අයවැයට පසු වදනක්
ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැක්කේ කෙසේද? මේ ප්‍රශ්නය අවුරුදු හැට ගණනක් තිස්සේ සංවාදයට ලක් වී ඇත. ඒ සඳහා විවිධ සම්මන්ත්‍රණ හා වැඩමුළු පවත්වා ඇත. 1970 වනවිට පිළිගත් මතය වූයේ දේශීයත්වය පිළිගනිමින් කෘෂිකර්මය මත රැඳී රට දියුණු කළ යුතු බව ය.
ඒ මගින් ජනතාව යම් පීඩනයකට ලක් වූහ. 1977 දී ඉහත ක්‍රමය මුළුමනින්ම වෙනස් කොට නිදහස් ආර්ථිකයට මුල්තැන දෙන ලදී. දේශීය කර්මාන්ත හා කෘෂිකර්මය කඩා වැටිණි. බලවත් වෙළෙඳ සමාගම් කිහිපයක් නැඟී සිටියේ ය. දුප්පතා තවදුරටත් දිළිඳු විය.
නිදහසින් පසු ගෙවී ගිය දසක හය තුළ ශ්‍රී ලංකාව විවිධ ආර්ථික උපාය මාර්ග අත්හදා බලා තිබේ. එහෙත් සාර්ථක ආර්ථික වෘද්ධියක් සටහන් කිරීමට අපොහොසත් විය. අප නිදහස ලබන විට ජපානය හා සමගාමී ආර්ථික ශක්තියක් අපට තිබිණි. දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය ආර්ථික වශයෙන් අපට පිටුපසින් සිටි රටවල් ය. එහෙත් වැඩිකල් නොගොස් ම එම රටවල් අප පසු කරගෙන ඉදිරියට ගියේ ය. ශ්‍රී ලංකාව මන්දගාමී ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් විය. අසාර්ථක රාජ්‍ය යන ලේබලය අපට වැදී තිබිණි.
දැන් ඒ සියල්ල වෙනස් ය. ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිගනී. අන්තර් ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සාර්ථක ඉදිරි ගමනක් සහිත රටක් ලෙස හඳුන්වා ණය මුදල් නිකුත් කිරීමට අනුමැතිය ලබාදී තිබේ. යුරෝපයේ දියුණු රටවල් අපට ඊර්ෂ්‍යා කරයි.
අපගේ ගමන නැවැත්වීම සඳහා විවිධ බාධක ඇති කරයි. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ගමනට සුබ පතමින් සහයෝගය පළ කරයි. රුසියාව හා චීනය අපට ආශිර්වාද කරයි. මේ සියල්ල මහින්ද චින්තනයේ ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකි ය. මහින්ද චින්තනය යනු රටේ නිදහසත් ආර්ථික සංවර්ධනයත් නියම පීල්ලට ගත් දර්ශනය වේ.
මහින්ද චින්තනයට අදාළ තවත් අයවැය ලේඛනයක් පෙරේදා ඉදිරිපත් විය. එය මුළුමනින්ම සංගෘහිත කරගෙන ඇත්තේ රටේ ඉදිරි ගමන ය.ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැකි ප්‍රධාන සාධක දෙක වන්නේ කෘෂිකර්මය හා සේවා අංශය යි. මේ අංශ දෙකෙහි ප්‍රවර්ධනය සඳහා අය වැය ලේඛනයෙන් විශාල තල්ලුවක් ලබා දී තිබේ. දස ලක්ෂ දෙකකට අධික ගොවි ජනතාවට අදාළ සහන රැසක් අයවැය ලේඛනය තුළ තිබේ. පොහොර සහනාධාරය ඇතුළු සහන කිසිවක් කපා හැර නැත.
මේ අයවැය ලේඛනය තුළ විශේෂතා කිහිපයක් ද පවතී. පළමුව එය 2010 වසරේ ඉදිරි මාස හය සඳහා රජයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් පිළිබඳ සටහනක් වේ. දෙවනුව එය 2011 වසරේ අයවැය ලේඛනයට පූර්විකාවක් වේ. ඉදිරි කාලය තුළ රාජ්‍ය සේවාව සඳහා තවත් පිරිසක් බඳවා ගැනීම රජයේ ඉලක්කයෙකි.
ඒ සඳහා ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ වගකීම ආණ්ඩුව ට තිබේ. ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකාර්මික නවෝදය, අධ්‍යාපනික හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල දියුණුව මෙන් ම යටිතල පහසුකම් සංවර්ධනය අයවැය ලේඛනයට ඇතුලත් ය. මේ ක්ෂේත්‍රවල විශාල පිබිදීමක් රජය අපේක්ෂා කරයි.
යටිතල පහසුකම් දියුණු කිරීම ඉතා වැදගත් කටයුත්තෙකි. ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන සංචාරක ප්‍රවර්ධන හා විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම රැඳී ඇත්තේ එම සාධකය මත ය. ලෝකයේ හොඳම සංචාරක ක්ෂේත්‍රයක් සහිත රාජ්‍යයන් අතර අටවැනි ස්ථානය යුක්රේනයට හිමි වේ.
එහි යටිතල පහසුකම් ඉතා දියුණු ය. සිංගප්පූරුව දියුණු වූයේ එහි ප්‍රධාන වරාය ද මූලික සාධකයක් කරගෙන ය. අපගේ වරායවල් සංවර්ධනය විය යුතු ය. මහාමාර්ග, දුම්රිය මාර්ග හා ප්‍රවාහන පද්ධතිය දියුණු විය යුතු ය. ඊට අදාළ සලැසුම් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මේ අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කර තිබේ.
අපේ ජනතාව බොහෝවිට අපේක්‍ෂා කරනුයේ වැටුප් වැඩිවීම, බඩු මිල අඩුකිරීම වැනි සරල දේවල් ය. ආර්ථික ක්‍රියාවලිය අනුව නිෂ්පාදනයේ වර්ධනයකින් තොරව වැටුප් වැඩිවීම අර්ථ විරහිත ක්‍රියාවෙකි. රාජ්‍ය සේවාව නඩත්තු කිරීම සඳහා ද එය පවත්වා ගැනීම සඳහා ද ආණ්ඩුව විශාල කැපවීමක් කර තිබේ.
එය කප්පාදු නොකර පවත්වාගෙන යෑම ද විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාපිත කිරීම ද හැම අතකින් ම ජනතාවට ලබාදුන් සහනයෙකි. රජයේ ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කරන විපක්ෂය රාජ්‍ය සේවාව කප්පාදු කිරීමටත් විශ්‍රාම වැටුප අහෝසි කිරීමටත් පිඹුරුපත් සැකැසූ බව අමතක නො කළ යුතු ය.
මගී ප්‍රවාහනය මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය ද ශ්‍රී ලංකාව තුළ සාර්ථක ව සිදු නොවේ. එය සංවර්ධනයට බාධාවෙකි.දුම්රිය ප්‍රමාදය ගැන හැමදාම අසන්නට ලැබේ. රටේ ආර්ථිකයට බලවත් පහරක් වූ ප්‍රවාහන දුර්වලතා නැති කිරීමට 2010 අයවැය ලේඛනය මගින් රුපියල් දස ලක්ෂ 6650 ක් වෙන් කර තිබේ. එය ජනතාව ලබන සහනයක් සේම සංවර්ධනයට හොඳ පදනමක් ලෙස ද හැඳින්විය හැකිය. ලෝකයේ ඕනෑම සංවර්ධිත රාජ්‍යයක් තුළ දියුණු ප්‍රවාහන ක්ෂේත්‍රයක් දක්නට ලැබේ. ප්‍රවාහන කටයුතු ද දියුණුවීම ආයෝජකයන්ගේ ආකර්ෂණයට ද හේතුවක් වේ.
සමස්තයක් ලෙස ගත් කළ මේ අයවැය ලේඛනයෙන් ජනතාවට බරක් පටවා නැත. දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් සඳහා රුපියල් දස ලක්ෂ 9300 ක් වෙන් කිරීමත් අවතැන්වූවන් යළි පදිංචි කිරීම හා ඔවුන්ගේ සුබ - සාධනය සඳහා රුපියල් දස ලක්ෂ 7500ක් වෙන් කිරීමත් විශේෂයෙකි. නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් අධ්‍යාපනය සඳහා ද සැලැකිය යුතු ප්‍රතිපාදන වෙන් කර තිබේ. සුපුරුදු ලෙස විපක්ෂයේ විවේචන හා විරෝධතා එල්ල වුව ආණ්ඩුව රටේ ඉදිරි ගමනට අදාළ අයවැය ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.