අම්මෝ මෙහෙමත් රේල් පාරවල්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අම්මෝ මෙහෙමත් රේල් පාරවල්

    එදිනෙදා ගමන් බිමන් යාමේදී භාවිතා කරන තවත් එක් ‍පොදු ප්‍රවාහන සේවයක් වන්නේ දුම්රියයි. ස්වභා සුන්දරත්වයේ චමත්කාරය විඳිමින් සුව පහසු දුම්රිය ගමනක යෙදීම සැබවින්ම ආස්වාදනීය වූවකි. මේ ගමනේදී ඇතැම් අවස්ථාවල භයානක දුම්රිය මාර්ග පසු කිරීමටද සිදු වේ. ලොව පුරා පිහිටා ඇති එවන් භයානක දුම්රිය මාර්ග අතර ඉදිරියෙන්ම පසුවන ඒවායි මේ.

    most-dangerous-railroads-in-the-world-Aso-Minami-route-Japan.jpg


    ඇසෝ මිනාමි
    ජපානයේ ඇසෝ මිනාමි දුම්රිය මාර්ගය ලොව වඩාත්ම භයානක දුම්රිය මාර්ගය ලෙස සැලකේ. ජපානයේ බෙහෙවින් සක්‍රීය ගිනි කන්දක් වූ ඇසෝ ගිනි කන්ද ආශ්‍රිතව මේ දුම්රිය මාර්ගය වැටී තිබිම ඒ භයංකරත්වයට හේතුවයි. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරද්දී කොයි වේ‍ලේ ගිනි කන්ද පුපුරා යාදෝයි සැකයක් වේ. බොහෝ සංචාරකයින් මෙහි ගමන් කිරීම සඳහා තෝරා ගන්නේ නොවැම්බර් මාසයේ මුල් කාලයයි. ගිනි කන්දේ බලපෑමෙන් දුම්රිය මාර්ගය දෙපස ඇති වන ලැහැබ පිළිස්සී ගොස් ඇති අයුරු මෙහිදී දැක ගත හැකිවේ.


    most-dangerous-railroads-in-the-world-Georgetown-Loop-Railroad-Colorado.jpg


    ජෝර්ජ්ටවුන් ලූප්
    කොලොරාඩෝවල පිහිටි ජෝර්ජ්ටවුන් ලූප් දුම්රිය මාර්ගය වැටී ඇත්තේ අඩි සියයක් උස පාලමක් මතිනි. මේ පාලමින් දුම්රිය ගමන් කරද්දී ඉතා සෙමින් ධාවනය කළ යුතුවේ. දහ නව වන ශතවර්ෂය අග භාගයේදී කෙලාරඩෝවල වයඹ දිග ප්‍රදේශය රිදී ආකරවලින් පිරී තිබියදී ඒ ප්‍රදේශය වෙත ගොස් ඇත්තේ දුම් කෝච්චි පමණි.

    most-dangerous-railroads-in-the-world-Chennai-Rameswaram-Route-India.jpg


    චෙන්නායි රාමේස්වරම්
    ඉන්දියාවේ දකුණුදිග වෙරළ තීරයේ පිහිටි රාමේස්වරම් වෙත ළඟා වීමට භයානක දුම්රිය ගමනක යෙදීමට සිදුවේ. 1914 දී ඉදි කළ මේ දුම්රිය මාර්ගයේ දිග සැතපුම් 1.4කි. මෙහි භයානකත්වයට හේතුව සුළි සුළං ඇති වීමේ කේන්ද්‍රස්ථානයක් හරහා දුම්රිය මාර්ගය වැටී තිබිමයි.

    most-dangerous-railroads-in-the-world-White-Pass-Yukon-Route-Alaska.jpg


    වයිට් පාස් සහ යුකෝන්
    15-31898 දී කඳු ප්‍රපාතයක් හරහා ඉදි වී ඇති මෙම දුම්රිය මාර්ගය සිවිල් ඉංජිනේරු
    ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සෑම වසරකම හාර ලක්ෂ පනස් දහසකට වැඩි සංචාරකයින් පිරිසක් මේ වෙත පැමිණෙන බව කිය වේ.

    most-dangerous-railroads-in-the-world-Cumbres-Toltec-Scenic-Railroad-New-Mexico.jpg


