අමුතු_ලන්තය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න ඉතිං හැම ලන්තෙම තියෙන නිසා මමත් හිතුව අලුත් ලන්තයක් පටන් ගන්න... මේ තමයි අමුතුලන්තය.. ඔයාලට දකින් කියන අමුතු අමුතු දේවල් අමුතු පොටෝ හැමදේම දකින්න කියන්න බෙදා හදා ගන්න එන්න මේ පැත්තට
    6r4ztf.png




    රූපවාහිනි නිවේදිකාව සතුන් වෙනුවෙන් නිරුවත් වෙයි






    naked.jpg

    හොලිවුඩ් නිළියක් මෙන්ම මෝස්තර නිරූපිකා හා රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක් වන ඔලිවියා මන් නිරුවතින් දැන්වීම් පෙළක් සඳහා පෙනී සිට ඇතැයි වාර්තා වනවා. ඇය මෙසේ පෙනී සිට ඇත්තේ සතුන්ගේ සම් හා ලොම් භාවිතා කර සිදු කරන ඇඳුම් නිෂ්පාදනයට එරෙහිව නැගී සිටින පේටා සංවිධානයේ දැන්වීම් පෙළක් සඳහායි.

    31 හැවිරිදි ඔලිවියා සිය දෑත් වලින් පමණක් තම නිරුවත වසා සිටින අයුරු මෙම දැන්වීවලින් නිරූපණය වේ. මෙම දැන්වීම් පළ කර ඇත්තේ චීනයේ පවත්වාගෙන යන සත්ත්ව ලොම් ගොවිපොළවල් වල සිදුවන කෲරත්වයට එරෙහිව බවයි වාර්තා වන්නේ. මෙම දැන්වීම් සහිත පුවරු ලොස් ඇන්ජලීස් නගරයේ පසුගිය 13දා එළිදක්වනු ලැබිණි. “ලස්සන වීමට සත්ත්ව ලොම් අවශ්‍ය කාටදැයි” ඇය මෙම දැන්වීමේ අසා සිටියි.​
     
    • Like
    Reactions: Ereshaz77

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලොව ලාභදායීම මෝටර් රථය ලංකාවට

    ccar.jpg


    ලොව ලාභදායීම මෝටර් රථය නිර්මාණය කර ඇති ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ක්ෂේත්‍රයේ දැවැන්ත ඉන්දීය සමාගම එම මෝටර් රථය මුල්වරට ශ්‍රී ලංකාවේ වෙළදපොල වෙත හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

    සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් බජාජ් පවසන්නේ දැනටමත් තම සෙසු නිෂ්පාදකයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවටම අලෙව කරන බවය.200 සීසී කාණ්ඩයේ නව මෝටර් රථය ඊයේ නවදිල්ලි නුවරදී එළිදැක්විය.

    ත්‍රි රෝද රථ හා යතුරු පැදි නිපදවීමට සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් මෙම රථය නිපදවා තිබේ.මේ පිළිබඳව අදහස් දක්වමින් බජාජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් බජාජ් පවසා තිබෙන්නේ මෙය මෝටර් රථයක් ලෙස හඳුන්වනවාට වඩා රෝද හතරේ වාහනයක් ලෙස හැඳින්වීමට තමා කැමති බවයි.

    ටාටා නැනෝ මෝටර් රථය ඉලක්ක කර තිබෙන වෙළඳ පොළම මෙම රථයේද ඉලක්කය වන අතර යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර් 70 කි.මෙම රථයේ වාණිජ නිෂ්පාදන කටයුතු තවත් මාස කිහිපයකින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    විදුලි උදුනක් මිලට ගන්න ඩොලර් මිලියනයක නෝට්ටුවක් දීලා


    money.jpg



    විදුලි උදුනක් හා වැකුම් ක්ලීනරයක් මිලදී ගැනීම සඳහා වෙළඳසැලක් වෙත අමෙරිකානු ජාතිකයෙකු විසින් ඩොලර් මිලියනයක නෝට්ටුවක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මෙම පුවත වාර්තා වේ.
    අවශ්‍ය ඉතිරි මුදල ලබාදීම සඳහා වෙළඳසැල සතුව ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිවීමත්, ඩොලර් මිලියනයක නෝට්ටුව සම්පූර්ණයෙන්ම ව්‍යාජ නෝට්ටුවක්වීමත් නිසා මෙම පුද්ගලයා ගැටලුවකට මැදිවී ඇති බව ද සඳහන්ය.
    වෙළඳසැලෙහි සේවකයින් විසින් මේ පිළිබඳව වහා පොලිසියට දැනුම් දී ඇති අතර ව්‍යාජ මුදල් නෝට්ටුවක් භාවිත කිරීම හා ව්‍යාජ අයුරින් දේපළ අත්පත් කරගැනීමට තැත් කිරීම යන චෝදනා මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ‍.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පොලිසියට දඩ ගෙවන අලුත්ම ක්‍රමය


