අමුතු අමුතු හේතු නිසා ෆේස්බුක් තහනමට ලක්ව
සතියකටත් වැඩි කාලයක් බ්ලොක් කරල තිබුණ ෆේස්බුක් එකට දැන් අයෙත් අපිට පිවිසෙන්න පුළුවන්. ජාතිවාදී ගිනි නිවන්න කියල ෆේස්බුක් එක බ්ලොක් කලා උනාට, ජාති භේදයකින් තොරව, හැමෝම එකාවන්ව ෆේස්බුක් තහනමට විරුද්ධව හඬ නගපු එක නම් අගය කල යුතුමයි.
ලංකාවේ අපිට ෆේස්බුක් තහනම අළුත් දෙයක් වුණාට, අපිට කලින් මේ විදිහේ ෆේස්බුක් තහනමට සහ අවහිරයට ලක්වුණ රටවල් කීපයක්ම තියනවා. අන්න ඒ රටවල් අතරින් කිහිපයක් ගැනයි අපි කියන්න හදන්නෙ. අපි බලමුද මොන විදිහෙ හේතු හින්දාද ඒ රටවල ෆේස්බුක් තහනමට ලක්වුණේ කියලා?
ෆේස්බුක් තහනම් කිරීම් ගැන කතා කරද්දි කාගේත් මතකයට මුලින්ම එන නමක් තමයි චීනය. ලංකාවේ ෆේස්බුක් සදහටම තහනම් කරන්නට චීනයෙන් තාක්ෂණික සහ නීතිමය උපදෙස් ලබාගන්නා බවටත් පහුගිය දවස්වල කට කතාවක් ගිය බව ඔයාලට මතක ඇති. 2009 වර්ෂයේදී විතර තමයි චීනයේ ෆේස්බුක් තහනම ඇරඹිලා තිබෙන්නේ. තමන්ගේ රටට අහිතකර බලපෑමක් කරන්නට ඉඩ තිබෙන අන්තර්ජාල වෙබ් අඩවි ගැන චීන රජය සිටින්නේ දැඩි විමසිල්ලකින්. විදෙස් සමාජ ජාල වලට චීනය ඇතුළේ ක්‍රියාත්මක වෙන්න නම් චීන රජය විසින් පණවල තියන නීති රීති මාලාවකටම එකඟතාවය පළ කරන්නට ඔවුන්ට සිදු වෙනවා. ඒ නිසයි ෆේස්බුක් ඇතුළු ජනප්‍රිය වෙබ් අඩවි බොහොමයක්ම චීන රටේ ක්‍රියාත්මක නොවෙන්නෙ.
ෆේස්බුක් අවහිරයට ලක්වුණත් චීන ජනතාවට ඒ අඩුව පුරවන්න WeChat නැමැති පණිවුඩ හුවමාරු කිරීමේ ඇප් එකක් තිබෙනවා. මේක සාමාන්‍ය මැසේජින් ඇප් එකකට වඩා දුර ගිය එකක්. මේ මගින් ෆේස්බුක්, ට්විටර් ආදී සමාජ ජාල මගින් කරන කාර්යයන් විතරක් නෙමෙයි, ෂොපිං කරන්නට, බිල්පත් ගෙවන්නට වගේ දේවලටත් පහසුකම් සැළසිලා තියෙනවා. ඒ නිසා චීන ජනතාවට නම් අපිට තරම් ෆේස්බුක් නැති පාළුවක් දැනෙන්නේ නැතිව ඇති.
2016 අවුරුද්දෙදී තමයි උතුරු කොරියාවේ ෆේස්බුක් තහනමට ලක්වෙලා තියෙන්නේ. උතුරු කොරියාවේ ෆේස්බුක් තහනම් වෙලා තියන එක නම් ඒ හැටි පුදුම වෙන්න කරුණක් නෙමෙයි. උතුරු කොරියාව කියන්නෙ හැම අතින්ම ඉතා දරදඬු පාලනයක් තියන රටක්. ජනතාවගේ ප්‍රකාශන නිදහස සහ අදහස් දැනගැනීමේ අයිතිය පවා ඒ පාලනයට නතු වෙලයි තියෙන්නේ. විදෙස් රටවල් තමන්ගෙ රට ගැන පළකරල තියන අදහස් ජනතාවගෙන් සඟවන්නටත්, තමන්ගේ දේශපාලන මති මතාන්තර ජනතාව අතර වඩ වඩාත් පතුරවන්නටත් කොරියානු පාලකයන් මේ තහනම පණවන්නට ඇතිය කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ අදහස.
