අමුතු පුරුදු තියෙන යාළුවෝ

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    අමුතු පුරුදු තියෙන යාළුවෝ

    කන්න බොන්න සෙට් වෙන යාළුවො අතරෙ අමුතු පුරුදු තියෙන යාළුවෝ

    අපි හැම මනුස්සයම එක වගේ නැහැනෙ. හැමෝම එක එක විදියයි. ඒක හොඳටම පේන තැනක් තමයි කට්ටිය කන්න බොන්න ගියාම කරන එක එක විකාර. එවුව ඉතිං නවත්තන්න බැරි වුනාට මතක් කරලා හිනා වෙන්න පුළුවන්. මේ තියෙන්නෙ අපේ යාළුවො කරන විකාර වැඩ. ඔයාලත් දන්න මේ වගේ පුරුදු තියන යාලුවන්ව බය නැතිව ටැග් කරලා පාවලා දෙන්න.

    1. සෝස් චෝස් චෝස්

    StrangeFriendHabits-01.gif


    සමහරු ඉන්නවා රුපියල් 35ක මාළුපාන් ගෙඩියට හැටක සෝස් දාන එවුන්. එහෙම එවුන්ව දැක්කම සෝස්වලට වතුර කවලං කරන මුදලාලිලත් ජලභීතිකාව හැදුනා වගේ ගැහෙනවා. ඒ වගේම තවත් ජාතියක් තමයි බිස්කට් එක්කයි, බටර් කේක් එක්කයි එක්ක වුනත් සෝස් කන එවුන්.

    2. දෙහි මිරිකා

    StrangeFriendHabits-02.jpg


    අනිත් ජාතිය තමයි මේ දෙහි දාන අවුන්. උන් මුලින්ම දෙහි දැම්මෙ ‍මාලු වලට. ඊටපස්සෙ මස්වලටයි, ඇපල් වලටයි හැම මගුලටම දෙහි දාන්න ගත්තා. ඊටපස්සෙ ඕකුන්ට පීසා කන්න දුන්නත් දෙහි දාලයි පටන්ගන්නෙ. ඕකුන්ගෙ පිස්සුවෙ හැටියට ස්මාට්ෆෝන් එකෙන් ෆේස්බුක් යන්න කලිනුත් දෙහි දායිද දන්නෙ නෑ.

    3. අරක්කු බින්දුව

    StrangeFriendHabits-03a.jpg


    අරක්කු බින්දුවක් එළියට හලලා බොන්න පටන්ගන්න එවුන් කොට්ටාසෙකුත් ඉන්නවා. ඒ අය මලවුන් සිහිකරලලු ඒ දේ කරන්නෙ. තව ඉන්නවා මලවුන් අතරට ඉක්මනින් එක්වෙන්න වගේ පලවෙනි ෂොට් එක නීට් අදින උනුත්.

    4. සීතල නැති බියර්

    StrangeFriendHabits-04.gif


    සාමාන්‍යයෙන් බියර් ඉල්ලන්නෙම චිල්ඩ් බියර් කියලනෙ. මුං ඒකෙ අනිත් පැත්ත. සෙම කියලා බියර් බොන්නෙ සීතල යවලා. ඉතිං බියර් කිවුවට මඩ රහයි. ඔවුව හදන්න බෑ හසන්ත මහත්තයො.

    5. කන්න කලින්

    StrangeFriendHabits-05.jpg


    බත් කන්න කලින් තියෙන හැම එළවළුවකින්ම ටික ටික කාලා බලන එවුන් වගේම කෑමවල සුවඳ බලලා කන්න පටන් ගන්න එවුන් කියලා ජාති දෙකක් ඉන්නවා. ඒවත් ඉතිං අමුතු පුරුදු තමයි.

    6. හැම කෑමකින්ම ටිකක්

    StrangeFriendHabits-06.jpg


    හැම කෑමකින්ම ටිකක් අන්තිමට විසික් කරන බුවාලා සෙට් එකකුත් ඉන්නවා. ඒ අයගෙ පුරුදු අතාරින්න බැහැ. ඒත් අඩු තරමෙ සතෙක්වත් කාවිනෙ කියලා හිත හදාගන්න පුළුවන්.

    7. සම්පූර්ණ කොලේ

    StrangeFriendHabits-07.gif


    බත් එක ඔතලා දීපු සම්පූර්ණ කොලේම හූරගෙන කන බුවාලා ඉන්නවා. ඕකුන් කඩෙන් ගන්න දෙසීයෙ කොත්තුවෙන් තුන්සීයක විතර කනවා. කරපිංචා නැට්ටක්වත් ඉතුරු කරගන්නෙ නැහැ.

    8. පපඩම් සීන්

    StrangeFriendHabits-08.jpg


    පපඩම් කියන්නෙ එක එකා වෙනස් විදිවලට කන ජාතියක්. සමහර උන්ට බත් එක්ක අනාගෙන කන්න පපඩමයි, බත් කටවල් අතරතුර නිකන් කන්න වෙනම පපඩමකුයි ඕනෙ. පොඩිකාලෙ පුරුද්දට පපඩමට බත් පුරෝගෙන අදටත් කන එවුන් ඉන්නවා. හොදි වල ඇනගෙන පපඩම් කන උන් විතරක් නෙමෙයි පපඩම් වලින් හොදි හදල ඉල්ලන උනුත් ඉන්නවා

    9. එක්ස්පෙරිමන්ට්ස්

    StrangeFriendHabits-09.gif


    හැම තැනම කෑම බීම එක්ක එක්ස්පෙරිමන්ට්ස් කරන බුවාලත් ඉන්නවා. කොත්තු එක්ක මයිලෝ කුඩු කාපු එවුන්, අරක්කු ඔරේන්ජ් බාර්ලි එක්ක බීපු එවුන් ඉන්නවා. එහෙම අය හොයාගන්න අමාරුයි. ඒත් ඉන්නවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අපෙත් ඉන්නවා ගොන් අපතයෙක් සීතල යවල බියර් බොන...ඌව හදන්න බෑ
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    හැම තැනම කෑම බීම එක්ක එක්ස්පෙරිමන්ට්ස් කරන බුවාලත් ඉන්නවා. කොත්තු එක්ක මයිලෝ කුඩු කාපු එවුන්, අරක්කු ඔරේන්ජ් බාර්ලි එක්ක බීපු එවුන් ඉන්නවා. එහෙම අය හොයාගන්න අමාරුයි. ඒත් ඉන්නවා. :lol:
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    අපේ ඉන්නවා.....
    සැලඩ් එකක් හදාගන ඒකට වටු බිත්තර තුනක් දාල කාපු එකෙක්.

    නොදකින්....
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    math emai sooooos danwa palenna thwa udeta kiri bona kota hodatma niwennaa one kiri wathurai 2kma one kiri ugurai wathura ugurai thwa suwandath balnwa mta tea niwila arennana bonna appiriyai mas kanna aaaaaaasai akabdwasak 1kg 750g pork gennalla badala thaniyma kwa shoook niymai
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :rofl:
    පපඩම් ඇතුලට බත් පුරෝලා මමත් කෑවා කලින්.දැන් පපඩම් හරි නැහැ. :dull:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මම ඔරේන්ජ් බාර්ලි එක්ක නෙ අරක්කු බොන්නෙ
    උඹලා එහෙම නෙමේද? :shocked:
    අර ලයිම් එකත් පට්ට රසයි
    9.gif
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    හැම තැනම කෑම බීම එක්ක එක්ස්පෙරිමන්ට්ස් කරන බුවාලත් ඉන්නවා. කොත්තු එක්ක මයිලෝ කුඩු කාපු එවුන්, අරක්කු ඔරේන්ජ් බාර්ලි එක්ක බීපු එවුන් ඉන්නවා. එහෙම අය හොයාගන්න අමාරුයි. ඒත් ඉන්නවා. :lol:

    ගල් ඔරේන්ජ් බාර්ලිත් එක්ක මරු බන්.....සොදුරු ළමාවිය.....:lol:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    man me wage ekek
    pradana hethwua mata kaddi e welawe me loke kanna nathuwa badaginne inna thawath minissu mathak wenawa.

    7. සම්පූර්ණ කොලේ

    StrangeFriendHabits-07.gif


    බත් එක ඔතලා දීපු සම්පූර්ණ කොලේම හූරගෙන කන බුවාලා ඉන්නවා. ඕකුන් කඩෙන් ගන්න දෙසීයෙ කොත්තුවෙන් තුන්සීයක විතර කනවා. කරපිංචා නැට්ටක්වත් ඉතුරු කරගන්නෙ නැහැ.