අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා.

reuse

Well-known member
  • May 10, 2009
    752
    2,493
    93
    Kita ku
    www.youtube.com
    අදටත් අපි රත්නපුර හරහා ඕපනායකට ගිය සබරගමුව සැහැල්ලු දුම්රිය පාරට කියන්නේ පුංචි කෝච්චි පාර කියලා. විසිතුරු මතක සහිත මේ දුම්රිය කලකට පෙර ම නැවතුණා. පසුව හෝමාගමට පමණක් ධාවනය වුණු පුංචි කෝච්චිය මෑත අතීතයේ සිට යළිත් අවිස්සාවේල්ල දක්වා ධාවනය ආරම්භ වුණා. දැන් මේ පාරත් පළල් දුම්රිය මාර්ගයක් වෙලා ඉවරයි.

    එහි අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටසත්, යටියන්තොට දක්වා කොටසත් නටබුන් බවට පත්ව අතුරුදන් වුණා. එසේ මතක සටහන් ඉතිරිවුණු අවිස්සාවේල්ල ඕපනායක කෝච්චි පාර ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්මේ.

    වර්ෂ 1800 අග වනවිට අප රට උඩරට දුම්රිය මෙන්ම මාතර මුහුදුබඩ දුම්රිය ද විශාල වශයෙන් භාවිත වූ අතර ඒවායෙන් විශාල ලාභයක් ද ලැබුණා. සබරගමුවේ රුවන්වැල්ල, කරවනැල්ල, කිතුල්ගල, රත්නපුර අවට පෙදෙස්වල රබර්, තේ, දැව ආදී දෑ කොළඹට ප්‍රවාහකය කිරීමට දුම්රිය මාර්ගයක අවශතාව බ්‍රිතාන්‍ය ව්‍යාපාරික සමාගම් 1880-90 කාලයේ නිතර ආණ්ඩුවට මතක් කළා.

    මේතත්ත්වයන් සැලකිල්ලට ගෙන 1894 දී දුම්රිය මාර්ග විමර්ෂණයක් සඳහා ඩබ්ලිව්. ඩබ්ලිව්. මිෂෙල්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටු වාර්තාවටසර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා එතරම් කැමති නොවූ අතර යළිත් නේවාසික ඉංජිනේරු එච්. ජී. වර්නන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ වාර්තාව 1895 පෙබරවාරි 15 වන දින ආණ්ඩුකාරවරයා වෙත බාර දුන්නා. පන්නිපිටිය, අවිස්සාවේල්ල, රුවන්වැල්ල දක්වා දුම්රිය මාර්ගයක අවශ්‍යතාව ගැන එහි සඳහන්ව තිබුණා.

    ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ - srilankaexpress.com

    කෝච්චිය පුංචි වුණේ ඇයි..?
    පුංචි කෝච්චියේ නිල නාමය කැලණිවැලි දුම්රියයි. කල්‍යාණි ද්‍රෝණි ධූම රථය කියලත් නිල ලේඛනවල ඒක හැඳින්වුණා. මෙහි ආරම්භය සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවයාගේ පාලන යුගය ( 1893-1895) තෙක් දිවයනවා. ආණ්ඩුකාරවරයා මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ ”කැලණිවැලි සබරගමුව සැහැල්ලූ දුම්රිය මාර්ගය” ලෙස යි.

    එංගලන්තයේ රාජ්‍ය ලේකම්වරයා 1898 අප්‍රෙල් මස 27 වැනි දින ලංකාවේ ආණ්ඩුකාරවරයාට දන්වා ඒවා ඇත්තේ මෙම දුම්රිය මග ඉදිකිරීමට අනුමැතිය ලබාදෙන බව යි. පසුව 1899 ජූලි 25 වැනි දින එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයා වෙත ලංකාවේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු පී.ආර්. මැකින්ටොෂ් විසින් යවන ලද වාර්තාවක කැලණිවැලි දුම්රිය මඟ ඉදි කළ යුතු ආකාරය ගැන රජයේ ස්ථාවරය පැහැදිලි ව දක්වා තිබෙනවා.