    කියුම්බ්‍රස් සහ ටොල්ටෙක් සීනික්
    නිව් මෙක්සිකෝවල පිහිටි මෙය 1880 සිට භාවිතා කෙරෙන්නකි. අඩි අට සියයක හා අඩි දස දහසක උසින් යුත් කඳු තරණය කිරීමට මෙයට සිදු වේ.

    most-dangerous-railroads-in-the-world-Outeniqua-Choo-Tjoe-Train-South-Africa.jpg


    අවුට්නික් චු ටෝ
    15-4දකුණු අප්‍රිකාවේ පිහිටි මෙම දුම්රිය මාර්ගය ඉන්දීය සාගරයට ඉහළින් ඇති කායිමන්ස් පාලම පසු කරද්දී ඕනෑම කෙනෙකුගේ සිතට තරමක හීතියක් ගෙන දේ. 1908 දී ඇරඹුණු මේ මාර්ගය අද වෙද්දී එදාට වඩා සුරක්ෂිත තත්ත්වයක වේ


    most-dangerous-railroads-in-the-world-Argo-Gede-Train-Railroad-Indonesia.jpg


    ආගෝ ගෙඩ්
    ආගෝ ගෙඩ් දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේයි. ජකර්තාවල සිට බැන්ඩුන්ග් දක්වා යන පැය තුනක දුම්රිය ගමනේදී ගංගා නිම්න හා හරිත වර්ණයෙන් යුත් තැනිතලා මෙන්ම සිකුරුටුග් පාලම පසු කිරීමටද සිදු වේ. 2002 වසරේදි මේ දුම්රිය මාර්ගයේ පීලි පැනීම නිසා අනතුරක් සිදු වුවද වාසනාවකට ඉන් ජීවිත හානියක් සිදු නොවිණි.

    most-dangerous-railroads-in-the-world-Kuranda-Scenic-Railway-Australia.jpg


    කුරන්දා සීනික්
    සීනික් යන්නෙහි තේරුම සොඳුරු දසුන් වුවද ඕස්ට්‍රේලියාවේ පිහිටි මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සොඳුරු දසුන් දැකීම කෙසේවුවද හිස කරකැවිල්ල ගෙන දෙන ගමනක් වේ. බිය දනවන ගමන් මාර්ගයකින් සැදි මෙහි ගමන් කරද්දී ඇතැම් අවස්ථාවල මග දෙපස වූ දිය ඇළිවලින් දුම්රිය දෙසට ජල බිඳු ද විහිදේ

    මේවත් බලන්න
    අම්මෝ කොහොමද පාර.....! http://www.elakiri.com/forum/showthread.php?t=1602928
    මෙහෙමත් පාරවල් තියනවනේ http://www.elakiri.com/forum/showthread.php?t=1602352


    bump 1ක් ගෙන යන්න
    හොඳනම් rep දුන්නට කම් නැත
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    wow .... :shocked::shocked::shocked:
    ජීවිතේ කවද හරි දවසක මෙහෙම යන්න තියෙනවා නං ඉතින් superb :rofl::rofl::rofl:
    ඒත් ඉතින් රට රටවල යන්නම ඕනත් නෑ ....
    ලංකාවෙත් kandy එහෙම යත්දී ගොඩක් ලස්සන places පහු වෙනවා ... :yes:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    wow .... :shocked::shocked::shocked:
    ජීවිතේ කවද හරි දවසක මෙහෙම යන්න තියෙනවා නං ඉතින් superb :rofl::rofl::rofl:
    ඒත් ඉතින් රට රටවල යන්නම ඕනත් නෑ ....
    ලංකාවෙත් kandy එහෙම යත්දී ගොඩක් ලස්සන places පහු වෙනවා ... :yes:

    patta machan

    thanks okkotama :):)
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    wow .... :shocked::shocked::shocked:
    ජීවිතේ කවද හරි දවසක මෙහෙම යන්න තියෙනවා නං ඉතින් superb :rofl::rofl::rofl:
    ඒත් ඉතින් රට රටවල යන්නම ඕනත් නෑ ....
    ලංකාවෙත් kandy එහෙම යත්දී ගොඩක් ලස්සන places පහු වෙනවා ... :yes:

    ane palayan kelle yanna:lol::lol::lol: