අමුතු රසවින්දනයක් තියන Films - 03

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    කලින් කිව්වා වගේම ඉස්සෙල්ලාම කියන්න ඕනේ, මේ ෆිල්ම්ස් වල කතාව ටිකක් අමුතුයි, ඒත් නිවිසැනසිල්ලේ බැලුවම අමුතු ගතියක් තියෙනව. Download කරලම බලන්න.. ලින්ක් එකත් දාල තියෙනව. මේ Films එකකවත් මම Details කියන්න යන්නේ නෑ.. කිව්වොත් ගතිය නැතිවෙනව.. Trailer එක බලන්නේ නැතුව ෆිල්ම් එක බලන්න. තව 08ක් ගැන කියන්නම්,,, ඉතිරි ඒවා ගැන පස්සෙ කියන්නම්

    08. The Shawshank Redemption

    shawshankredemption.jpg


    සාර්ථක බැංකුකරුවෙක්, ඔහුගේ බිරිඳ සහ ඇගේ පෙම්වතා ඝාතනය කිරීම නිසා ජීවිතාන්තය දක්වා හිරේට යනවා.. එතනදි සිද්ධවෙන පට්ට Story එකක් ගැන තමා කතාව යන්නේ.. නිවිහැනහිල්ලේ බලන්න ඕනේ නැත්තං ගතියක් නෑ Morgan Freeman, Tim Robbins තමා ප්‍රධාන චරිත කරන්නේ.. Morgan Freeman මුල් කාලේ කරපු film එකක්

    Link : https://mega.nz/file/the-Shawshank-redemption

    07. Triangle

    triangle.jpg


    යාළුවෝ සෙට් එකක් බෝට්ටුවේ විනෝද ගමන්ක් යනකොට වෙන අනතුරක් නිසා බේරෙන්න මුහුද මැදදි නැවකට පනිනවා. කොහොම උනත් නැවේදි වෙන්නේ පට්ටම seen ටිකක්... හිතන්නේ වත් නැති සීන් එකක්.. Mystery, Horror & Thriller කාණ්ඩ තුනම එකතු කරල හදපු Film එකක් කියල කියන්න පුලුවන්.. හොඳ සිහියෙන් ඉන්න වෙලාවක බලන්න..

    Link : https://mega.nz/file/Triangle

    06. The Girl on the Train

    girl on the train.jpg


    උදේම කොච්චියේ වැඩට යද්දී එකම දේ හැමදාම දැකලා ඒක එකපාරටම වෙනස් උනාම මොනවගේ වෙයිද.. ඒ වෙනස් වුන දේ දැකපු රේචල් (Emmily Blunt) ඒ කතාවෙම එක කොටසක් වෙලා දෙලොවක් අතර තනිවෙලා සිද්ධ වෙන කථාවක් තමා මේ Film එකෙන් කියවෙන්නේ..

    Link : https://mega.nz/file/the-girl-on-the-train

    05. The Invisible Guest

    invisible.jpg


    එකපාරම අගුළුදාපු හෝටල් කාමරයක් ඇතුලේ, තුවාලත් එක්ක අවදි උනොත් මොකද වෙන්නේ.. ඒ විතරක් නෙවෙයි තමන්ගේ පෙම්වතියගේ මළසිරුර ඒ ලඟම තිබ්බම කරකවල අත ඇරිය වගේ නෙහ්. මේ Film එකෙන් බලාගන්න පුලුවන් තරුණ ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින කීර්තිමත් නීතිඥයා, එක් රාත්‍රියක් පුරා වෙහෙසෙන ආකාරය.. බලන්නම ඕනේ අන්තිමට වෙන්නේ අමුතුම Ending එක තේරුම් ගන්න..

    Link : https://mega.nz/file/the-invisible-guest

    04. Seven

    seven.jpg


    ක්‍රිස්තියානි ආගමට අනුව තියන පාප කර්ම 07 කට අනුව මිනී මරන අපරාධකාරයෙක් අල්ලන්න අලුතෙන් එන රහස් පරික්ෂකයෙක් (Brad Pitt) හා විශ්‍රාම් යන්න ඉන්න් රහස් පරීක්ෂකයෙක් (Morgan Freeman) එකතුවෙලා කරන පට්ට Game එකක් ගැන තමා Film එක දුවන්නේ.. ඒ උනාට අන්තිම හරියේදි කතාව වෙනස් වෙන හැටි හිතා ගන්නවත් බෑ.. බලන්න වටින ෆිල්ම් එකක්..

    Link : https://mega.nz/file/se7en

    03. Memento

    memento.jpg


    ගජිනි (හිංදි/දෙමළ ) film දෙකම කොපි කරපු ඔරිජිනල් එක තමයි Memento කියන්නේ.. ගජිනි එක වගේ මේකේ Drama නෑ.. එකේ වගේ Fight නෑ කතාව ගොඩක් වෙනස්.. Story එක Thrill එක පට්ට විදිහටම තියෙනවා.. බලන්නම වටින film එකක්..


    Link : https://mega.nz/file/memento

    02. Zodiac

    zodiac.jpg


    හැමොම දන්නවනේ Zodiac කියල Serial Killer කෙනෙක් හිටියා කියලා.. එයා ගැන ඉන්ටරස්ට් එකේ ඉන්න පත්තරයකට කාටුන් අඳින ඩයල් එකක් එයාගේ තියන ප්‍රෙහේලිකා විසඳන්න පුලුවන් හැකියාව නිසා Zodiac Killer ගැන හොයන්න යන සිද්ධිය තමා Film එකේ තියන්නේ.. සමහරවිට මේ Film එක බලන කෙනෙකුට මොලේ කොලොප්ප්ං වෙන්න ඉඩතියෙනවා Zodiac Killer කියන්නේ ඇත්තටම කවුද කියලා..


    Link : https://mega.nz/file/zodiac


    01. The Departed

    deparded...jpg


    රහස් පොලිසියේ Under Cover යුනිට් එකේ පොරක් පාතලලෝකේ කෙරුමෙක්ගේ ගැන්සියට රිංගලා, එකේ රහස්, පොළිසියට දෙන්න ගහන ගේම් ගැන තමා film එක යන්නේ.. මේකේදි පාතලලොකේ අය පොලිස් රහස් එකතු කරන්නේ කොහොමද කියලත් බලා ගන්න පුලුවන්.. අන්තිම වෙනකන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ටම Film එකක්.. Leanardo Decaprio, Matt Demon, Jack Nicholsan වගෙ පට්ට ටැලන්ටඩ් ඇක්ටර්ස්ලා මේකේ ඉන්නවා

    Link : https://mega.nz/file/The-Departed


    අමුතු රසවින්දනයක් තියන Films - Part 02

    අමුතු රසවින්දනයක් තියන Films - Part 01