    ලොකු කෝච්චි ධාවනය වන මාර්ග හඳුන්වන්නේ පළල් දුම්රිය මාර්ග (Broad Guage) ලෙස යි. ඒවායේ පීලි දෙක අතර පරතරය අඟල් 60 ක්. නමුත් පුංචි කෝච්චිය පටු දුම්රිය මාර්ගය (Narrow Gauge ) ලෙස හැඳින්වෙන අතර පීලි දෙක අතර පරතරය අඟල් 30ක්.


    කෝචිචි පාරේ පළල අඟල් 30යි. – wikipedia.org

    දුම්රිය මාර්ගය පටු නිසාත් එන්ජිම මෙන් ම මැදිරි ද පුංචි වූ නිසාත් සාමාන්‍ය ජනතාව මෙම දුම්රිය හැඳින්වූයේ පුංචි කෝච්චිය කියල යි. මෙම දුම්රිය මුලින් ම අප්‍රිකානු රටවල් සඳහා නිෂ්පාදනය කළ බවත් දකුණු අප්‍රිකාවේ ආණ්ඩුකාරයා එයට අකමැති වූ නිසා ලංකාවේ ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ එයට කැමති කර ගත් බවත් සමහර වාර්තාවල දැක්වෙනවා.

    දුම්රිය මඟ ඇරඹේ.
    දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත්තේ 1900 මාර්තු මස 22 වැනිදා යි. එහි මුල් අදියර නිම කරමින් වර්ෂ දෙකක් ගතවන විට 1902 සැප්තැම්බර් 15 වැනිදින අවිස්සාවේල්ල දක්වා දුම්රිය ගමන් ඇරඹුවා. අවිස්සාවේල්ලේ සිට”පුංචි කෝච්චි පාර” යටියන්තොට දක්වා ඉදිකිරීමත් ඇරඹුණා.

    1903 සැප්තැම්බර් 14 වැනි දින යටියන්තොට දක්වා වැඩ කටයුතු නිම කළ බව සඳහන් වෙනවා. 1908 වනවිට අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා කොටස විවෘත කෙරුණා. එම මාර්ග කොටස ඉදිකිරීම පමාවුණේ ජල මාර්ග, වගුරු බිම්, කුඹුරු හරහා පාලම් තනමින් පාර ඉදි කළ යූතු වූ නිස යි.


    කුරුවිට දුම්රිය පාලමක්- sundayobserver.lk

    රත්නපුරය දක්වා දුම්රිය මග ඉදිකිරීම් අවසන් ව ඇත්තේ 1912 අප්‍රෙල් මස 18 වැනිදා යි. එම උත්සවය ආණ්ඩුකාර සර් හෙන්රි මැක්ලම්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

    කැලණිවැලි මාර්ගය ඕපනායක දක්වාම දීර්ඝ කිරීමේ ඉල්ලීම් වැවිලිකරුවන් සහ ව්‍යාපාරිකයන් අතරින් මතු වුණා. බොහෝ ව්‍යාපාරිකයන් තම ගමන් බිමන් සඳහා ඒ කාලයේ මේ දුම්රිය භාවිත කළා. ඒ වනවිටත් කුඩා වාහන යාහැකි හොඳ මාර්ගයක් නිතර ජලයෙන් යටවන රත්නපුරය තෙක් තිබුණේ නැහැ.

    1916 දී රත්නපුර සිට දෑල දක්වා ද, 1919 මැයි 02 දෑල සිට ඕපනායක දක්වා ද මාර්ගය විවෘත වුණා. දුම්රිය පැමිණීම මේ කඳුකර දුෂ්කර ගම්වල වැසියන්ට මහත් ප්‍රීතියක් වුණු බව ඒ කාලෙ කතාවලින් පැහැදිලි වෙනවා. ඕපනායකට ගිය කැලණිවැලි දුම්රිය මගේ මුළු දිග සැතපුම් අසුහතක් වුණා.


    ඕපනායක දුම්රිය පාලමක් - Priyanka Rodrigo -facebook

    සුන්දර දුම්රිය ගමනක්.
    යටත්විජිත යුගයේ සිරිපා කරුණාකරන්නන්ගේ ඉතා ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් බවට පුංචිකෝච්චිය පත් වූ බව අදත් අහන්නට ලැබෙනවා. මේ මාර්ගය ඉතා සුන්දර පරිසරයක් හරහා වැටී තිබුණා. දුටුවන් මනබඳින මේපරිසරය හරහා ගිය ගමනට එදා දෙස් විදෙස් මගීන්ගේ ඇල්ම ලැබී තිබෙනවා. එසේම වංගුපාලම් ගහන මන්දගාමී දුම්රිය ගමනට දිගු වේලාවක් ගතවූ බවත් පැවසෙනවා.

    එකල සිරිපා සමයට හෝමාගම - යටියන්තොට - රත්නපුර යා කොට රේල් බස් සේවයක් ද පැවැති බව පැරණියන්ගේ මතකයේ පවතිනවා. 1927 දුම්රිය සාමාන්‍යාධිකාරී වාර්තාවේ සඳහන් වන්නේ එංගලන්තයේ සෙන්ටිනල් ස්ටීම් රේල් කාර් මැනුපැක්චර්ස් ආයතනයේ නිෂ්පාදිත සෙන්ටිනල් වාෂ්ප රේල් බස් තුනක් හා පැට්‍රෝල් රේල් කාරයක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට යොදවා තිබුණු බවයි.




    පුංචි කෝච්චි පාරේ ධාවනය වූ පුංචි රේල් බසයක් – pinrest.

    කොළඹ සිට කුරුවිට දක්වා පුංචි කෝච්චියේ ගොස් එතැනින් එරත්න දක්වා ගමන් කර කුරුවිට මාර්ගයේ සිරිපා කරුණා කිරීමට විශාල පිරිසක් පුංචි කෝච්චිය භාවිත කළ බව පැරැන්නන් පවසනවා.

    කුරුවිටින් කුරුගඟ හරහා ඉදිකළ අඩි 150ක්දිග දුම්රිය පාලමේ විශාලත්වය ගැන ඒ කාලෙ ගැමියන් පුදුම වූ බවත් පැවසෙනවා. කුරුවිට පාලමට 1919 දී වැයවී ඇති මුදල රුපියල් 72,496/-ක් බව ලේඛනවල සඳහන්ව තිබෙනවා.

    තවත් දුම්රිය පාලමක් ඉදිකොට තිබී ඇත්තේ රත්නපුරට සැතපුම් තුනක් පමණ දුරින් කළු ගඟ හරහා යි. අඩි 100ක් වූ එම දුම්රිය පාලම ගොඩ නැඟීමට එකල රු. 165,700 ක් වැය වූ බව සඳහන් වෙනවා.

    දුම්රිය නැවතුණු තැන්.
    පුංචි කෝච්චි පාරේ ආරම්භය සලකුණු වුණේ මරදාන ස්ටේෂමෙන්. මේ මාර්ගයේ මරදානෙන් පිටත පළමුවැනි දුම්රිය නැවතුම හමුවන්නේ බොරැල්ල කොටාපාර යි. ඉන්පසුව නුගේගොඩ, පන්නිපිටිය, හෝමාගම, පාදුක්ක, වග, පුවක්පිටිය යන නැවතුම් පසුකර දුම්රිය අවිස්සාවේල්ලට පිවිසෙනවා.

    එච්. ඩබ්ලිව්. කේව් සදහන් කරන අයුරින් එවකට කොටා පාර මෙන් ම නුගේගොඩ දුම්රිය ස්ථාන ද ඉතා ග්‍රාමීය පරිසරයක තමයි පිහිටා තිබුණේ. මේ පාරේ තරමක නාගරික වටපිටාවක් සහිත අවිස්සාවේල්ල, කඳුකරයේ තේ, රබර්, කුළුබඩු එකතු කරන මධ්‍යස්ථානයක් වශයෙන් ද පැවත තිබෙනවා. අවිස්සාවේල්ල පුංචි කෝච්චි මඟ යටියන්තොට දක්වා විහිදෙන හන්දියක් ලෙසත් ක්‍රියා කළා.
    අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ ප්‍රධාන නැවතුම් වශයෙන් තිබුණේ ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, තිරිවානාකැටිය, දෑල, වටාපත, කහවත්ත, ඕපනායක යි. මේ අතරින් රත්නපුර දෙමහල් විශාල දුම්රිය නැවතුම් ගොඩනැගිල්ලක් තිබුණා. යටියන්තොට මාර්ගයේ ප්‍රධාන නැවතුම් වුණේ දෙහිඕවිට සහ කරවනැල්ල යි.


    ගැටහැත්තේ නවතා ඇති පුංචි කෝච්චිය – youtube.com


    අබලන් වුණු ගැටහැත්ත දුම්රිය පොල. ( වර්ථමානයේ ප්‍රතිසංස්කරණය කර ඇත ) http://xn---sundayobserver-6m8b.lk/

    ඒ බොහොමයක ගොඩනැගිලි තවමත් ඉතිරිව පවතිනවා. සවිමත් එම දුම්රිය නැවතුම් ගොඩනැගිලි රජයේ වෙනත් කාර්යාල සඳහා යොදා ගෙන ඇති බවත් පෙනෙනවා. ඕපනායක පොලිස් ස්ථානය ඇත්තේ පැරණි දුම්රිය නැවතුමේ යි. රත්නපුර පුද්ගලික බස්නැවතුම සඳහා දුම්රිය ගොඩනැගිලි යොදාගෙන තිබෙනවා.


    බස් නැවතුමක් වූ රත්නපුර දුම්රිය ස්ථානය – facebook


    පොලිස් ස්ථානය වූ ඕපනායක දුම්රිය ස්ථානය – youtube.com

    පුංචි කෝච්චිය පාඩුයි.
    මෙම ප්‍රදේශ හරහා මහා මාර්ග නිර්මාණය වීමත් සමඟ බරවාහන ගමනාගමනයට අවස්ථාව සැලසුණා. මේ නිසා දුම්රිය පාඩු ලබන්නට වුණා. දෙවන ලෝක යුද උණුසුම පැවති වර්ෂ 1942 වනවිට අවිස්සාවේල්ල -යටියන්තොට කොටස වසා දමා තිබෙනවා. අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා අවසන් මගී දුම්රිය ගමන් කර ඇත්තේ1976 දි යි. ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුකොටගෙන 1975 සිට කැලණිවැලි මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය නවතා දමා තිබෙනවා. 1975 සිට මරදාන – හෝමාගම දක්වා උදේ සවස කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වුණා.

    පුංචි කෝච්චි පාර පළල් වෙයි.
    දශක කිහිපයකට පෙර හයිලෙවල් පාරේ මාර්ග තදබදය අඩු කිරීමට පුංචි කෝච්චි පාර යොදා ගැනීමට සැලසුමක් ඉදිරිපත් වුණා. 1991 -1997 කාලයේ එය පුළුල් මාර්ගයක් බවට පත්කිරීමට ආණ්ඩුව තීරණය කළා. 1998න් පසුව කැලණිවැලි මාර්ගයේ මෙම කොටස පුළුල් බවට පත් කළ අතර එවකට ප්‍රවාහන ඇමැතිව සිටි ඒ. එච්. එම්. ෆවුසි එයට මුල්වූ බව පැවසෙනවා.


    පළල් වුණූ පුංචි කෝච්චි පාරේ යන බලවේග දුම්රියක් -C.M. Dissanayake, kelani valley railway facebook page

    මාර්ගය මුලින් ම පාදුක්ක දක්වා පුළුල් කළ අතර පසුව අවිස්සාවේල්ල දක්වා පුළුල් කර දුම්රිය ධාවනය කෙරනවා. 1994 අගෝස්තු 05 වන දින අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය විවෘත කිරීමෙන් මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිමාවුණා. මහරගම, කොට්ටාව, මීගොඩ, කොස්ගම යන උප දුම්රිය ස්ථාන මෙහෙයුම් කටයුතු සිදුකරන දුම්රිය ස්ථාන බවට පත් ව තිබෙනවා.

