අම්මෝ එළවළු ගණන් බං

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ලොකුලූනු, අර්තාපල්, පොල්, තක්කාලි හා මාළු මිරිස්, බෝංචි, ලීක්ස්, කැරට්, පතෝල ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල විශාල ලෙස ඉහළ යෑම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවලට ලක්ව සිටිති. ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 320 - 400 දක්වා ඉහළ ගොස් තිබෙන අතර,


    දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 420 - 500 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම තක්කාලි කිලෝවක මිල රුපියල් 440 -500 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත. මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ.

    එසේම කරවිල කිලෝවක සිල්ලර මිල රුපියල් 450 දක්වාත් කැරට්, බෝංචි, ලීක්ස් කිලෝවක මිල රුපියල් 420 - 480 දක්වාත් ඉහළ මිලක් ගෙන තිබෙන අතර, පතෝල, මෑකරල්, නෝකෝල් කිලෝවක මිල රුපියල් 300 - 450 අතර මිලක් ගෙන ඇත. මේ පිළිබඳ සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් විමසීමක් කළේය. එහිදී ජාතික සංවිධායකවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට දෛනිකව එළවළු තොග ලැබීම සිදුවන්නේ, 30% - 35% අතර ප්‍රමාණයක් නිසා ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදීමට නොහැකි වී ඇති බවයි. පසුගිය දිනවල ඇති වූ වැසි තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවල වගා භූමි විනාශ වී යාම හා වගාවලට විවිධ දිලීර රෝග ඇති වී තිබීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති කිහිපයේදීත් මෙම තත්ත්වය පැවතිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර පොන්න කාදිනල් බැල්ලිගෙ පුතා එහෙම් නැද්ද දැන් ගනන් වැඩියි කියන්ඩ..
     
    • Haha
    Reactions: Micheal Corleon