අමෙරිකානු ජනපතිවරණ සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    FB_IMG_1604475891506_copy_795x750.jpg


    COLOMBO (News 1st) : අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව ප්‍රාන්ත 50 න් 43 ක ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

    එම ප්‍රතිඵලවලට අනුව ඡන්ද විද්‍යාල 264 ක බලය තහවුරු කර ගනිමින් පෙරමුණේ පසුවන්නේ, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ය.

    රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 214 ක බලය තහවුරු කර ගෙන සිටී.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානූ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ජෝ බයිඩ්න් හිමිකර ගෙන ඇති බවයි.

    ඒ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව, ඡන්ද හත්කෝටි පහළොස් ලක්ෂ පහළොස් දහස් අටසීය විසිදෙකක් ලබා ගනිමිනි.

    එය 50.28% ක ප්‍රතිශතයකි.

    රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද හයකෝටි අසූහතර ලක්ෂ එකොලොස් දහස් විසි හතරක් ලබා ගෙන සිටී.

    එය 48.1 %කි.

    මීට පෙර අමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අපේක්ෂකයා ලෙස බැරැක් ඔබාමා වාර්තාගත විය.

    කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම නතර කරන ලෙස ඉල්ලමින් තමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

    ඔහු සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීම මහා වංචාවක් බවයි.

    එම චෝදනා අසත්‍ය බව පවසමින් ජෝ බයිඩ්න් කියා සිටියේ ට්‍රම්ප් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවන්නේ නම්, තමා ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

    මිචිගන්, පෙන්සිල්වේනියා, ජෝර්ජියා, විස්කොන්සින් සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවල අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැත.

    එම ප්‍රතිඵලය මත ලෝක බලවතා ලෙස සැලකෙන අමෙරිකාවේ, ඉදිරි වසර 4 සදහා තේරී පත්වන නව ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණය වනු ඇති.