    police.jpg



    දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාළ දඩ මුදල බැරකළ හැක.
    පොලිසියේ ගිණුමට මුදල් බරවූ පසු දඩ ගෙවූ පුද්ගලයාට එය සනාථ කරමින් කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය පොලිස් නිලධාරියාට පෙන්වීමෙන් රියදුරු බලපත්‍රය නැවත ලබාගත හැක.
    මෙයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබඳ මේ වනවිට ආතර් සි. ක්ලාර්ක් ආයතනය සමග පොලසිය සාකච්චා පවත්වමින් සිටි.
     

    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    පොලිසියට දඩ ගෙවන අලුත්ම ක්‍රමය


    police.jpg



    දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාළ දඩ මුදල බැරකළ හැක.
    පොලිසියේ ගිණුමට මුදල් බරවූ පසු දඩ ගෙවූ පුද්ගලයාට එය සනාථ කරමින් කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය පොලිස් නිලධාරියාට පෙන්වීමෙන් රියදුරු බලපත්‍රය නැවත ලබාගත හැක.
    මෙයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබඳ මේ වනවිට ආතර් සි. ක්ලාර්ක් ආයතනය සමග පොලසිය සාකච්චා පවත්වමින් සිටි.

    meka kalin thibunanae
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලොව ප්‍රථම ජලය යට පිහිටි හෝටලය


    dubai.jpg


    මේක නම් කරලා තියෙන්නෙ හයිඩ්‍රොපෝලිස් (hydropolis) කියලා. මෙය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි. මුහුදේ සිට මීටර 20ක් යටින් තමයි මේක ඉදි කරන්නෙ. ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 300ක්.
    සෑම දෙයක්ම අතිශය සුඛෝපභෝගී ලෙස ඉදිකරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙම හෝටලය පිලිබද අදහස 2006 දී මුලින්ම ඉදිරිපත් වූ අතර එය ඉදිකිරීම 2008 දී පටන්ගන්න සැලසුම් කරලා තිබුනා.කොහොම නමුත් 2010 වෙනකනුත් මේකෙ ඉදිකිරීම් නම් පටන්ගෙන නෑ.

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇපල් වැස්සක්

    apple.jpg


    මේ, යුරෝපයේ හිම වැටෙන ඍතුවයි. එහෙත් මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරව වෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදා එංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේ ඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේ වැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

    මෙම ඇපල් වෙනත් ප‍්‍රදේශයකදී පොළොවට පතිත වූ සුළි සුළඟකට අසුව ඇතැයි සැකකෙරේ. කෙසේ වුවද මෙම හදිසි ඇපල් වැස්සට හේතුව මේ දක්වා හෙළි වී නැත.අහසින් වැටුණු මැඩියන්, මසුන් හා ඉස්ගෙඩි පිළිබඳව මීට කලින් ලොව බොහෝ ප‍්‍රදේශ වලින් වාර්තා වී ඇත.


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩි 20, 000 ක් ඉහළ අහසේදී කෝපි කෝප්පයක්



    1.jpg


    වායු බැලූනයක නැගී අඩි 20, 000 ක්(කිලෝ මීටර් 6 .3) පමණ ඉහළට අහසට ගමන් කර එහිදී කෝපි කෝප්පයක් සෑදීමෙන් අපූරු ලෝක වාර්තාවක් පිහිටුවීමට ලිතුවේනියානුවන් පිරිසක් සමත්ව තිබේ. ඉතාමත් ඉහළ අහසට ගමන් කිරීමට මෙම පිරිස ආරක්ෂක ඇඳුම් පැළඳුම් මෙන්ම ඔක්සිජන් ආවරණ ද භාවිත කර ඇත. එම ඉහළ අහසේ සෙල්සියස් අංශක -20 ක් පමණ වූ උෂ්ණත්වයකදී උණුසුම් කෝපි කෝප්පයක් සකස්කිරීම සඳහා මෙම කණ්ඩායම විශේෂ උපකරණ භාවිත කර ඇති බව ද සඳහන්ය. පෘථිවියේදී මෙන්ම එම කෝපි රසවත් බවින් යුක්ත වූ බව ද ඔවුන් සඳහන් කර තිබේ.


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩොලර් මිලියනයක් වටින පියයුරු



    Best.gif


    ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවරනිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු
    ඩොලර් මිලියනයකටරක්‍ෂණය කර තිබේ.
    මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරුසඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන්ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.
    එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමාපියවර ගත් බවයි.

    කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවනඅතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර්බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.
    එසේම පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.

    holly-madison-9199-4.jpg




     
    • Like
    Reactions: EHDEHD

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුර්ලභ කකුළු වර්ගයක් වසර 99 ට පසු හමුවෙයි


    4.jpg


    ඉතාමත් දුර්ලභ විශේෂයකට අයත් ක්ෂුද්‍රරූපී කකුළු විශේෂයක් වසර 99 ට පසු නැවත හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම කකුළු විශේෂය අවසන්වරට හමුවී ඇත්තේ 1912 වසරේදීය. එංගලන්තයේ නිව්ක්වේ නගරයේ ධීවරයෙකු විසින් ධීවර කටයුතුවල යෙදී සිටියදී මෙම කකුළුවා ඔහුගේ දැලට හසුව ඇති අතර ඔහු විසින් මෙම කකුළුවා දේශීය මින් මැදුරක් වෙත බාර දී තිබේ. මෙම කකුළු විශේෂය ඉතාමත් දුර්ලභ බව සමුද්‍ර ජීවි විශේෂඥයින් විසින් අනාවරණය කරගෙන ඇත.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ස්පාඤ්ඤයේ මහා තක්කාලි ගැටුම



    2081017078tomato.jpg


    ලොව දැවැන්තම ආහාර සටන ලෙස සැලකෙන La Tomatina මහා තක්කාලි ගැටුම නිසා ස්පාඤ්ඤයේ බුනොල් නගරය තක්කාලි යුෂවලින් රත් පැහැ ගැන්වී ඇති බව වාර්තා වේ. සෑම වසරකම 40, 000 ක පමණ පිරිසක් La Tomatina උත්සවය වෙනුවෙන් මෙම කුඩා නගරයට රැස්වන බව සඳහන්ය. එහිදී තක්කාලි ටොන් 120 ක් පමණ මෙම උත්සවය සඳහා රැගෙන එන අතර සහභාගිවන්නන් විසින් එම තක්කාලිවලින් එකිනෙකා වෙත පහරදෙමින් විනෝදයක් ලබයි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    iPad සමග බඩු ගෙනයන ට්‍රොලියක්


    772748257trolly.jpg


    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ කෙන්සිංටන් ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් විසින් එම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින් වෙත නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මිලදීගන්නා භාණ්ඩ තබාගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් රැගෙන යන ට්‍රොලි උපකරණවල iPadසවිකර තිබීම මෙම සේවාව වේ. මෙම අධි තාක්ෂණික ට්‍රොලි උපකරණය රැගෙන යන පාරිභෝගිකයින්ට භාණ්ඩ තෝරාගන්නා අතරම ඊට සම්බන්ධ කරන ලද iPad ය මගින් සජීවීව ක්‍රීඩා තරග හෝ ප්‍රවෘත්ති නැරඹීමේ අවස්ථාව ලැබේ. මෙම ට්‍රොලිය තුළ සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන charger උපකරණයක් ද ඇතුළත්ය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ස්කෑන් කළ හැකි මවුසයක්


    965027366g8t8ix4v.jpg


    LG සමාගම අපූර්වතම ආකාරයේ නිපැයුමක් නිපදවීමට සමත්ව තිබේ. LG’s new LSM-100 ලෙස නම් කර ඇති සාමාන්‍ය පරිගණකයක භාවිත වන මවුසයකි. එහෙත් මෙම මවුසයේ ස්කෑනරයක් අන්තර්ගත වීම විශේෂත්වය වේ.

    සාමාන්‍ය ප්‍රමාණයේ ලේසර් මවුසයක් වන මෙය ස්කෑන් කිරීමට අවශ්‍ය මතුපිට මත ස්පර්ශ කරගෙන යාම මඟින් එහි දත්ත පරිගණකය වෙත යැවිය හැක. PNG, JPEG, TIFF, BMP, PDF, XLS මෙන්ම DOC යන ආකාරවලින්ද මෙම උපකරණය මඟින් ලිපි ස්කෑන් කිරීමට හැකියාව පවතින අතර A3 ප්‍රමාණයේ වපසරියක් දක්වා එකවර ස්කෑන් කළ හැකි වීම ද විශේෂත්වයකි.