    Lankadeepa.lk
    The Ceylon Government Railway- Henry Cave
    𝑹𝒐𝒂𝒓 𝒎𝒆𝒅𝒊𝒂 / 𝒔𝒊𝒏𝒉𝒂𝒍𝒂
    𝑲𝒖𝒔𝒖𝒎𝒔𝒊𝒓𝒊 𝑾𝒊𝒋𝒂𝒚𝒂𝒘𝒂𝒓𝒅𝒆𝒏𝒂 ✍️
     

    reuse

    Well-known member
  • May 10, 2009
    752
    2,493
    93
    Kita ku
    www.youtube.com
    ලංකාවේත් ලෝකයේත් අනෙක් රටවලත් ලොකු කෝච්චි දුවද්දී කැලණිවැලි මාර්ගයේ පමණක් ”පොඩි කෝච්චියක්” දිව්වේ කෙසේදැයි ප‍්‍රශ්නයක්ද පැන නඟින්නේ නිතැතිනි.

    මේ පුංචි කෝච්චියේ උත්පත්තිය ගැන රසවත් කතාවක්ද ඇත. බි‍්‍රතාන්‍යය යටත් විජිතවාදීන් ඇත්තටම මෙම දුම්රිය සැලසුම් කර ඇත්තේ දකුණු අප‍්‍රිකානුවන්ටය. එහෙත් ඒ රටේ ආණ්ඩුකාරවරයා මේ ”හුංඩු” කෝච්චිය දැක එය ප‍්‍රතික්ෂේප කොට ලොකු කෝච්චියක්ම ඉල්ලා සිටින්නට විය. නිපදවන ලද කෝච්චියට කරගත හැකි දෙයක් නොමැතිව සිටි යටත් විජිත ලේකම්වරයා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ කැමතිකරවාගෙන මේ ”හුංඩු” කෝච්චිය ලංකාවේ ඇෙඟ් ගසා ඇඟ බේරා ගත්තේය. නිකං දෙනවනං මළබද්ධය වුවත් ගන්නට සිංහල අපට සුද්දා පුරුදු කළේ ඕං ඔහොමය.
    ---------
    ලංකාවේ සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයකුගේ බිරිඳට දරුවකු ප‍්‍රසූත කරන අවස්ථාවදී මහත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දී ඇත. දරුවාගේ කොටසක් ආණ්ඩුකාර බිරියගේ ශරිරයෙන් එළියට ගත නොහැකිව එවකට සිටි ඉහළම තරාතිරමේ දොස්තරවරුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි. ආණ්ඩුකාර බිරිඳ පත්ව ඇති ඉරණම දැනගත් රජ ගෙදර සිටි ආරච්චි කෙනකු දැනගත් මොහොතේම ආණ්ඩුකාරවරයාට ආරච්චි පවසා ඇත්තේ තම ගම් පළාතවූ පන්නිපිටියේ ”මල්ලූව” නම් වෙද මහතකු මෙවැනි වැඩවලට නම් දැරු පුද්ගලයකු බවය. වහාම ආණ්ඩුකාරයාගේ නියමයෙන් රජගෙදරින් දුතයකු පිටත් කර හැරියේ පන්නිපිටියේ මල්ලූව වෙද මහතා රැගෙන ඒමටය.

    රජ ගෙදර තිඹිරිගෙට පොල් තෙල් පානක්ද රැගෙන ඇතුළු වූ වෙද මහතා ආණ්ඩුකාර බිරිඳ හොඳට පරීක්‍ෂා කර බලා තම බෙහෙත් හෙප්පුවේ තිබූ ඉඳිකටුවක් වැනි හින් කූරක් පහනේ දැල්ලෙන් රත්කරන්නට විය. රත් කළ පසු ආණ්ඩුකාර බිරිඳගේ යටි බඩට ගසා නැවත් පහණට ලංකර බලන්නට විය. ගතවූයේ විනාඩියකටත් අඩු කාලයකි. කිරි දරුවා බිහිවිය.

    දරුවාගේ දකුණු අතේ තිබුණු සියුම් ලේ බිංඳුවත් ඉඳිකට්ටේ තිබූ ලේ බිංදුවත් සංසන්ධනය කර බැලූ වෙද මහත්තයා හරියටම වැදිලා තියෙනවායි කියූ කතාව ආණ්ඩකාරවරයාටද තේරුම් ගත නොහැකි විය.

