අමුතුම ආකාරයේ පින්තූර රැසක් - Unusual Pictures

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    හැබැයි මම විශ්වාස කරන විදියට නම් මේවා Photoshop වලින් හදපු ඒවා ‍නම් නොවෙයි. ඒත් දැන් Photoshop වලින් ස්වාභාවික විදියටම ව්‍යාජ පින්තූර සකස් කරන්න පුළුවන් නිසා 100% ක්ම සත්‍ය පින්තූරදැයි සැකයකුත් සමහර පින්තූර සම්බන්ධයෙන් ඇතිවෙනවා.

    මේ වගේ කරත්තයක් පාලනය කරන එකත් ලේසිපහසු වැඩක් නොවෙන්න ඇති...

    පිස්සු පූසෙක්!

    මේයා කව්ද කියල අමුතුවෙන් කියන්න ඕනද?

    පෙරේතකම....

    අපේ රටෙත් සපත්තු පාලම් වල මෙහෙම දේවල් වෙනවා...

    දික්කසාදයත් නිර්මාණශීලිව

    මෙහෙම උම්මත්තකයොත් නැතුවම නැහැ...

    මේක රූපලාවන්‍ය ක්‍ෂෙත්‍රයේ චර්ම ප්‍රතිකාර ක්‍රමයක්. මේ මාළු සමේ මැරුන සෛල කා දමනවා...

    මේ වගේ දසුන් පළමු/දෙවන ලෝක යුද්ද කාල වලදී සුලභයි.

    වැඩි සෙනේ දබරෙටයි!!!

    ‍සම්මානනීය හොලිවුඩ් නළු ඩෙන්සිල් වොෂින්ටන් එක එක විදියට...

    මෙන්න දිවියට වැරදුන තැනක්...






     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    මේක බොහොම දුර්ලභ වගේම ඛේදනීය කරුණක් ඇතුලත් පින්තූරයක්. දිනය 1937 මැයි 1937 වෙලාව සවස 7:25 යි. මේ තමයි ලෝකේ මේ දක්වා තැනූ විශාලම ගුවන් නෞකාව වන අඩි 803 දිග Hindenburg ගුයන් නෞකාව බැස්සවීමට ටික වෙලාවකට කලින් මගීන් විශාල සංඛ්‍යාවක්ද සමගින් ගිණිගෙන දැවෙන ආකාරය.


    මෙහි සිට ගෙන සිටින අයට ප්‍රීති ජනක වූවත් ලෝකයේ පීඩිත ජනතාවට හා විප්ලවවාදීන්ට අතිශය සංවේගය උපදවන පින්තූරයක්. එයට හේතුව තමයි 1967 ඔක්තෝබර් 07 වනදා මෙහි වැතිර සිටින ශ්‍රේෂ්ඨ විපලවාදියා බොලිවියාවේදී අල්ලා ගන්නා ලද පසු ප්‍රශ්න කලත් එයට අවනත නොවන විට ඔහු මරා දමන්නට ඇමරිකානු CIA සංවිධානයේද අනුග්‍රහය ලත් බොලිවියානු රජය තීරණය කිරීම. මේ තිබෙන්නේ අප හොදින් හදුනන චේ ගුවේරාගේ නිසල දේහයයි. 1967 ඔක්තෝබර් 10 වනදා ඔහු වෙඩි තබා මරා දමන අතර මේ පින්තූරය ‍කැමරා කාචයට හසුකර ගනු ලැබුවේ Freddy Alberto නම් ඡායාරූපශිල්පිය විසින්. මෙම සේයාරුව ගැනීමෙන් පසු චේ ගේ අත් සිරුරින් වෙනකොට චේ ගේ උපන් රට වන ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් වෙත රැගෙන යන්නේ ඇගිලි සලකුණු පරීක්‍ෂා කොට චේ දැයි නිවැරදිවම දැනගනු පිණිසයි. කෙසේවෙතත් දේහය කවුරුත් නොදන්නා රහසිගත ස්ථානයක වලලා දැමූවත් ඉන් වසර තිස් ගණනකට පසුව ඒ ගැන රහස රැකගෙන සිටි අයලබාදුන් තොරතුරු අනුව සිරුරේ ඇටකටු නැවත කියුබාවට ගෞරවාන්විතව රැගෙන ගොස් රාජ්‍ය ගෞරවසහිත අවසන්ගමනක් චේට ලබාදෙන්නට කියුබානු විප්ලවයේ සඟයා වන පිදෙල් කස්ත්‍රො ප්‍රමඛ කියුබානු රජය පියවර ගන්නවා...


    රජවරුන් දෙදෙනෙකුගේ හමුව : 1970 දෙසැම්බර් 21 වනදා එවකට ඇමරිකානු ජනපති වූ රිචඩ් නික්සන් හා රොක් සංගීතයේ රජ්ජු‍රුවෝ වෙච්ච එල්විස් ප්‍රෙස්ලි හමුව සුදු මන්දීරයේදී සිදුවූ අයුරු තමයි මේ


    දැවැන්ත පෞරෂත්වයක් වගේම වසර තිස් ගණනත් සෝවියට් දේශයේ වැසියන් පමණක් නොවේ ප්‍රතිවාදී නායකයන් පවා භයපක්‍ෂපාත කමක් දැක්වූ නායකයෙකු වුන ජෝස‍ෆ් ස්ටාලින් කියන මහා පුරුශයා තමයි මේ. සාමාන්‍යයෙන් ස්ටාලින් කියන්නේ ගොරෝසු චරිතයක් විදියට අපි අහල හා දැකලා තිබුනත් මේ විහිළුතහළුවෙන් සිටින දුර්ලභ අවස්ථාව පින්තූරයට නගා තිබෙන්නේ ඔහුගේ ශරීර ආරක්‍ෂකයා වශයෙන් කටයුතු කල Lt. Gen. Nikolai Vlasik නම් හමුදා නිළධාරියෙක්. මේ පින්තූරය ගෙන තිබෙන හමුදා නිලධාරයාටත් කොච්චර ස්ටාලින් එක්ක සිටියත්, අප මීට පෙර කිහිපවිටක් කතාබහ කල ගුලාග් කදවුරු වලත් නේවාසිකව දුක්විදින්න වෙලා තියෙනවා. ඒ 1952 කුමන්ත්‍රණ ‍චෝදනාවකට. 1953 දී ස්ටාලින් මිය පසුව ඔහුට නිදහස් වෙන්න අවස්ථාවත් ලැබුන අතර මේ පින්තූරය නම් පිටස්තර ලෝකයේ මිනිසුන් මුල්වරට දැක තිබෙන්නේ 1960 දී.


    මේ කවුද කියල දැන්නම් කවුරුත් දන්නවානේ. මේ තමයි ලෝකයේ අංක‍ එකේ බලවත්ම පුද්ගලයා ලෙස සලකන ඇමරිකානු ජනපති බැරැක් (ආ කියන්න බැරි වුනා මේ ලිපියේ අර ඔබලා හදුනනවා ඇතිනේද කියලා අහල තිබුන මුලින්ම කාරෙකෙන් බහින කෙනා තමයි ලෝකයේ අංක දෙකට බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ). මේ ඔහු 2006 දී සිය පියාගේ නිජබිම වූ කෙන්යාවේ ඊසානදිග ප්‍රදේශයේ ඇති වජීර් කියන නගරයට ගියවෙලාවේ ඔහුගේ පියාගේ පැත්තේ නෑයන් විසින් (ඔබා‍මාගේ පියා ඉස්ලාම් ආගම ඇදහූ අයෙක්) කෙන්යානු සාමප්‍රදායික ඇදුමක් අන්දවන ආකාරය. මේ පින්තූරය අන්තර්ජාලය පුරා ව්‍යාප්තවුනේ ඔබාමා ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා වෙන්න රටපුරා යන අවස්ථාවේදී ඔහුගේ පක්‍ෂයේම ප්‍රතිවාදිනිය වුන දැන් ඔහුගේ රජයේ රාජ්‍ය ලේකම් පදවිය උසුලන අපිට එතරම් ප්‍රිය නැති හිලරි ක්ලින්ටන් නම් කාන්තාවගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමින්.

    (හැබැයි ඇයගේ සැමියා වුන 1992 - 2000 අතර කාලයේ ජනපතිවුන බ්ල් ක්ලින්ටන් නම් ලෝක පොලිස්කාරයාගේ භූමිකාවෙන් පිටස්තරව ගත්විට බොහොම සුන්දර මනුස්‍සයෙක් කියල තමයි කියන්න වෙන්නේ. මතකනේ මොනිකා ලෙවෙන්ස්කි සිද්ධිය. ඒක වුන වෙලාවේ ඕන්නම් ප්‍රතිවාදීන්ට ඔහුව ගෙදර යවන්න වුනත් හැකියාව තිබුනත් ඔහුට ඔවුනුත් කැමති නිසාද කොහේද වැඩේ එලිවුනාට එතරම් දැඩි දඩුවමක් දෙන්නට ඔවුන්ටවත් උවමනා වුනේ නැහැ. ඒ විතරක්යැ දැන් අවුරුද්දකට විතර කලින් උතුරු කොරියාවේදී ඇමරිකානු මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් ඔත්තු බැලුව කියල අල්ලා හිරගෙදර දැම්ම වෙලාවෙත් අර අච්චර පෝරිසාද උතුරු කොරියානු ජනාධිපතිත් මේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට තමන්ගේ රටට එන්න දුන්න විතරක් නෙමේ. හොදට සලකලා කතා බහකරල අර බවලතුන් දෙදෙනා නිදහස් කරල යන්නත් දුන්නනේ. ඉතින් එච්චර මිනිස්සු නම්ම ගන්න පුළුවන් ‍මනුස්සයාගේ ගෑනි තමයි මේ පිස්සු චාටර් වැඩේ කරේ).

    දැන් මේ පින්තූරය ගැන කතාවට ආයෙත් එනවා නම් මෙයින් හිලරි ක්ලින්ටන් පාර්ශවය අදහස් කලේ ඔබාමා යනු ඇමරිකාවේදී ක්‍රිස්තියානි අයෙක් ලෙස රඟපෑවත් උපතින් ඉස්ලාම් ආගමික හා එම ආගමට හිතවත් අයෙක් කියල ඇමරිකානු ජනතාවට ඒත්තු ගන්වන්නයි. ඒත් ඇමරිකානු ජනතාව මේ ගෑනු මනුස්සයාගේ කට්ටිය කියන එක ඇහුවෙත් නැහැ. ඒ වගේම ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා වෙන්නත් හැකිවුනා. දැන් හැබැයි මේ බැරැක් මුස්ලිම් රටවලට දෙන ‍වැඩමන්ට් එක දැක්කම පේනවනේ ඇදුම ඉස්ලාම් වුනත් වැඩනම් *********


    මේ වගේ කතාකරන්න බොහෝදේ තියෙන තව පින්තූර ගොඩක් තියෙනවා. ඉඩ ලැබෙන විදියට ඒවත් බලන්න සලස්වන්නම්....

    කැටපත් පවුර වගේ පිටක් තියෙන මෙන්න මේ යෝදයාගේ පින්තූරය මඟහැරිලනේ. ඔන්න මම ඒකත් එකතුකලා.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    දැවැන්ත පෞරෂත්වයක් වගේම වසර තිස් ගණනත් සෝවියට් දේශයේ වැසියන් පමණක් නොවේ ප්‍රතිවාදී නායකයන් පවා භයපක්‍ෂපාත කමක් දැක්වූ නායකයෙකු වුන ජෝස‍ෆ් ස්ටාලින් කියන මහා පුරුශයා තමයි මේ. සාමාන්‍යයෙන් ස්ටාලින් කියන්නේ ගොරෝසු චරිතයක් විදියට අපි අහල හා දැකලා තිබුනත් මේ විහිළුතහළුවෙන් සිටින දුර්ලභ අවස්ථාව පින්තූරයට නගා තිබෙන්නේ ඔහුගේ ශරීර ආරක්‍ෂකයා වශයෙන් කටයුතු කල Lt. Gen. Nikolai Vlasik නම් හමුදා නිළධාරියෙක්. මේ පින්තූරය ගෙන තිබෙන හමුදා නිලධාරයාටත් කොච්චර ස්ටාලින් එක්ක සිටියත්, අප මීට පෙර කිහිපවිටක් කතාබහ කල ගුලාග් කදවුරු වලත් නේවාසිකව දුක්විදින්න වෙලා තියෙනවා. ඒ 1952 කුමන්ත්‍රණ ‍චෝදනාවකට. 1953 දී ස්ටාලින් මිය පසුව ඔහුට නිදහස් වෙන්න අවස්ථාවත් ලැබුන අතර මේ පින්තූරය නම් පිටස්තර ලෝකයේ මිනිසුන් මුල්වරට දැක තිබෙන්නේ 1960 දී.
    Screenshot_20211004-120351-1.jpg
    Screenshot_20211004-120409-1.jpg

    Screenshot_20211004-120433-1.jpg
    Screenshot_20211004-120520-1.jpg

    This is how politics affects your face.:confused::rofl: