මගේ කතාව මුලින්ම කියන්නම්...මම ඉපදිලා මාස 4න් අම්මා මැරි කරන්න කලින් යාලුවෙලා හිටිය කෙනා එක්ක පැනල ගිහින් තියනවා..(මාවත් අරන් ගිහින් තියෙන්නේ) ඊට පස්සේ අම්මා මැරි කරපු කෙනා ඒ කියන්නේ මගේ පියා වෙන කෙනාගෙන් ඩිවෝස් වෙලා තියනවා...මට තේරෙන කාලේ වයස අවුරුදු 4න් වගේ මම තාත්තා කියල කෙනෙක්ව දන්නේ අම්මා පැනල ආපු කෙනාව..ඇත්තටම මම අදටත් තාත්තේ කියල කතා කරන්නේ මගේ පැත්තෙන් කිසිම වෙනසක් නෑ..***කවදාවත් මේ මගේ තාත්තා නෙමෙයි කියන එක දැනිල නෑ.. පස්සේ අම්මට තව මල්ලිලා දෙන්නෙක් ලැබෙනවා එයාලටත් මගෙන් කිසි වෙනසක් නෑ එයාලගෙනුත් කිසිම වෙනසක් නෑ..අපි සහෝදරයෝ වගේ පොඩිකාලේ හිටියා..අම්මගේ දෙවනියට මැරි කරපු කෙනා දුප්පත් කෙනෙක් එදා වේල හොයාගන්න ඉන්න හිටින්න තැනක්වත් නැති කෙනෙක්..මට වයස අවුරුදු 6ක් විතර වෙද්දී තමයි පොඩියට ගෙයක් දොරක් හදා ගත්තේ...ඒ උනාට අම්මගේ පලමු සැමියා ඒ කියන්නේ මගේ පියා කියන කෙනාට එයාගේ දෙමව්පියන්ගෙන් ලැබුනු ගෙවල් දොරවල් වගේ වටින ජොබ් එකක් පවා තියනවා..එයා ඒ දේවල් වලින් දියුනු වෙලා ජොබ් එකෙනුත් අයින් වෙලා (වයස 35න් වගේ) ඉන්කම් හදාගෙන පැත්තකට වෙලා ඉන්නවා දැන් වයස 56යි. එයාත් මැරි කරල එයාගේ ලමයිත් දැන් ලොකුයි එයාලත් මැරි කරල ඉන්නේ..අම්මට මල්ලිල ලැබුනට පස්සේ ආර්ථික ප්‍රශ්න එද් දී මාව ඒ තාත්තා ලගට යවනවා වියදමට සල්ලී ගන්න ඉස්කෝලෙ වැඩ වලට එයත් අවුරුද්දටම පොඩි ගානක් දෙනවා දෙසැම්බර් මාසෙදී වගේ..මමත් ඒ හෙදර යනවා ඉස්කෝලේ නිවාඩු කාලෙට...මම ඉස්කෝලේ ඉවර ගර්ල් කෙනෙක් එක්ක යාලුවෙලා එයයි මමයි රටකටඇවිත් දැන් පදිංචි වෙලා ඉන්නේ..ඒත් මට තියන ප්‍රශ්නේ අර ෆැමිලි දෙකෙන්ම දැන් මට දෙන අවදානය නැති වෙලා තියෙන්නෙ..එයාලට මාව ඕන සල්ලි වලට සහ මලිලිලගේ මොනාට හරි සල්ලි ඕන උනොත් විතරයි...අම්මා තාත්තා උනත් හිතන්නේ එයාල හදාගත්ත ෆැමිලි එක සහ ඒ දරුවන් ගැන විතරයි..මට ලංකාව අතහරින්න බැහැ..මම කදාහරි දවසක ඉන්නම ලංකාවට එන්න හිතන් ඉන්නේ..ඒත් ඒදේවල් වලට මට ලංකාවේ ඉන්න මගේම කෙනෙක්ගෙන් උදව් ඕන..ඒත් එහෙම උදව් කරන්න තියා එයාල මම එනවට වත් කැමති නෑ...මම කලින් පාර ලංකාවට ගිහින් එයාපෝර්ට් එකට ආපු අම්මගෙන් හැව්වා අම්මේ මට ගෙදර යන්න ඕන..ඕනා නෑ පුතා ඔයා පස්සේ එන්න එහෙම කිව්වා පස්සෙ මම වය්ෆ් ගේ ගෙදර ගියේ..ඒ අම්ම එක්ක දැන් ඉන්නේ පොඩි මල්ලි සහ එයාහේ වය්ෆ්..එයාල මං එක්ක කතා කරන් නැහැ මම එයාලට සල්ලි වලින් උදව් කරන් නැති නිසා..මල්ලි ජොබ් කරන් නෑ අම්මලගෙන් කකා ඉන්නේ..මගේ වය්ෆ් උනත් අම්මට උදව් කරන්න කැමති නෑ එතන මල්ලිලා ඉන්න නිසා..මට මේකට මොකද කරන්නේ කියල හිතා ගන්න බැහැ..ලංකාව අමතක කරන්න පුලුවන්නම් මේ හැම කෙනාවම අමතක කරල මෙහෙ ගෙවන ජීවිතය ගෙවනවා..
Last edited:
