අමුතු_ලන්තය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගිනස් ලෝක වාර්තා දින සැමරුමට අපූරු තරගයක්

    race.jpg



    2011 ගිනස් ලෝක වාර්තා දිනය වෙනුවෙන් ලන්ඩන් නගරයේ අපූරු රථ ධාවන තරගයක් සංවිධානය කරමින් තවත් නවතම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
    ගිනස් ලෝක වාර්තා පිහිටුවන ලද ලොව වේගවත්ම වැසිකිලිය(වේගය පැයට සැතපුම් 42.25), ලොව වේගවත්ම ජංගම ස්කූටරය(වේගය පැයට සැතපුම් 71.59) සහ ලොව කුඩාම මෝටර් රථය(වේගය පැයට සැතපුම් 30) යන වාහන සමග එම වාහනවල හිමිකරුවන් මෙම ධාවන තරගයට එක්වී එකිනෙකට එරෙහිව ධාවනයේ බව සඳහන්ය.
    මෙම අපූරු තරගයේ ජයග්‍රහණය ලොව වේගවත්ම ජංගම ස්කූටරයට හිමිව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    [CENTER]ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගනියි


    weightless.png



    ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගත් බව ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් පවසා ඇත. මෙම ද්‍රව්‍යය ස්ටයිරෆෝම් වලට වඩා සිය ගුණයක් බරින් අඩු බවත් ශක්තිය උරාගැනීමේ විශේෂ හැකියාවක් ඇතිබවත් ඔවුන් පවසයි.ලැටිස් ආකාරයකට තැබූ කුඩා ලෝහ බට වලින් සැදුම්ලත් මෙම ද්‍රව්‍යයේ ඝනත්වය, ඝන සෙන්ටිමීටරයකට මිලිග‍්‍රෑම් 0.9ක්වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.මේ දක්වා ලොව බර අඩුම ඝනද්‍රව්‍යය ලෙස සැලකුණු එරෝජෙල් වල ඝනත්වයද ඝන සෙන්ටිමීටරයකට මිලිග‍්‍රෑම් 1.0කි.
    ඉදිරියේදී මෙම ඝනද්‍රව්‍ය යොදාගෙන බැටරි හා ෂොක් ඇබ්සෝ්බර් නිෂ්පාදනය කළ හැකි වනු ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
    [/CENTER]
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක

    පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක​


    alien.png


    පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් දෙවසරක් පුරාවට සිය නිවසේ ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක් පිලිබඳව රුසියාවෙන් වාර්තා වේ.බටහිර රුසියාවේ පෙට්රොසාවොඞ්ස්ක් නගරයේ වෙසෙන මාර්තා යෙගොරොව්නම් නැමැති මෙම කාන්තාව පවසන්නේ 2009දී මෙම ජීවියා සොයාගත් බවයි.ජීවියා රැගත් යානාව තම නිවස සමීපයේ වනාන්තරයට කඩා වැටුණ බවත් සුන්බුන් අතර සිටි මෙම ජීවියා සොයාගත් බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.
    සිය සොයාගැනීම පිළිබඳව ඔප්පු කිරීම සඳහා ඇය මෙම ජීවියාගේ ඡායාරූප ද ගෙන ඇත. ඡායාරූප වලට අනුව අඩි 2ක් දිගැති මෙම ජීවියා හට විශාල හිසක්, වටකුරු දෑස් හා එක් අතක් ඇත.මේ වන විට වැඩිදුර පරීක්‍ෂණ සඳහා මෙම සිරුර රාජසන්තක කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.