අඹේපුස්ස දක්වා දුම්රිය මග ඉදි කෙරුණු හැට&#3538

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අඹේපුස්ස දක්වා දුම්රිය මග ඉදි කෙරුණු හැට&#3538

    වර්තමානය වන විටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය සේවය මෙහි ස්ථාපිත කිරීමේ දී විශාල අභියෝගයන් රැසකට මුහුණ දෙන්නට එම කර්තව්‍යයට මුලපිරූ අයට සිදු වුණා. ඒ ගැන තොරතුරුත්, දුම්රිය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට හේතු වූ කරුණුත් ගැන අපි මේ ලිපි පෙළේ පළමු ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා. ක්‍රි.ව 1840 දී පමණ යෝජනා වුවත් සියළු අභියෝග ජයගෙන දුම්රිය මාර්ගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මංගල පස් පිඬැල්ල කැපෙන්නේ 1858 වසරේදීයි. එතැන් පටන් ලංකාවේ මංගල දුම්රිය ගමන දක්වා ලාංකීය රේල්ලුවේ විකාශනය ගැන මේ ලිපියෙන් හා ඉදිරි ලිපි වලින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

    දුම්රිය මාර්ගයේ මූලික ඉදි කිරීම් හා තාවකාලිකව ව්‍යාපෘතිය නැවතීම

    මංගල පස් පිඬැල්ල කැපුවත් උඩරට දුම්රිය මාර්ගයේ සමහර ස්ථාන වල ඉදිකිරීම් පිළිබඳ සැළසුම් ඒ වන විටත් අවසන් වී තිබුණේ නැහැ. ඒ කෙසේ නමුත් 1858 වර්ෂය අවසන් වීමට පෙර, ඉදි කිරීම් සිදු වෙමින් තිබියදීම ඩොයෝන් මහතා හා ඔහුගේ කණ්ඩායමට සියල්ල සැලසුම් කර අවසන් කිරීමට හැකි වෙනවා. ක්‍රි.ව 1858 දෙසැම්බර් මස 8 වැනිදා යටත් විජිත රජයට නිවේදනයක් නිකුත් කළ ආණ්ඩුකාර හෙන්රි වෝඩ් උඩරට දුම්රිය මාර්ගයේ පළමු සැතපුම් 13 හි ඉදි කිරීම් ඒ වන විටත් කඩිමුඩියේ සිදු වෙමින් පවතින බව ප්‍රකාශ කලා. කම්කරුවන් හා ඉංජිනේරුවන් දහස් ගණනක් කාර්යයෙහි නියුතු බවත් ඉන් 100 ක් පමණක් ලාංකීය සිංහලයන් බවත් ප්‍රකාශ කෙරුණා.
    https://d1d6iuzopoyx19.cloudfront.n.../2017/10/24131150/2.-Construction-701x454.jpg
    [ඉදිවෙමින් පවතින කොළඹ- නුවර දුම්රිය මාර්ගය- colombofort.com]
    උඩරට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කටයුතු ආරම්භ වී නොබෝ දිනකින්ම ප්‍රධාන ව්‍යාපෘති නිළධාරී ඩොයෝන් මහතාට ප්‍රත්‍යක්ෂ වූයේ මේ මාර්ගය ඉදිකිරීමෙහි ලා කපිතාන් මුවර්සම් විසින් ඉදිරිපත් කළ වියදම් ඇස්තමේන්තුව අසම්පූර්ණ බවයි. උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමට පාලම් හා උමං කිහිපයක්ද ඉදි කිරීම සිදු කළ යුතුව තිබුණු අතර, ඒවා සියල්ල සැළකීමේ දී සම්පූර්ණ වියදම පවුම් 2214000 කට වඩා වැඩි වෙනු ඇතැයි ඔහු දළ වශයෙන් ගණන් බැලුවා. බ්‍රිතාන්‍ය රජයෙන් මේ ව්‍යාපෘතිය සඳහා අනුමත කර තිබුණේ පවුම් දොළොස් ලක්ෂයක මුදලක් පමණයි. මේ නිසා අමතර වියදම් හැකිතාක් කපාහැර ඩොයෝන් විසින් නව වියදම් ඇස්තමේන්තුවක් සාදනු ලැබුවත් එයත් පවුම් දොළොස් ලක්ෂය ඉක්මවා යන්නක් වුණා.

    ඩොයෝන් ගේ දෙවන ඇස්තමේන්තුවට බ්‍රිතාන්‍ය රජය තබා සාමාන්‍ය මහජනතාවත් සිය අකැමැත්ත පළ කළේ එය අනවශ්‍ය වියදමක් බව පවසමින්. මේ නිසා බ්‍රිතාන්‍ය රජය ඔහුට පවසන්නේ වහාම රේල්ලුව ඉදි කිරීමට ඔහු විසින් ලංකා දුම්රිය සමාගම සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුව අහෝසි කරගන්නා ලෙසයි. බ්‍රිතාන්‍ය රජය මේ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ලංකාවට එවූ අතර ඔවුන්ගේ නිර්දේශය වූයේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් හා ඒ සබැඳි වියදම් සිදුවන ආකාරයෙන් එහි ඉදිකිරීම් අතර මඟක් ගිය පසු අනුමත මුදල් සියල්ලම අවසන් වනු ඇති බවයි.

    ත්‍රි පුද්ගල කමිටුවේ නිර්දේශ හා යෝජනා සියල්ල සළකා බැලූ බ්‍රිතාන්‍ය රජය 1859 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රේල්ලුව පවුම් පහළොස් ලක්ෂයකට අඩුවෙන් ඉදි කරගත නොහැකිනම් ඒ ව්‍යාපෘතිය නැවැත්විය යුතු බවයි. දුම්රිය මඟ ඉදි කිරීමට ඩොයෝන් විසින් ලංකා දුම්රිය සමාඟම සමඟ ඇති කරගත් ගිවිසුම මේ සමඟින් අත්හිටුවන ලද අතර වහාම ක්‍රියාත්මක වූ ලංකා දුම්රිය සමාඟම මාස හතරක් තුළ ශක්‍යතා වාර්තාවක් සකස් කරගෙන නැවත ටෙන්ඩර් කැඳවීමට උත්සාහ කරනවා. නමුත් මේවා අසාර්ථක වන අතර නොබෝ කලෙකින් එම සමාඟම සම්පූර්ණයෙන්ම විසිරුවා හැරෙන්නේ උඩරට රේල්ලුව ලාංකිකයන්ට තව දුරටත් සැබෑ නොවන හීනයක් කරමින්.

    ෆැවියෙල්ගේ කොන්ත්‍රාත්තුව

    ලංකා දුම්රිය සමාඟම බිඳ වැටීමෙන් පසු ලංකා යටත් විජිත රජයේ අදහස වූයේ කෙසේ හෝ පවුම් පහළොස් ලක්ෂයකට අඩුවෙන් උඩරට මාර්ගය ඉදි කිරීම හෝ එය සදහටම අමතක කර දැමීමයි. මේ අනුව බිඳ වැටුණු සමාඟමේ සිටි නියෝජිතයෙකු වන ඉංජිනේරු එල්. මෝල්ස්වර්ත්ව උඩරට වැවිලිකරුවන් රජය වෙත යවන්නේ දුම්රිය මාර්ග සැළසුමෙහි සුළු වෙනස් කිරීම් කිහිපයක් කිරීම මඟින් යම් එකඟතාවයකට පැමිණිය හැකිදැයි උරගා බැලීමටයි. ඒ වෙනස්කම් ප්‍රායෝගිකව සිදු කළ හැකිදැයි බැලීම සඳහා රජයේ අනුමැතිය හා අනුග්‍රහය ලැබුණු අතර, සාර්ථක වෙනස් කිරීම් කිහිපයකින් පසු පවුම් 1,439,117 ක නව ඇස්තමේන්තුවක් ඔහු විසින් රජයට ඉදිරිපත් කරනවා.

    නව ඇස්තමේන්තු වලට අනුව රේල්ලුවක් වෙනුවට කොළඹ සිට නුවරට ට්‍රෑම් කාර් මාර්ගයක් ඉදි කිරීමට යෝජනා වූ අතර ඒවා හරකුන් ලවා ඇද්දවිය යුතු වුණා. නමුත් මේ යෝජනාව ප්‍රතික්ෂේප වුණා. එම තීරණය උඩරට වැවිලිකරුවන්ගේ නොසතුටට හේතු වූ අතර නිරන්තර බලපෑම් නිසා ලංකා යටත් විජිත රජය උඩරට ප්‍රවාහන ගැටළුව විසඳීම සඳහා නැවතත් කමිටුවක් පත් කරනවා. ඔවුන් විසින් අවසානයේ තීරණය කරන්නේ පවුම් පහළොස් ලක්ෂයක සීමාවට යටත්ව හැකිතාක් සාර්ථක ලෙස, නැවැත්වූ දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් නැවත සිදු කළ යුතු බවයි. මේ සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කෙරුණා. මේ සඳහා ටෙන්ඩර් කිහිපයක්ම ඉදිරිපත් වූ අතර ඒ අතුරින් එෆ්. ෆැවියෙල් නම් තැනැත්තාගේ ටෙන්ඩරය තෝරාගෙන ඔහු සමඟ කොන්ත්‍රාත්තුවකට අත්සන් කිරීමට ලංකා රජය තීරණය කරනවා. ඔහුට ඉන්දියානු දුම්රිය සේවය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් හසළ අත්දැකීම් තිබුණා. ක්‍රි.ව 1862 නොවැම්බර් මස 22 දා ෆැවියෙල්ගේ කොන්ත්‍රාත්තුව නිළ වශයෙන් පිළිගැණුනු අතර ඔහුව ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කෙරුණා. ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ලෙස මෝල්ස්වර්ත් තෝරාගැණුනා.

    පළමු අදියර අඹේපුස්ස දක්වා ඉදි වෙයි

    ෆැවියල් 1863 වසරේ මාර්තු මස 5 වනදා ලංකාවට පැමිණි අතර දින කිහිපයක් තුළ උඩරට මාර්ගයේ ඉදිකිරීම් නැවත ඇරඹුණා. මේ අවස්ථාවේදී සේවකයන් 3000ක් පමණ ඉදිකිරීම් වලට සහභාගී වී සිටි අතර ඉන් 1100 ක් පමණ ඉන්දියානුවන් ලෙස සඳහන් වෙනවා.

    4.Kelani-river-701x408.jpg

    [කැළණි පාලම 1906 වසරේදී-lankapura.com]

    දුම්රිය මාර්ගය ඉදිකරගෙන යාමේදී ෆැවියෙල් ගේ කණ්ඩායම විශාලතම අභියෝගයට මුහුණ දුන්නේ ඉතා බුරුල් හා වගුරු සහිත පසක් තිබූ කැළණි ගං මිටියාවතේ ඉදි කිරීම් සිදු කිරීමේදීයි. 1863 වසර අවසන් වන විට අඹේපුස්ස දක්වා රේල් පීළි එලීම සිදු කිරීමට ඔවුනට හැකියාව ලැබුණු අතර ඉන් ඉදිරියට සිදු කළ යුතු ඉදි කිරීම් හා කැළණි ගඟ මතින් ස්ථිර පාළමක් ඉදි කිරීම ෆැවියෙල්ට ඉතිරි වී තිබුණු අභියෝග වුණා. කැළණි පාළම ඊළඟ වසර තුළදී ඉදිකර ගැනීමට ලැබෙන අතර උඩරට වැවිලිකරුවන්ගේ වසර 20 කටත් වඩා වැඩි සිහිනය අවසානයේ සැබෑ කරමින් 1864 දෙසැම්බර් මස 27 වනදා කොළඹ සිට අඹේපුස්සටත්, නැවතත් කොළඹටත් ලංකාව තුළ වූ පළමුවන දුම්රිය ගමන සිදු වනවා. මෙය සංකේතාත්මක චාරිකාවක් වූ අතර දුම්රිය පදවන ලද්දේ මෝල්ස්වර්ත් විසිනුයි.

    Dinindu Ekanayake

     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    mokakda??

    dn tika kalekata kalin mamai mage yaluwekui (university 2nd yr) awa train eke.. apita hambuna hamudurwo kenek wayasa 70k wage athi gangarama awa kiyala anuradhapure yanawa abepussedi ahuwa mahaththayala dannawada me thana wadagathkama kiyala.. dnne nah kiyuhama kiyala dunna oya kathawa..

    Ps - dakka hodama silwath hamuduruwo kenek pansalen genapu bath ekath higannekta dunna.. wanawasi innawa kiyala kiyuwe.. Unwahansege nayaka hamuduruwo apawath unahama nayakama kama wehera pansal okkoma dala wanayata giyalu ona kenekuta pansala depala bedaganna kiyala
     

    Similar threads