අමුඩය ගැන යමක්

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අමුඩය ගැන යමක්

    3653883709_98bec7e929_m.jpg

    මීට ටික කළකට පෙර අමුඩය ගසාගෙන මිනිසුන් කුඹුරු වැඩ කරන දර්ශනය ලංකාවේ සාමාන්‍ය දෙයක් විය. එහෙත දැන් එම දර්ශනය සුලබව දක්නට ලැබෙන්නේ තරමක් පිටිසරබද ප්‍රදේශ වල පමණය. නාගරික සමාජයේ මේ දර්ශනය දක්නට ඇත්තේම නැත. නාගරික පිරිස අතර වර්තමාන පරපුර ඇතැම් විට අමුඩය ගැන දන්නේද නැතිවීමට ඉඩ ඇත. මේ කියන්නට යන්නේ අමුඩය ගැන සාමාන්‍යයෙන් වැඩි දෙනෙකු නොදන්නා කරුනු ටිකකි.
    අමුඩය යන්න අපේ රටේ පිරිමි පාර්ශවයට සුවිශේෂ සම්ප්‍රදායානුකූල ඇඳුමක් හැටියට අප හඳුනාගෙන ඇතත් වෙනත් රටවල වෙනස් සමාජ පසුබිම්වලද පිරිමි පාර්ශවය අමුඩයට සමාන ඇඳුම් අඳිති. ඒ පොදුවේ ගත්කළ ඕනෑම සංස්කෘතික පසුබිමක් තුල පිරිමි පාර්ශවය වැඩිපුර ශක්තිය වැයකරමින් මහන්සියෙන් යම් යම් කාර්‍යයන් කරන බැවිනි. එහිදී අමුඩය ඊට වඩා යෝග්‍ය ඇඳුමක් වූවාට කිසිම සැකයක් නැත.
    අමුඩය වටා ගොඩනැගුන සිරිත් වැනි දේද නැතුවා නොවේ. ඉන් එක් සුවිශේෂී දෙයක් පැරනි උඩරට සමාජයේ තිබූ එකගෙයිකෑම නම් විශේෂ සිද්ධියත් සමග බැඳී ඇත. එහිදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු එක් කාන්තාවක් විවාහ කරගැනීම සිදුවේ. එබැවින් සහෝදරයන් දෙදෙනා විටින් විට මාරුවෙන් මාරුවට එකම සහකාරිය සමග ලිංගික ස්බඳතාවය පවත්වයි. එහිදී එක් අයෙකු සහකාරිය සමග සංවාසයේ යෙදෙන බව අනෙක් කෙනාට ඇඟවීම සඳහා අමුඩය කාමරයේ දොරට උඩින් දමා එලියට පෙනෙන්නට සලස්වයි. එය එකළ එම සිරිත පැවති සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු බවද පැහැදිලිය.

    pillay-un.jpg

    මේ දේවල් හැරුණු විට අමුඩය වටා බැඳුනු පිරිමි ලිංගික ක්‍රියාකාරිත්වයට වැදගත් ජීව විද්‍යාත්මක කරුණක්ද වෙයි. අමුඩය යනු පිරිමින්ගේ වෘෂණ පහත් නොවන ලෙස තබාගන්නා ආධාරක යට ඇඳුමකි. එයට යොදාගන්නා රෙදි කැබැල්ල අමුඩ ලේන්සුව ලෙස හඳුන්වයි. අමුඩ ලේන්සුවේ වැදගත් ලක්ෂණය වන්නේ එය සියුම් දැලක් බඳු වූ නූල් ගෙතුම් අතර තරමක් ලොකු හිඩැස් සහිත රෙද්දක් වීම වේ. එය ඇඳගෙන වැඩපල කරනවිට දහඩිය උරාගැනීම හොඳින් සිදුවනවා මෙන්ම පරිසරයේ ස්වභාවික හුලං වැදීමකින් වෘෂණ වලට මනා සිසිලනයක් ලැබෙන්නේ දහඩිය වාශ්ප වීමත් සමගයි. එලෙසම අමුඩය පිටින් දියට බැස්ස කළද වෘෂණ වලට හොඳින් සිසිලනය ලැබෙන්නේ එහි සියුම් දැල් ස්වභාවය නිසාය. ඇත්තෙන්ම වෘෂණ වලට සිසිලනය ලැබීමේ වැදගත්කම කුමක්ද? මිනිසා ක්ෂීරපායී සත්වයෙකි. සාමාන්‍ය වශයෙන් ක්ෂීරපායි සතුන්ගේ ශරීර උෂ්ණත්වය තරමක් ඉහලය එමෙන්ම උෂ්ණත්වය නියත මට්ටමක පවත්වාගැනීමද සිදුවේ. මේ උෂ්ණත්ව මට්ටම පුරුෂ ප්‍රජනක සෛල හෙවත් ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලියට ඒ තරම් සුදුසු නැත. සාමාන්‍යයෙන් ක්ෂීරපායි පිරිමි සතුන්ගේ වෘෂණ ශරීරයෙන් පිටත කෝෂ වල පිහිටන්නේ ඒ නිසයි. වෘෂණ වලට මනා සිසිලනයක් ලැබීම යනු ශුක්‍රාණු හැදීමේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවීමට යම් රුකුලක් ලැබීමයි. එකළ සමාජයේ පිරිමින් ධාතු ශක්තිය අතින් ඉහල මට්ටමක වූ බව නොරහසකි. එනම් ඔවුන් ප්‍රජනන ශක්තිය අතින් වර්තමාන මිනිසුන්ට සාපේක්ෂව ඉහල වූ බව පෙනේ. එකල පිරිමින් අතර ලිංගික නිසරුබව සාපේක්ෂව බෙහෙවින් අඩුවන්නට ඇත.

    _44Y2826.jpg

    මෙයට ටික කළකට ඉහතදී පවා අමුඩය ගසාගෙන වැඩකිරීම සමාජයේ ලැජ්ජාවට කරුණක් වී තිබුණේ නැත. එමෙන්ම එවැනි දර්ශනයක් සමාජයට අප්‍රසන්න දෙයක්ද නොවීය. මේ අනුව බලන කළ අමුඩය යනු යම් සුවිශේෂී බවක් සහිත ඇඳුමක් මිස එය උපහාසයට ලක්කළයුතු දෙයක් නොවන බවනම් කිවහැක.
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0

    කොහෙන්ද ඉස්සුවේ කියලා දැම්මනම් තමයි හොඳ !