අමරණීය ජෙලිෆිෂ්
***
Naked mole-rat
***
Tardigrade
***
Hairy frog
***
Mantis shrimp
***
Mimic octopus
***
Platypus
***
Criocerinae leaf beetle
***
මැක්කා
***
Lyrebird
***
ඉස්සුවේ : brightside.me
ජෙලිෆිෂ් තමන්ගේ ජීවිතය පටන් ගන්නේ "planula" කියලා හැඳින්වෙන කුඩා බුබුලක් (blob) එකක් විදිහට. මෙම blob එක වර්ධනය වෙලා තමයි සම්පුර්ණ ජෙලිෆිෂ් කෙනෙක් හැදෙන්නේ. ඉතිං කොහොමද මෙයාලා අමරණීය වෙන්නේ?
මොවුන් පහර දීමකට ලක්වීම, ලෙඩ වීම හෝ මහලු වියට පැමිණියාට පසු ජෙලිෆිෂ් ට පුළුවන් ඔවුන් කලින් හිටිය blob කියන තත්වයට නැවත පරිවර්තනය වෙලා ජිවිතේ අලුතෙන් පටන් ගන්න. එක නිසා මොවුන් අමරණීය ලෙස හැඳින්වෙනවා. මරු නෙහ්?
මොවුන් පහර දීමකට ලක්වීම, ලෙඩ වීම හෝ මහලු වියට පැමිණියාට පසු ජෙලිෆිෂ් ට පුළුවන් ඔවුන් කලින් හිටිය blob කියන තත්වයට නැවත පරිවර්තනය වෙලා ජිවිතේ අලුතෙන් පටන් ගන්න. එක නිසා මොවුන් අමරණීය ලෙස හැඳින්වෙනවා. මරු නෙහ්?
***
Naked mole-rat
සිංහලෙන් කියන නම නම් දන්නේ නැහැ. මුගේ හමේ තියන විශේෂත්වයක් නිසා මේ මීයට වේදනාව දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මොලේට pain signal යන්නේ නැහැ. ඒ වගේම පිළිකා රෝගයට සම්පුර්ණයෙන්ම resistance ජීවියෙක් තමයි මේකා.
***
Tardigrade
පොඩියට හිටියට මේ ලෝකේ ඉන්න මරන්න අමාරුම සතෙක් තමයි මෙයා. උෂ්ණත්වය −458°F (-272°C) to 300°F (150°C) දක්වාත් පීඩනය 40,000 kPa දක්වාත් ඉන්න මෙයාට පුළුවන්. ඒ වගේම ඉතා ඉහළ විකිරණශීලි පරිසරයක වගේම වාතය නොමැති රික්තයක මෙයාට ජීවත් වෙන්න පුළුවන්. ආහාර හා ජලය නොමැතිව අවුරුදු 30 ට වඩා ජීවත් වීමේ හැකියාවක්ද මෙයාට තියනවා.
***
Hairy frog
සත්ව ලෝකයේ ඉන්න Wolverine විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. මොකද මෙයාට හැකියාව තියනවා තමන්ගේ අෂ්ටි වලින් කැමති ආකාරයට නියපොතු වවා ගන්න. මොවුන් හට තර්ජනයක් එල්ල වූ අවස්ථාවකදී තියුණු නියපොතු සාදාගෙන පහරදීමේ හැකියාවක් තියනවා.
***
Mantis shrimp
මෙයා ගාව තියනවා දරුණු ආයුදයක්!! නියපොතු තමයි මෙයාගෙත් ආයුදේ වෙන්නේ. මොවුන්ගේ නියපොතු ඉතාමත් තියුණු වගේම 53 mph (23 m/s) වේගයකින් හසුරුවන්නත් මෙයාට පුළුවන්. Scientists ලා මෙයාලව තියාගෙන ඉන්නේ ලොකු ගණත්වයක් තියන ප්ලාස්ටික් භාජන වල ලු. මොකද වීදුරු ටැංකියක් ඉතා පහසුවෙන් සිදුරු කිරීමේ හැකියාවක් මෙයාගේ නියපොතු වලට තියෙන නිසා.
***
Mimic octopus
නමේම තියනවා නේ මෙයා දක්ෂ මොනවටද කියලා. ඔව් ඔව් අනුකරණය කරන්න තමයි. මෙයාට පුළුවන් ඕනිම ජීවියෙක් අනුකරණය කිරීමේ හැකියාවක්. හමේ පාට, ස්වභාවය වගේම එම අනුකරණය කරන සතාගේ හැසිරීම හා හැඩය ද වෙනස් කිරීමේ හැකියාවක් මෙයාට තියනවා.
***
Platypus
බිත්තර දාන එකම ක්ෂීරපායී සතා විදිහට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාට තියන තවත් විශේෂත්වයක් තමයි මෙයාගේ පිහිටලා තියන 6 වෙනි දැනීමේ ශක්තිය (6th sense) ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනෙන දේවල් වලට අමතර මෙයාට පුළුවන් electrical signals හඳුනා ගන්න. මන් දන්න විදිහට මෝරුන් හටත් මේ ඉන්ද්රිය පිහිටලා තියනවා.
***
Criocerinae leaf beetle
මේ සතා ආරක්ෂාව සඳහා අනුගමනය කරන්නේ අමුතුම ක්‍රමයක්. තමන්ගේ මලමූත්රාදියෙන් ආවරණය කරගන්න එක තමයි මෙයාගේ trick එක. දැක්කම කන්න හිතෙන්නේ නෑ නේ?
***
මැක්කා
සත්ව ලෝකයේ උස පනින ක්‍රීඩකයා තමයි මෙයා. ශරීරයේ පරිමාව අනුව ගත්කල අඟල් 7 ත් 13 ත් අතර පැනීමේ හැකියාවක් මොවුන්ට තියනවා. මැක්කෙක් ගිය උඩ නේ?
***
Lyrebird
සමහර කුරුල්ලන්ට පුළුවන් නොයෙකුත් ශබ්ද අනුකරණය කරන්න. උදා: ගිරවා. නමුත් මෙයාට පුළුවන් ඕනිම ශබ්දයක් අනුකරණය කරන්න. මෙයාට ඕනි නම් පුළුවන් දුම්රියක්, camera shutter, ambulance tone එක උනත් අනුකරණය කරන්න. ගිරව් කැලේ.
***
ඉස්සුවේ : brightside.me

lyre bird
