අඹ යහලුවෝ මතකද??

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලස්සන කතාව බං ..මේකේ රගපාන අයත් සුපිරියටම රගපානව ..ඒ භාෂාව උනත් හිතට වදිනවා මාර විදියට ..අද කාලේ යන බොලද ආදර කතා එක්ක මේවා ලගින්වත් තියන්න බෑ :yes::yes: මේ වගේ නිර්මාන ආපහු එන්නේ නැති එක ගැන දුකයි :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    9.gif
    9.gif
    9.gif
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    2eekmkx.jpg


    මගේ ජීවිතේට මිතුරුකම කියාදුන්න එතෙක් මෙතෙක් රූපවාහිනියෙන් විකාශනය වුන හොදම ටෙලිනාට්‍යය විදිහට මම සලකන්නේ අඹ යහලුවෝ ටෙලිනාට්‍යය. හදිසියේම බුකියේ ඇහැගැටුන පින්තූරයක් නිසා මතකය ආපසු අතීතයට දිව ගියා.කිරියේ ඉන්න බොහෝ දෙනෙක්ට මේ නාට්‍යය ගැන අදහස් ඇති. ඔබේ අදහස දක්වන්න එයට මම ගරු කරනවා. නමුත් අතීතයයි වර්තමානයයි අතර ඇතිවී තිබෙන වෙනස්වීම් ලමා කාලයට බලපා ඇති ආකාරය බැලූකල නූතන පරපුර අඹ යහලුවෝ නාට්‍යය සමලිංගික අන්දරයක් යැයි අර්ථකතනය කලොත් මම පුදුමයට පත් නොවෙමි. :(:( කෙසේ වුවත් මිතුරුකමේ මහිමය එදා අපට ඉගැන්වූ අඹ යහලුවෝ වැනි දේශීය නාටකයන් නැවත රූපවාහිනියෙන් බිහි නොවීම අතිශයින්ම කණගාටුවට කරුණක්. කොරියානු සහ ඉන්දියානු සංස්කෘතියට මෙරට ලමා සමාජය වෙනස් කිරීමට ඉඩ නොදී දේශීය සභ්‍යත්වයට ලමුන් හුරුකරවන මෙවැනි නිර්මාණ ඉදිරියේදී හෝ බිහිවේවායි මගේ පැතුමයි. ඔබේත් මගේත් ලමා අවදියේ මුවමුව සවනත වැකුනු ඒ ගායනයට ඒ සංගීතයට නැවත ඔබේ දෙසවන් විවරකරන්න. :yes::yes::yes::yes:





    බුකියේ දැකපු වැදගත් පිටුවක්

    https://www.facebook.com/ගී-1628490297387081/

    රූපවාහිනියේ යන කොරියන් කථා වල වැදගත් දෙයක් ඇති කියලා හිතනවා.. ඉන්දියන් කථා වල ආටෝපේ විතරයි. ලංකාවේ වර්තමාන ටෙලිනාට්ටි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.