    ”මේ කිිරි දරුව දකුණතින් බඩවැල තදින් අල්ලාගෙන හිටපු නිසා බිහිවුණේ නෑ. නිල බලල දරුවගෙ අතට කටුවෙන් විද්දම බඩවැල අතැරිලා දරුවා බිහිවුනා යැයි වෙද මහත්තයා පැහැදිලි කරද්දි එවකට සිටි විශේෂඥ වෛද්‍යවරු පවා මවිත වී වෙද මහතාගේ කතාවට සවන් දෙන්නට වූහ.
    ආණ්ඩුකාරතුමා තම කුලූඳුල් දරුවා දැක සිටියේ නිම් හිමි නැති ප‍්‍රීතියෙනි. තමාට කළ උපකාරයට ගාස්තුව ලෙස අණ්ඩුකාරතුමා ”මල්ලූව වෙදාට” රත්රන් පවුම් බන්දේසියක් තෑගි කළේය.

    වෙද මහතා රන්කාසි ප‍්‍රතික්ෂේප කර ආණ්ඩුකාරයාගෙන් උදව්වක් අවශ්‍ය බව පවසන්නට විය. එකල කැලණිවැලි මාර්ගයේ මහරගමින් පසු නවාතැන වූයේ කොට්ටාව ඉස්ටේසමය. තමන්ට පන්නිපිටිය ඉස්ටේසමක් ලබාදෙන ලෙස මල්ලූව වෙද මහතා ආණ්ඩුකාරයාගෙන් ඉල්ලන්නට විය. වෙද මහතාගේ ඉල්ලීමට ගත් වූයේ දින ගණනකි. පන්නිපිටියේ දුම්රිය නතර කළ අතර ආණ්ඩුකාරයා කෘතගුණ සැලකීමක් ලෙස පන්නිපිටියට ස්ථීර දුම්රිය පලක්ද ගොඩ නගා දුන්නේය.

    ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගෙන් පසු උපහාස කතා කලාවේ ප‍්‍රවීණයකු වූයේ චන්ද්‍ර අනගිරත්නය. ඔහු කලක් දුම්රිය සහකාර ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කොට ඇත. ඔහු 1966 දී රිවිරැස පුවත්පතට පුංචි කෝච්චිය ගැන උපහාසාත්මක කවි පෙළක් ලියා ඇත. එහි අවසන් කවියේ මෙසේ සඳහන් වෙයි.
    පුංචි කෝච්චිය යයි හරි හයියෙන්
    පැයකට සැතපුම් හතරක වේගයෙන්
    කොල්ලයි කෙල්ලයි නැග්ගම කොටුවෙන්
    දරුවෙක් බිහිවෙයි ඕපනායකින්
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,511
    1
    91,258
    113
    32
    Kalutara
    ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් පල්ලෙහයින්ලු පුංචි කෝච්චියගියේ. එතනම ස්ටේශන් එකකුත් තිබිලා. ඉස්කෝලේ යන්නෙ එන්නෙ එහෙම පුංචි කෝච්චියෙන්ලු. ඒකාලෙ රේල් පාර ගිය අඩි පාර තාම තියෙනවා.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    1,617
    1,824
    113
    Kandakadu
    ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් පල්ලෙහයින්ලු පුංචි කෝච්චියගියේ. එතනම ස්ටේශන් එකකුත් තිබිලා. ඉස්කෝලේ යන්නෙ එන්නෙ එහෙම පුංචි කෝච්චියෙන්ලු. ඒකාලෙ රේල් පාර ගිය අඩි පාර තාම තියෙනවා.
    Photo ekak daapanko balanna
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,511
    1
    91,258
    113
    32
    Kalutara
    Photo ekak daapanko balanna

    පෝටෝ දාන්න ඉතින් මම එහෙ නෙමෙනෙ ඉන්නේ


    old railway road කියල තියෙන්නේ ඒ පාර තමා දැන්.


    zLI7BoY.png
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,607
    1
    21,245
    113
    TFS. හරියට plan එකක් ඇතුව මේක යොදා ගත්තා නම් high level road එකේ පිස්සු හැදෙන traffic එක සෑහෙන අඩු කරගන්න තිබුණා