අමෙරිකාවට ගෞරවයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ගණනක් වාර්තා වූ රට බවට අමෙරිකාව පත්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා දැක්වූ අදහස් ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ අනුව ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බවයි එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.

    එසේම එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇති බව ඔප්පු වන බව පෙන්වා දෙන ඔහු අමෙරිකාවේ පරීක්‍ෂණ වඩා නිවැරදි බව එමගින් තහවුරු වන බවද ප‍්‍රකාශ කර තිබෙනවා.

    මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලොරෝක්වීන් ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

    මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට ඉකුත්දා පියවර ගනු ලැබුවා.

    කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් භාවිතා කිරිම ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18

    This is not an exact translation is it?
     
    • Like
    Reactions: ArunaTelshan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ පුතානෝ පාවිච්චි කරන්න කියල බයියො වැලලෙන්ඩ හැදුවෙත් ඔය බෙහෙතම නේද? :confused: