සංවාදයට විව​ෘතයි

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සංවාදයට විව​ෘතයි

    24232416_1448174001965861_2168927047394803861_n.jpg



    "මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා"

    විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය.

    පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය වෙලා නැති නිසා. දරුවෙක්ගේ මනසට ලොව පුරා වැඩිහිටියන් තමන්ගේ ඔලුවල තියෙන අනේකවිද බහුබූත ‘පරම සත්‍යයන්’ විදියට කොටලා පෙව්වේ නැත්නම් ඒ දරුවන් කාලයාගේ ඇවෑමෙන් වැඩිහිටියන් වුනයින් පස්සෙ ලෝකය දිහා කොයි විදියට බලයිද? යථාර්තය ගැන ඔවුන්ගේ දැක්ම මොන වගේ වෙයිද? කුඩා කාලයේ දරුවන්ගේ ඔලුවලට ආගමික සහ අධිස්වභාවික සිද්ධීන් ගැන මතවාද ඇතුලු නොකරන ලෝකයක, මෙවැනි ඇදහිලි සහ විශ්වාස කොයිතරම් නම් කල් පවතියිද? සමහර විට අපේ සංස්කෘතිය සැලකුවොත්, අපේ ජීවිත කාලය තුල මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න හම්බෙන එකක් නැහැ. එක අතකට ඒක අපේ අවාසනාව.

    මේ ගැන ඉතාම සිත්ගන්නා සුළු අදහසක් මට අහම්බෙන් හමුවෙනවා ඇමරිකාවේ ප්‍රසිද්ධ කලා සම්ප්‍රදායක් වන Stand up comedy එකකදී Bill burr නම් ඉදිරිපත් කරන්නා තුළින්. (පාසල සහ දහම්පාසල කියන මොළශෝදක කම්හල් දෙකෙන් ඉගෙනගත්තාට වඩා මම ලෝකය ගැන ඉගෙනගත්තා Stand up comedy නැරඹිම මඟින්. ඒකත් එක අතකට හිනා නොයන විහිලුවක්)

    Bill burr එක තැනකදී කියනවා මෙහෙම,

    “හැම ආගමකම කියනවා කතන්දර. අපි ඇති වුනේ කොහොමද..අපි යන්නේ කොහෙද.. අපි මැරුනයින් පස්සේ වෙන්නේ මොකක්ද.. වගේ දේවල් ගැන. වැඩේ කියන්නේ අනිත් හැමෝගෙම ආගම් වල ඔය දේවල් ගැන උගන්නන දේවල් අපිට පේන්නේ මාරම අමු මෝඩ දේවල් විදියට. අපේ ආගමේ උගන්නන දේ හැර. මම ජීවත් වෙන්නේ ලොස් ඇන්ජලිස් වල. මම ජීවත් වන නගරයේ ඉන්නවා සයන්ටලොජිස්ට්ලා ඕන තරම් (Scientology යනු ආගමකි). මම සයන්ටලොජි ආගමේ කතාව මුලින්ම අහපු දවසේ මට හිතුන දේ තමා ඒ වගේ අමු මෝඩ බූරු කතාවක් මම මීට කලින් ජීවිතේට අහලා නෑ කියන එක. වැඩේ කියන්නෙ ඒ කතාව මෝඩ ගොං කතාවක් කියලා හිනා වෙන ගමන් මම ඒ දවස් වල විශ්වාස කලා කිසිම දවසක පිරිමියෙක් එක්ක නිදාගත්තෙ නැති ගෑණියෙක් වතුර මත ඇවිදින්න පුළුවන් ළමයෙක් හදල ඒ ළමයා මැරිලා දවස් තුනකින් ආයෙම මරණින් නැගිටලා ආවා කියන කතාව. මම අර කතාවට හිනා වුනාට ඔය දෙවනි කතාව විශ්වාස කරන එක කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ. මම ඒක ඉතාම පැහැදිළි ඇත්තක් විදියට විශ්වාස කලා. ඔහොම ඉද්දි මම එක දවසක් කල්පනා කලා, ඇයි මේ කතාව කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිගන්න මට අර කතාව මහ මෝඩ කතාවක් විදියට පේන්නේ කියල. ඕකට තියෙන්නේ හරිම සරල හේතුවක්. මොකක්ද දන්නවද?..

    ….ඔය දෙවනි කතාව මට අහන්න හම්බුනේ මම වැඩිහිටියෙක් විදියට ඉද්දි. මම පිළිගන්න ආගමේ කතාව මට මුලින්ම ඇහැද්දි මට වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ කාලෙ නත්තල් දවසෙ නාකි මහත මිනිහෙක් වහලෙන් ඇවිල්ලා මට තෑගි තියලා යනවා කියලා පිළිගත්ත මට රැවුල වවාගත්ත බබෙක් වතුර උඩ මූන් වෝක් එක දදා දඟල දඟල මිනිස්සුන්ට මාළුයි පානුයි විසිකර කර හිටියා කියන එක පිළිනොගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ. ඒ මම හයක් හතරක් නොතේරෙන පොඩි එකෙක් නිසා…”

    ඇත්තම කතාව මේක නෙමේද?

    තමන්ගේ ආගම පරම සත්‍යය කියල විශ්වාස නම්, තමන්ගේ දරුවා බුද්ධිමත් වැඩිහිටියෙක් වුනයින් පස්සේ ලෝකයේ ඇති ප්‍රධාන ආගම් ගැන සහ නූතන විද්‍යාව ගැන ඉගෙනගෙන හරි දේ තෝර ගනියි කියන විශ්වාසය ඔවුන් තුල නැත්තේ ඇයි? තමන්ගේ ආගම පරම සත්‍යය නම් බය වෙන්නේ මොකටද?

    (ලංකවේ ළමා මහණ කිරීම් නවත්තලා අවබොධයෙන් යුත් වැඩිහිටියන් පමණක් මහණ කරවන තත්වයක් ඇති කලොත් ශාසනය කොයි තරම් නම් කල් පවතියිද කියන එකත් සිත් ගන්නා සුළු ප්‍රශ්නයක්. තුන් ලොවේම පරම සත්‍යය සහ බුද්ධිමතුන්ගේ ධර්මය විදියට හඳුන්වන ආගමක පැවැත්ම රඳා පවතින්නේ හයක් හතරක් නොතේරෙන දරුවන් ඒ ආගමට කුඩා කාලයේදීම බඳවා ගැනීම තුළින් කියල ඒ ආගමේම උදවිය කියන එක ඇත්තටම ඒ අය ලජ්ජාවට පත් විය යුතු කාරණයක් නෙමේද?)

    ආගම් වෙනුවෙන් පෙනී ඉන්න වැඩිහිටියන් සහ පූජ්‍යය පක්ෂය තමන්ගේ ආගම ගැන කියල දෙන්න තමන්ගේ දරුවන් වැඩිහිටියන් වෙනකල් ඉන්න සූදානම් නැත්තේ, ඔවුන්ගේ යටි හිත දන්නවා වැඩිහිටි මනසකට මේ මනස්ගාත ලේසියෙන් ඔබ්බවන්න බැරි බව. වැඩිහිටි මනසක් මේ වගේ දේවල් විචාරයෙන් තොරව පිළිනොගන්නා බව. ඒ නිසයි ඔවුන් විසින්ම ‘පරම සත්‍යය’ කියල හඳුන්වන ආගම් පවා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔලු වලට කොටල පොවන්නේ.

    ආගම් පමණක් නොවේ, විද්‍යාව පවා පරම සත්‍යයක් විදියට දරුවන්ට ඉගැන්විය යුතු නැහැ කියන මතයේ තමා පුද්ගලිකව මම ඉන්නේ. දරුවන්ට දිය යුත්තේ තමන්ගේම කියා මතවාද ගොඬනගා ගැනීමට අවශ්‍යය දැනුම මිසක ‘පරම සත්‍යයන් ගැන පිළිතුරු’ නෙමේ. ඔවුන්ට කියල දෙන්න ඕන හිතන්න ඕන ‘විදිය’ මිසක හිතන්න ඕන ‘දේවල්’ නෙමේ. අපි දරුවන්ට අපේ ඔලුවල තියෙන උත්තර කටපාඩම් කරවනව වෙනුවට කරන්න ඕන ඔවුන්ටම ඒ උත්තර හොයාගන්නා ක්‍රමවේදයන් කියල දෙන එකයි. නැතුව අපේ මතවාද වලින් දරුවන්ගේ ඔලු පුරවන එක නෙමේ. එහෙම කරන එක නොවැඩුන මනසින් යුත් දරුවන්ට කරන විශාල අසාධාරණයක්.

    මගේ නෑදෑ දියණියක් ඉන්නවා අවුරුදු 12ක විතර. ඇය දවසක් මගෙන් අහනවා ප්‍රශ්නයක්. වැඩිහිටියෙක් විදියට මටවත් කිසිම දවසක නොහිතුන කතාවක් තමා ඇය මගෙන් ඇහැව්වේ

    “බාප්පේ, සිදුහත් කුමාරයා ඉපදිලා පියවර හතක් ඇවිදලා මම ලොවට අග වෙමි කවිය කියල ඉවර වෙලා ආයෙම අම්මාගේ තුරුළට ගිහින් අඬ අඬ අම්මාගෙන් කිරි බිව්වද? ඒක එහෙම වෙන්න බෑ නේද?”

    මේ වගේ හිතන දරුවන්ගේ මනසට විලංගු නොදමා ඉන්න තරම් වැඩිහිටියන් නිහතමානී වුනානම් කොයි තරම් නම් නිදහස්ව හිතන, නිර්මාණශීලී අනාගත පරපුරක් මනුස්ස සංහතියට දායාද කරන්න අපිට පුළුවන්වෙයිද?

    කලින් කිව්වා වගේ, ඒ ප්‍රශ්නයට උත්තරේ අපේ ජීවිත කාලයේදී නම් අපට දැනගන්න ලැබෙන එකක් නැහැ. මේ තත්වය මෙහෙමම පැවතුනොත් ඒක ඔබේත් මගේත් අපේ අනාගත පරපුරේත් අවාසනාව කියල හිතහදාගන්නවා හැර කරන්න දෙයකුත් නැහැ.

    Copyright : Jamis Banda
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඇත්තටම මෙ කතා වල කිසි වැරැද්දක් නෑ. මොකද අද මිනිස්සු දෙයක් ඇහෙන් දකින්නෙ නැතුව කිසි දෙයක් විශ්වාස කරන්නෙ නෑ. මම නම් කියන්නෙ ඔය කතන්දර මොනා කිව්වත්. ඒවා ඇත්තද කියල කල්පනා කරනවට වඩා පෙන්නල තියෙන මාර්ගය හරිද් කියල කල්පනා කරලා හොයල බලල බුද්දියෙන් කටයුතු කරන්න ඕන කියල. මිහිදු හාමුදුරුවෝ වැඩියෙ කොහොමද කියල කොහොම හරි හොයා ගත්ත කියමු. ඒකෙන් අපිට ඇති වෙන වාසිය හෝ යහපත මොකක්ද? ඒත් මිහිදු හාමුදුරුවො කොහොම හරි ඇවිත් දේශනා කරපු ධර්මයෙන් මිනිස්සු යහ මගට යන්වනම්. මෙ දෙකෙන් මොකක්ද වැදගත් කියල හිතන්න මිනිස්සුන්ටම බාරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඕවා මොනාද බන්. පොඩි කාලේ ගොඩක් අය හිතන් හිටියෙ තමන්ව දෙවියො තමයි අම්මටයි තාත්තටයි දුන්නෙ කියලා. ඒ ගැන එලකිරියෙම ත්‍රෙඩ් එකක් තිබ්බා. යූටියුබ් එකේ අම්මයි තාත්තයි පොඩි අයට කියනවා ඒ අය මේ ලෝකෙට ආපු විදිහ. පොඩි අය බය වෙලා. සමහරු අඬනවා. සමහරුන්ට ලැජ්ජයි. හොයන් බලපන්.

    මනුස්ස ස්වභාවය, නොදන්න දේවල් දන්න දන්න දේවල් වලින් පුරවගෙන හිස් තැන් ටික ඉවරකරන ස්වභාවය. ඒ හිස් තැන් වලට පුරවන සත්‍ය අසත්‍යභාවය අදාලම නෑ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හෙලිකොප්ටරය ලොකු කෙනෙක් එතන අඳින්න උපදෙස් දෙන්න ඇති. නැත්තම් පොඩි එකෙක් ඔහොම අඳින්නෙ නෑ. මගේ තර්කය ඒකයි. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙලිකොප්ටරය ලොකු කෙනෙක් එතන අඳින්න උපදෙස් දෙන්න ඇති. නැත්තම් පොඩි එකෙක් ඔහොම අඳින්නෙ නෑ. මගේ තර්කය ඒකයි. :P
    පොඩි උන්ට තමා ඕවා හිතෙන්නේ :yes: ලොකු උන්ට හිතුනත් "හාපෝ මේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩිය අවස්තාවනේ නෙ විහිලු කරන්න හොඳ නෑ" කියල ඒ සිතුවිල්ල යට ගහගන්නවා :baffled: පොඩි එකෙක්ම තමා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි ලමයෙක් වෙන්ඩ ඇති "අහසින් ආව කිව්වම" හෙලිකොප්ටරයක් ගැන හිතෙන්ඩ ඇත්තෙ අලුත් පරපුරේ නිසා.

    ඕක අඳිනකොට කවුරුහරි ලඟ හිටියනම් ඌ නම් මෝඩ මූසලයෙක් වෙන්ඩ ඕනි :lol:
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    පොඩි ලමයෙක් වෙන්ඩ ඇති "අහසින් ආව කිව්වම" හෙලිකොප්ටරයක් ගැන හිතෙන්ඩ ඇත්තෙ අලුත් පරපුරේ නිසා.

    ඕක අඳිනකොට කවුරුහරි ලඟ හිටියනම් ඌ නම් මෝඩ මූසලයෙක් වෙන්ඩ ඕනි :lol:

    පොඩි එකෙක්ම තමා :lol:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    පොඩි ලමයෙක් වෙන්ඩ ඇති "අහසින් ආව කිව්වම" හෙලිකොප්ටරයක් ගැන හිතෙන්ඩ ඇත්තෙ අලුත් පරපුරේ නිසා.

    ඕක අඳිනකොට කවුරුහරි ලඟ හිටියනම් ඌ නම් මෝඩ මූසලයෙක් වෙන්ඩ ඕනි :lol:

    :yes::yes::yes::yes: