අමුතු පුරුදු තියෙන යාළුවෝ
අපි හැම මනුස්සයම එක වගේ නැහැනෙ. හැමෝම එක එක විදියයි. ඒක හොඳටම පේන තැනක් තමයි කට්ටිය කන්න බොන්න ගියාම කරන එක එක විකාර. එවුව ඉතිං නවත්තන්න බැරි වුනාට මතක් කරලා හිනා වෙන්න පුළුවන්. මේ තියෙන්නෙ අපේ යාළුවො කරන විකාර වැඩ. ඔයාලත් දන්න මේ වගේ පුරුදු තියන යාලුවන්ව බය නැතිව ටැග් කරලා පාවලා දෙන්න.
1. සෝස් චෝස් චෝස්
සමහරු ඉන්නවා රුපියල් 35ක මාළුපාන් ගෙඩියට හැටක සෝස් දාන එවුන්. එහෙම එවුන්ව දැක්කම සෝස්වලට වතුර කවලං කරන මුදලාලිලත් ජලභීතිකාව හැදුනා වගේ ගැහෙනවා. ඒ වගේම තවත් ජාතියක් තමයි බිස්කට් එක්කයි, බටර් කේක් එක්කයි එක්ක වුනත් සෝස් කන එවුන්.
2. දෙහි මිරිකා
අනිත් ජාතිය තමයි මේ දෙහි දාන අවුන්. උන් මුලින්ම දෙහි දැම්මෙ මාලු වලට. ඊටපස්සෙ මස්වලටයි, ඇපල් වලටයි හැම මගුලටම දෙහි දාන්න ගත්තා. ඊටපස්සෙ ඕකුන්ට පීසා කන්න දුන්නත් දෙහි දාලයි පටන්ගන්නෙ. ඕකුන්ගෙ පිස්සුවෙ හැටියට ස්මාට්ෆෝන් එකෙන් ෆේස්බුක් යන්න කලිනුත් දෙහි දායිද දන්නෙ නෑ.
3. අරක්කු බින්දුව
අරක්කු බින්දුවක් එළියට හලලා බොන්න පටන්ගන්න එවුන් කොට්ටාසෙකුත් ඉන්නවා. ඒ අය මලවුන් සිහිකරලලු ඒ දේ කරන්නෙ. තව ඉන්නවා මලවුන් අතරට ඉක්මනින් එක්වෙන්න වගේ පලවෙනි ෂොට් එක නීට් අදින උනුත්.
4. සීතල නැති බියර්
සාමාන්‍යයෙන් බියර් ඉල්ලන්නෙම චිල්ඩ් බියර් කියලනෙ. මුං ඒකෙ අනිත් පැත්ත. සෙම කියලා බියර් බොන්නෙ සීතල යවලා. ඉතිං බියර් කිවුවට මඩ රහයි. ඔවුව හදන්න බෑ හසන්ත මහත්තයො.
5. කන්න කලින්
බත් කන්න කලින් තියෙන හැම එළවළුවකින්ම ටික ටික කාලා බලන එවුන් වගේම කෑමවල සුවඳ බලලා කන්න පටන් ගන්න එවුන් කියලා ජාති දෙකක් ඉන්නවා. ඒවත් ඉතිං අමුතු පුරුදු තමයි.
6. හැම කෑමකින්ම ටිකක්
හැම කෑමකින්ම ටිකක් අන්තිමට විසික් කරන බුවාලා සෙට් එකකුත් ඉන්නවා. ඒ අයගෙ පුරුදු අතාරින්න බැහැ. ඒත් අඩු තරමෙ සතෙක්වත් කාවිනෙ කියලා හිත හදාගන්න පුළුවන්.
7. සම්පූර්ණ කොලේ
බත් එක ඔතලා දීපු සම්පූර්ණ කොලේම හූරගෙන කන බුවාලා ඉන්නවා. ඕකුන් කඩෙන් ගන්න දෙසීයෙ කොත්තුවෙන් තුන්සීයක විතර කනවා. කරපිංචා නැට්ටක්වත් ඉතුරු කරගන්නෙ නැහැ.
8. පපඩම් සීන්
පපඩම් කියන්නෙ එක එකා වෙනස් විදිවලට කන ජාතියක්. සමහර උන්ට බත් එක්ක අනාගෙන කන්න පපඩමයි, බත් කටවල් අතරතුර නිකන් කන්න වෙනම පපඩමකුයි ඕනෙ. පොඩිකාලෙ පුරුද්දට පපඩමට බත් පුරෝගෙන අදටත් කන එවුන් ඉන්නවා. හොදි වල ඇනගෙන පපඩම් කන උන් විතරක් නෙමෙයි පපඩම් වලින් හොදි හදල ඉල්ලන උනුත් ඉන්නවා
9. එක්ස්පෙරිමන්ට්ස්
හැම තැනම කෑම බීම එක්ක එක්ස්පෙරිමන්ට්ස් කරන බුවාලත් ඉන්නවා. කොත්තු එක්ක මයිලෝ කුඩු කාපු එවුන්, අරක්කු ඔරේන්ජ් බාර්ලි එක්ක බීපු එවුන් ඉන්නවා. එහෙම අය හොයාගන්න අමාරුයි. ඒත් ඉන්නවා.
කන්න බොන්න සෙට් වෙන යාළුවො අතරෙ අමුතු පුරුදු තියෙන යාළුවෝ