අම්මෝ ඒ කකුල් දෙක ......

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    319860451_1087050129164629_5940601033784109124_n.jpg

    අම්මෝ ඒ කකුල් දෙක ......

    මේ ළඟදි දවසක මට ආවා දුරකථන ඇමතුමක් එයාගෙ පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා business development report එකක් හදාගන්න ඕනේ කියලා. දුරකථනයෙන් යම්කිසි තොරතුරු වගයක් කතා කරලා මාව හම්බ වෙලා ඉතුරු තොරතුරු සහ ඊට අවශ්‍ය ය ලියකියවිලි මගෙත් එක්ක හුවමාරු කරගන්න සහ අදාල Agreement එක අපි දෙන්නා අතර එකඟතාවයකින් යුතුව අත්සන් කර ගන්න ආවා. මේ සාකච්ඡාව තිබුණේ එක්තරා සුපිරි හෝටලයක සහ ඊට යාබදව ඉදි වූ නිවාස සංකීර්ණයක lobby එකේ. ඒ සාකච්ඡාව බොහොම සාර්ථක ඉංග්‍රීසි භාෂාවෙන් වෙච්ච සාකච්ඡාවක් වුණා. මේ මනුස්සයා මාව හම්බවෙන්න එදා වෙනම නුවර ඉඳලා ඇවිල්ල තිබුනේ. කියපු තොරතුරු අනුව පදිංචිය නුවර. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ විවාහය නුවරින් කරගෙන එහි පදිංචි වෙච්ච මනුස්සයෙක්. නමුත් දැනට ලංකාවේ අති සුප්‍රසිද්ධ සමාගමක CEO විදිහට වැඩ කරනවා. ඒ මනුස්සයා ඉතාම හොඳ gentleman කියන්න පුළුවන් විදිහ මනුස්සයෙක්. මම මගේ ඒ පාරිභෝගිකයා එනකං වෙනදා වගේම කලින් ඇවිල්ලා විනාඩි තිහක් විතර එතන රැඳිලා ඉන්න ගමන් තේ බීලා බොහොම ලෑස්ති පිට හිටියෙ. මට අවශ්‍ය දෙයක් ඇණවුම් කරන්න කිවුවහම මම ඉල්ලුවේ උණු වතුර වීදුරු කිහිපයක් විතරයි. පැය දෙක හමාරකට පස්සේ හවස හයත් හතත් අතර අපේ සාකච්ඡාව ඉවර වුණා. ඊට පස්සේ යන්න ලෑස්ති වෙලා මට අතට අත දීලා නැවත මේ මනුස්සයා මගේ පැත්තට හැරිලා යන ගමන නවත්තලා හිටපු පුටුවෙන්ම ඉදගත්තා. ඊට පස්සේ මගෙන් මෙන්න මෙහෙම ඇහුවා .....
    "Ransi මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා...... ඔයා එක්තරා මහත ළමෙක් උනාට ඔයාගේ මූණ වගේම අත් දෙකයි කකුල් දෙකයි උනත් හරිම ලස්සනයි...... මම කියන්නේ හරිම පිළිවෙලට ලස්සනට තියෙනවා .....
    මම වැරදි දෙයක් හිතලා කිව්වා නෙමෙයි ඔයාට වඩා අවුරුදු 10 ක් බාල දුවෙක් මටත් ඉන්නවා......."
    මම දැන් කට ඇරගෙන අර මනුස්සයා දිහා බලාගෙන ඉන්නවා .... යන්න ගිය මනුස්සයා ආපහු හැරිලා ඇයි මෙහෙම කිව්වේ කියලා ..... දැන් මේ මනුස්ස‍යා යන ගමන නවත්තලා ආපහු ඉඳගෙන මගෙත් එක්ක කතා කරන්න ඕනේ කියලා කියනවා ..... මගේ සාකච්ඡාව ඉවර උනාට ටිකක් රෑවෙන්න ඇවිල්ල තිබුනට මට පොඩි ඊමේල් වගයක් යවන්න තිබිච්ච හින්දා මම ගෙදර යන කලබලයක හිටියේ නැහැ ...... නමුත් මම බොහොම සාවධානව ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දුන්නා .......
    ඔව් Mr. Hettiarachchi කමක් නෑ කතා කරන්න පුළුවන් කියන්න.......