ෆේස්බුක් කොහොම වෙතත්, අන්තර්ජාලය පාවිච්චි කිරීමේ නිදහස පවා උතුරු කොරියානු ජනතාවට අහිමිවයි පවතින්නේ. රජයේ ඉහල නිලධාරීන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට සහ ඒ රටේ සංචාරය කරන විදේශිකයින්ට විතරයි අන්තර්ජාලය භාවිතා කිරීමේ නිදහස තරමකට හරි හිමිවන්නේ. සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සඳහා ‘Kwangmyong’ නැමැති අන්තර්ජාල (Intranet) සේවාවක් තමයි එහේ තියෙන්නෙ. ඒ මගින් පණිවුඩ හුවමාරු කරගන්නටත්, සීමිත වෙබ් අඩවි ප්‍රමාණයකට පිවිසෙන්නටත් විතරයි හැකියාව ලැබෙන්නේ.
2017 අවුරුද්දේදි තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නෙ. ජනතාව අතර ඇතිවෙමින් තිබුණු නොසන්සුන්කාරී වාතාවරණය වළක්වන්නට කාෂ්මීර ප්‍රදේශයට මාසයක කාලයක් පුරාවට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල රැසක් අවහිර කරන්නට ඉන්දීය රජය පියවර අරගෙන තිබුණා. ෆේස්බුක් වලට අමතරව යූටියුබ්, ට්විටර්, වට්ස් ඇප්, ස්කයිප්, පින්ටරෙස්ට්, රෙඩිට් ආදී සමාජ ජාල වෙබ් අඩවිත් තාවකාලිකව අවහිරයට ලක්කලා. මෙහෙම අවහිර කරන්නට හේතුව වුණේ කාෂ්මීරයේ ඉන්දීය පාලනයට විරුද්ධ අදහස් පතුරුවාලමින් නොසන්සුන්තා ඇති කරන්නට රාජ්‍ය විරෝධි කණ්ඩායම් මේ මාධ්‍යයන් හරහා කටයුතු කරපු නිසායි.
2013 වසරේදී සලහුදීන් කදීර් චෞද්රී සහ අලි අහ්සාන් මුහම්මද් නැමැති බංග්ලාදේශ දේශපාලඥයින් දෙදෙනාට මරණ දඬුවම හිමිවෙනවා. ඒ 1971 දී බංග්ලාදේශ නිදහස් සටනේදී සිදු කරන ලද මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ ක්‍රියා හේතුවෙන්. තමන්ට හිමි වූ මරණ දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළත්, 2015දී ඒ අභියාචනයත් නිශ්ප්‍රභා වෙලා ඒ දෙදෙනාට මරණ දඬුවම තහවුරු වනවා. කොහොම උනත් ඒ මරණ දඬුවම් තීන්දුව ප්‍රකාශ කරන්නට මත්තෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන් 6ක් තාවකාලිකව තහනම් කරන්නට බංග්ලාදේශ රජය කටයුතු කරනවා. ඒ මෙම තීන්දුවට විරුද්ධ පිරිස් විසින් නොසන්සුන්කාරී වාතාවරණයක් සමාජ ජාල හරහා ඇති කිරීම වළක්වන්නටයි. තහනම පැවතියත් VPN ආදී උපක්‍රම භාවිතාවෙන් බංග්ලාදේශ ජනතාව අන්තර්ජාලය භාවිතා කල නිසා මේ තහනම එතරම් සාර්ථක වන්නේ නැහැ. සති තුනක තහනමකින් පස්සේ මේ තහනම ඉවත් කරන්න රජය කටයුතු කරල තියනවා.
2010 වර්ෂයේදී ‘Everybody Draw Mohammed Day’ නැමැති ෆේස්බුක් පිටුවක් ඉමහත් ජනප්‍රියත්වක් ලබන්නට පටන් ගන්නවා. ලක්ෂයකට අධික සාමාජිකයින් පිරිසක් හිටපු මේ ෆේස්බුක් පිටුව මගින් තමන්ගෙ රසිකයන්ට ආරාධනාවක් කරනවා මුහම්මද් තුමාව චිත්‍රයට නගන්නටය කියලා. මේ කාටූන් චිත්‍ර ඉදිරිපත් කිරීම සඳහා දිනයක්ද නියම වෙනවා. මේ විදිහේ තරඟයක් ඔවුන් සංවිධානය කරන්නේ විරෝධය පළ කිරීමක් හැටියටයි. ප්‍රකට විදෙස් ටෙලි මාලාවක් වන South Park ටෙලියේ එක කථාංගයකදී මුහම්මද් තුමාව නිරූපණය කිරීම හේතුවෙන් එම කථාංගය තහනමට ලක්වෙලා නිර්මාණකරුවන්ට මරණ තර්ජන ගලාගෙන එන්න පටන් ගෙන තියනවා. අන්න ඒකට විරෝධය පළ කරන්න තමයි කාටූන් ශිල්පිණියකගේ අදහසකට අනුව මේ තරඟය සහ ෆේස්බුක් පිටුව බිහිවීම සිදුවන්නේ. කෙසේ වෙතත් ඉහත කී ෆේස්බුක් පිටුව ජනප්‍රියත්වය ලැබීමත් සමගම පකිස්ථානය ඇතුළු ඉස්ලාමීය රටවලින් එය තහනම් කිරීමට ඉල්ලා විරෝධතාවයන් නිකුත් වෙනවා. එහෙම කරන තෙක් පකිස්ථානය තුළ ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව අවහිර කරන්නටද ඔවුන් කටයුතු කරනවා. අවසානයේදී පකිස්ථානය සහ ඉන්දියාව තුළ ඉහත ෆේස්බුක් පිටුව අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ නිසාවෙන් පකිස්ථානයේ ෆේස්බුක් තහනම කෙටි කලකින් අවසන් වී තිබෙනවා.

01. ෆේස්බුක් නැති චීනය

02. උතුරු කොරියාවේ Facebook වෙනුවට Kwangmyong

03. කාෂ්මීරයේ ෆේස්බුක් තහනම
2017 අවුරුද්දේදි තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නෙ. ජනතාව අතර ඇතිවෙමින් තිබුණු නොසන්සුන්කාරී වාතාවරණය වළක්වන්නට කාෂ්මීර ප්‍රදේශයට මාසයක කාලයක් පුරාවට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල රැසක් අවහිර කරන්නට ඉන්දීය රජය පියවර අරගෙන තිබුණා. ෆේස්බුක් වලට අමතරව යූටියුබ්, ට්විටර්, වට්ස් ඇප්, ස්කයිප්, පින්ටරෙස්ට්, රෙඩිට් ආදී සමාජ ජාල වෙබ් අඩවිත් තාවකාලිකව අවහිරයට ලක්කලා. මෙහෙම අවහිර කරන්නට හේතුව වුණේ කාෂ්මීරයේ ඉන්දීය පාලනයට විරුද්ධ අදහස් පතුරුවාලමින් නොසන්සුන්තා ඇති කරන්නට රාජ්‍ය විරෝධි කණ්ඩායම් මේ මාධ්‍යයන් හරහා කටයුතු කරපු නිසායි.
04. මරණ දඬුවමක් නිසා සිදුවූ බංග්ලාදේශ ෆේස්බුක් අවහිරය
2013 වසරේදී සලහුදීන් කදීර් චෞද්රී සහ අලි අහ්සාන් මුහම්මද් නැමැති බංග්ලාදේශ දේශපාලඥයින් දෙදෙනාට මරණ දඬුවම හිමිවෙනවා. ඒ 1971 දී බංග්ලාදේශ නිදහස් සටනේදී සිදු කරන ලද මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණ ක්‍රියා හේතුවෙන්. තමන්ට හිමි වූ මරණ දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළත්, 2015දී ඒ අභියාචනයත් නිශ්ප්‍රභා වෙලා ඒ දෙදෙනාට මරණ දඬුවම තහවුරු වනවා. කොහොම උනත් ඒ මරණ දඬුවම් තීන්දුව ප්‍රකාශ කරන්නට මත්තෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන් 6ක් තාවකාලිකව තහනම් කරන්නට බංග්ලාදේශ රජය කටයුතු කරනවා. ඒ මෙම තීන්දුවට විරුද්ධ පිරිස් විසින් නොසන්සුන්කාරී වාතාවරණයක් සමාජ ජාල හරහා ඇති කිරීම වළක්වන්නටයි. තහනම පැවතියත් VPN ආදී උපක්‍රම භාවිතාවෙන් බංග්ලාදේශ ජනතාව අන්තර්ජාලය භාවිතා කල නිසා මේ තහනම එතරම් සාර්ථක වන්නේ නැහැ. සති තුනක තහනමකින් පස්සේ මේ තහනම ඉවත් කරන්න රජය කටයුතු කරල තියනවා.
05. කාටූන් තරඟයක් නිසා පකිස්ථානයට ෆේස්බුක් අහිමි වෙයි
2010 වර්ෂයේදී ‘Everybody Draw Mohammed Day’ නැමැති ෆේස්බුක් පිටුවක් ඉමහත් ජනප්‍රියත්වක් ලබන්නට පටන් ගන්නවා. ලක්ෂයකට අධික සාමාජිකයින් පිරිසක් හිටපු මේ ෆේස්බුක් පිටුව මගින් තමන්ගෙ රසිකයන්ට ආරාධනාවක් කරනවා මුහම්මද් තුමාව චිත්‍රයට නගන්නටය කියලා. මේ කාටූන් චිත්‍ර ඉදිරිපත් කිරීම සඳහා දිනයක්ද නියම වෙනවා. මේ විදිහේ තරඟයක් ඔවුන් සංවිධානය කරන්නේ විරෝධය පළ කිරීමක් හැටියටයි. ප්‍රකට විදෙස් ටෙලි මාලාවක් වන South Park ටෙලියේ එක කථාංගයකදී මුහම්මද් තුමාව නිරූපණය කිරීම හේතුවෙන් එම කථාංගය තහනමට ලක්වෙලා නිර්මාණකරුවන්ට මරණ තර්ජන ගලාගෙන එන්න පටන් ගෙන තියනවා. අන්න ඒකට විරෝධය පළ කරන්න තමයි කාටූන් ශිල්පිණියකගේ අදහසකට අනුව මේ තරඟය සහ ෆේස්බුක් පිටුව බිහිවීම සිදුවන්නේ. කෙසේ වෙතත් ඉහත කී ෆේස්බුක් පිටුව ජනප්‍රියත්වය ලැබීමත් සමගම පකිස්ථානය ඇතුළු ඉස්ලාමීය රටවලින් එය තහනම් කිරීමට ඉල්ලා විරෝධතාවයන් නිකුත් වෙනවා. එහෙම කරන තෙක් පකිස්ථානය තුළ ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව අවහිර කරන්නටද ඔවුන් කටයුතු කරනවා. අවසානයේදී පකිස්ථානය සහ ඉන්දියාව තුළ ඉහත ෆේස්බුක් පිටුව අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ නිසාවෙන් පකිස්ථානයේ ෆේස්බුක් තහනම කෙටි කලකින් අවසන් වී තිබෙනවා.
ඉස්සුවේ see.lk එකෙන්. ගිහින් බලන්න පට්ට ඒවා තියෙන්නේ