අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල...
මට මතකයි..
රෝහිත අබේගුනවර්දන ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල..
කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ...
මගෙන් ටිකක් ඈත් වුන අමිල....
ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල..
ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක ක්ලාස් cut කරන්න ගිය ගිය අමිල...
මට මතකයි.....
අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල් ricky ponting , ට ms dohni ට , adam gilchrist ට අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල...
සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල...
හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල....
කොහොම එපා වුනාද උඹට ගිහිගෙය...
මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ...
මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..?
සමාවෙයන්...මට....
වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු...
නුඹ....
මද සිනාවෙන් කොහොම ඉවසනවාද..?
අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක...
හාමුදුරුවනේ..
අමිත...
tikak wenas lassana adahasak..