මාව් අඇල්ලුවෙ වත් නෑ අම්මේ..
අම්මා තාම මට ආදරෙයි නේද අම්මෙ..
මට බය හිතෙනවා අම්මේ..
මම අම්මට එදා වගෙම ආදරෙයි අම්මේ
ඒත් මට හිතෙනවා අම්ම ඉන්නෙ දුකෙන් කියල අම්මේ..
මය අම්මව හොදට දැනෙන්නෙ අම්ම නිද ගත්තාම..
අම්මා මට කිති කැවෙන විදිහට ඇල්ලුවා..
මගේ හිතෙ තිබ්බ බය ආයෙ ගියා අම්මේ.
දැන් නම් මට බයක් නෑ...
අම්මෙ මට දැන් සති 21ක්..
අම්මට මම ගැන ආඩම්බරයි නේද...
අම්මේ අපි අද කොහෙ හරි අමුතු තැනකට ගියා නේද අම්මේ
කොහෙ හරි අලුත් තැනකට.......
මට ගොඩාක් බය හිතෙනව අම්මේ
මේක හරියට ඉස්පිරිතාලයක් වගේ එකක් නේද අම්මේ...?
අම්මෙ මට දැනෙනව මොකඛරි වෙන්න යනව වගේ..
අනේ මගෙ අම්මේ මම ඇත්තටම ගොඩා....ක් බය වෙල ඉන්නෙ අම්මෙ..
කියන්න අම්මා. ඔය මට ගොඩාක් ආදරෙයි නේද අම්මේ..
අම්මේ අනේ එයාල මට මොනවද කරනවා අම්මේ..
ඒක මට හරිම වේදනායි අම්මේ.. දරා ගන්න අමාරු තරමට..
මාව බේරගන්න අම්මේ..
මට අම්ම විතරයි කියන්න ඉන්නෙ අම්මේ...
අනේ එයාලව නවත්තන්න අම්මේ...
අනේ මට උදව් කරන්න අම්මේ..
එයාලව නවත්තන්න අම්මේ..... අම්මේ..........
අම්මේ බය වෙන්න එපා..
මම හොදින්,,,
දිව්‍ය ලෝකයේ සුර දුතිකාවන් ලග මම සතිටින් ඉන්නවා...
එයාල මට කිව්ව අම්මා මට කලේ මොකක්ද කියලා..
ඒ වගෙම අම්මෙ එයාල මට කිව්වා ඒකට කියන්නෙ "ගබ්සාව" කියලා..
ඇයි අම්මේ ඔයා මට එහෙම කළේ...?
අම්මා මට තවත් ආදරේ නැති උනාද...?
මගේ අතින් වරදක් උනානම් මට සමා වෙන්න මගෙ අම්මේ...
මම තාමත් ආදරෙයි මගෙ අම්මේ...
මම ඇත්තටම අම්මට ආදරෙයි මගෙ මුලු හදවතින්ම...
ඒත් ඇයි මගෙ අම්මේ අම්මා මට ආදරෙ නැති වුණේ...?
ඇයි එයාලා මට රිදවනකොට අම්ම විරුද්ධ නොවුණේ...?
මට ජීවත් වෙන්න ඕනෙ වුණා අම්මේ...
මේ ලොකෙට එන්න මම ගොඩාක් ආසවෙන් හිටියෙ අම්මේ...
අම්මා මාව පරෙස්සම් කළේ නෑ කියල හිතෙනකොට මට ගොඩාක් හිතට වේදනායි මගෙ අම්මේ...
මම අම්මට ආදරේ කළා මදිද අම්මේ...
මම ආසා කළා අම්මා ලඟට වෙලා ඉන්න...
අම්මගේ අතින් බත් කන්න...
ඒ වගෙම ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙන්න...
මට මෙහෙ ඉන්න බෑ අම්මේ..
මම ආසකලේ අම්ම ගාව ඉන්න.....
අනේ අම්මේ..
මට සමා වෙන්න මගෙ අතින් අම්මට වරදක් උනා නම්....
මම අම්මට තවමත් සුරලොව සිට ආදරෙ කරන අම්මගෙ එකම පුතා...