    "මම කසාද බැඳලා ඉන්නෙ වෘත්තීයෙන් නීතිඥවරියක්. අපිට දුවලා තුන් දෙනෙක් ඉන්නවා . ලොකු දෙන්නම හැදෙන්නේ අම්මා වගේ . බාල දුව නම් තනිකරම හැඩරුව ඉඳලා මං වගේම තමා. අපිට ලොකු දරුවො හිටියට අපිට බොහොම ආදරණීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම මගේ වයිෆ්ට හැම වෙලාවෙම කියනවා ටිකක් ලස්සනට පිරිසිදුව ජීවත් වෙන්න කියලා. එයාව ලඟට ගත්තහම එයාගේ යටි පතුල් පැලිලා ඒවා කටු වගේ මගේ ඇගේ ඇනෙනවා. මම මාසෙකට හම්බ කරනවා වගේ තුන් ගුණයකට වඩා මගේ වයිෆ් හම්බ කරනවා. සල්ලි ඉතුරු කරන්න ඕනේ..... දරුවන් වෙනුවෙන් යුතුකම් කරන්න ඕනේ. ඒත් සල්ලි අඩුපාඩුවක් තියෙනවා වගේ හැසිරිලා හරියන්නේ නෑනේ. නීති පනවලා ඒ අනුව ක්‍රියාත්මක කරන්න ගෙදර කියන්නේ උසාවියත් නෙමේනේ". සැලුන් එකට යන්න කිව්වට යන්නේ නැහැ සල්ලි වියදම් වෙනවා කියනවා. මම සල්ලි දෙන්නං කියල කීප සැරයක්ම කියලා තියෙනවා. ඒත් ගමනක් යන්න ගියාම අරහෙන් මෙහෙන් පාට ගාගෙන තමයි එළියට බහින්නේ. ඒ උනාට එයා හරිම කැමැතියි බ්‍රෑන්ඩඩ් ඇඳුම්, සෙරෙප්පු, handbag වගේ දේවල් අඳින්න....."
    ඔය මනුස්සයා ඔය විදියට විනාඩි හතලිහක් විතර කියෙව්වා. අන්තිමට මම ඇහුවා ඇයි මගෙත් එක්ක මේ විස්තර කිව්වේ කියලා. මේ මනුස්සයා මාව හම්බෙන්න එන්න ඉස්සෙල්ලා ෆේස්බුක් එකේ මං ගැන හොඳට හොයලා බලලා තමයි ඇවිල්ල තියෙන්නේ (මම දාන ඒව කියවල පිස්සු හැදුනෙ නැතුව ඇති ?). ඊට දවස් 2කට පස්සෙ ආපහු කතා කරලා එයාගේ වයිෆ් ට මාව බලන්න ඕනේ සහ එයා කියන තොරතුරු වගයක් මේ රිපෝට් එකට ඇතුලත් කරන්න ඕනි කියලා කිව්වා. දැන් ඔන්න ඒ Meeting මත් අර ඉස්සෙල්ලා Mr. Hettiarachchi මායි හම්බ වෙච්ච තැනට ම ආවා.
    ඔන්න දැන් ඉතින් මේ නෝනා ඉතාම කොට ගවුමක් එහෙම ඇඳගෙන ආවා. මම දෙන්නාවම ඉතින් අතට අත දීලා පිළිඅරගෙන ඉඳගෙන අපේ සාකච්ඡාව පටන් ගත්තා. ටිකක් වෙලා ගිහිල්ලා තමයි මම දැක්කේ නෝනා එයාගේ කකුල් දෙක මගෙ පැත්තට සම්පූර්ණයෙන් දික් කරගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නේ සෝෆා එකක හින්දා එයාගේ සම්පූර්ණ ශරීරයම මට ඉතාම හොඳින් පේනවා.
    දෙයි හාමුදුරුවනේ එහෙම කකුල් දෙකක් ......! කවරම කවරදාකවත් ඒ කකුල් දෙකේ මවිල් අයින්කලා නැහැ. ඒ කකුල් දෙක කවදාවත් වතුර දැකලත් නැහැ....... එහෙම නැත්නම් ක්‍රීම් කියලා දෙයක් දන්නෙත් නෑ. ඒ තරමට ඒ කකුල් දෙකේ කොරල. පොඩි එකෙක් ඉස්කෝලෙට දාලා අස් වෙනකන්ම ගණන් පොතක් ඕන්නෑ ඒ තරමට කකුල් දෙක කොටුරූල්. ඒත් පුදුමයි කියන්න ඒ වෙනකොටත් ඒ ගෑණු මනුස්සයා දාගෙන හිටියෙ රුපියල් පහළොස් දාහක් විතර වටින branded සෙරෙප්පු දෙකක්. බුදු අම්මෝ ........ ! ඔක්කොමත් හරි නියපොතු ටිකත් හරි. ඇඳල හිටියෙ දම්පාට, කොළපාට වගේ කොට ගවුමක්. නියපොතු ටික කැඩෙන්න ඕන හොඳම විදිහට අරහෙන් මෙහෙන් කැඩිලා. අන්තිමට නියපොතු කපපු දවස මට හිතාගන්න බැහැ . හොඳම දේ නියපොතුවල කල්ප කාලාන්තරයකට ඉස්සෙල්ලා ගාපු සකර මොටයි තැඹිලි පාට කුත් තියෙනවා.
    මගේ වෘත්තීමය සාකච්ඡාව පටන් ගන්න කලින් ඒ ගෑනු කෙනා මගෙන් ප්‍රශ්න කිහිපයක්ම ඇහුවා ......
    "ඔයා මැරි කරපු එක්කෙනෙක්ද ?"
    මම ඒකට නැහැ කියලා කිව්වම
    "ඒ කියන්නේ ඔයා දැන් ඩිවෝස් වෙලාද ඉන්නේ ?"
    "මම ඩිවෝස් වෙන්න මැරි කළේ නෑ ....."
    ඊට අමතරව මගේ පවුල් පසුබිම දෙමව්පියෝ ගැන..... ඉස්කෝලෙ ගැන.... විශ්වවිද්‍යාලය ගැන.... සහ මගේ සියලුම වෘත්තීය අත්දැකීම් මගින් ඇහැව්වා. මට උත්තර දීමේ හොඳ හැකියාවක් තියෙන හින්දා ඇත්ත උත්තර හැම එකටම දුන්නා ......
    අන්තිමට business development report එකට අදාල සාකච්ඡාව පටන් අරගෙන ඒක පැය තුනහමාරකට වඩා ගියා. පැය තුනහමාරකට හෝ ඊට වැඩි කාලයකට පස්සේ Mr. Hettiarachchi තමන්ගේ හඬ අවදි කළා ......
    Ransi අපි මොනවා හරි බීලා කාල ඉමුද ?
    Mrs . Sheron ගත්ත කටටම කිව්වා order only Drinks Food is So expensive ......
    Ranjan Gamage ගේ දුව වෙච්චි මට කාගෙන්වත් කන්න ඉල්ල ගන්න ඕනේ නැහැ. දෙයියන්ගේ පිහිටෙන් උපන්දා ඉදලා සැප විඳපු හින්දා හොඳයි. මට මුකුත්ම අවශ්‍ය නොවන බව මං බොහොම නිහතමානීව කිව්වා.
    පටන් ගත්ත වෙලාවේ ඉඳලා පැය හතරයි විනාඩි 45 කට පස්සෙ ඔය සාකච්ඡාව ඉවර වුණා. ඒ හිටපු පැය හතරයි විනාඩි 45ට මම විනාඩි පහක් වත් කතා කරල නෑ. හැබැයි මම අර Mr. Hettiarachchi ඇයි මගෙත් එක්ක ඉඳලා කතා කරේ කියන එක ඒ ගෑණු මනුස්සයා දිහා බලල ඉගෙන ගත්තා.
    තිත්ත උනත් ඇත්ත මේකයි ..... ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පත් වන්නේ ගැහැනුන් පමණක් නෙමෙයි......... එදා මම ගෙන්න ගත්ත අයිස් වතුර බෝතලය වත් බීගන්න බැරුව ගියා අප්පා ......!
    ඕවා ඔක්කොම දැක්කට පස්සේ මට අපේ අත්තම්මා කියපු කතාවක් මතක් වුණා......
    ගෑණියෙක්ගේ කකුල් දෙක දැක්කහම ගෙදර කුස්සියයි..... තමන්ගෙ වැසිකිළි යයි .... ඒ ගෑනිගේ රහස් ප්‍රදේශය ගැන කියන්න පුළුවන්ලු......
    හම්මෝ......... ! ඒ කකුල් දෙක මතක් වෙද්දි ........ මගේ නම් ඇගේ හිරිගඩුත් පිපෙනවා !
    (පින්තූරේ තියෙන්නේ පිළිවෙලකට තියෙන කකුල් දෙකක්)
    නවොත්පාදක ලේඛිකා
    රන්සිරිණි ගමගේ

    Ransirini Gamage
     
    • Like
    Reactions: shamil45

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෑණියෙක්ගේ කකුල් දෙක දැක්කහම ගෙදර කුස්සියයි..... තමන්ගෙ වැසිකිළි යයි .... ඒ ගෑනිගේ රහස් ප්‍රදේශය ගැන කියන්න පුළුවන්ලු.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෑණියෙක්ගේ කකුල් දෙක දැක්කහම ගෙදර කුස්සියයි..... තමන්ගෙ වැසිකිළි යයි .... ඒ ගෑනිගේ රහස් ප්‍රදේශය ගැන කියන්න පුළුවන්ලු.....
    meke aththak thiyenawa :D
     
    • Like
    Reactions: SLK_sri

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144

    Bump