මචන් මේ වගේ කරුණු ගැන මම දරන්නේ මේ වගේ අදහසක්. උලමා කියන්නේ බුකුසු වර්ගයට අයත් මාංශ භක්ෂක සතෙක්.උලමාගේ නද කිරීම් සහ උන්ගේ හැසිරීම් රටා ගැන වැඩි විස්තර මහාචාර්ය සරත් කොටගම මහතාගේ "සිරි ලක කුරුල්ලෝ" කියන පොතෙන් දැන ගන්න පුළුවන්.එතුමාගේ මතයට අනුව උලමගේ නාද කිරීමයි, මිනිසුන්ට අනතුරු වීමි අතර කිසිම සම්බන්ධයක් නැත. ඉතිරි කරුණු 2ද හුදෙක් මිත්‍යා විශ්වාස මත පදනම් වූ කරුණුය.දිනපතාම ලෝකයේ සැම තැනකම මිනිසුන් මිය යයි. මිනිසුන්ට සතුට සේම දුකද ඇතිවේ.එම නිසා එදිනෙදා සිදුවන පොදු සිදුවීම් හා මෙවන් කරුණු අතර පැරැන්නන් යම් කිසි සමාන කමක් දැක්කත් සත්‍ය වශයෙන්ම එවැනි කරුණක් විද්‍යාත්මකවද සනාථ කර නැත.එම නිසා වඩාත් සුදුසු වන්නේ මෙවන් දේවලින් මනස සසල කර නොගෙන ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන සිහිබුද්දියෙන් කටයුතු කිරීම පමණයි.



