අය්යෝ පොලිසිය ජබුක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අය්යෝ පොලිසිය ජබුක්



    හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව උසාවි නියෝගය නොතකා කොළඹ රීගල් සිනමාහල අසල සිට කොටුව දක්වා පාගමනින් ගිය බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් අට දෙනකුට එරෙහිව කථානායකවරයා මගින් නොතීසි නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) ප්‍රතික්ෂේප කළාය.
    එදින විරෝධතා පාගමනේ යෙදීම වළක්වමින් කොළඹ කොටුව උසාවියෙන් ලබාදී තිබූ උසාවි නියෝගය අදාළ මන්ත්‍රීවරුන්ට නිසි පරිදි ලබා නොදීමත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පමණක් උසාවි නියෝගය දැනුම්දීමත් හේතුවෙන් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උසාවිය එම මන්ත්‍රීවරුනට නොතීසි ලබාදුන් බවට ප්‍රසිද්ධ කළ ජනමාධ්‍ය ආයතන වෙතද එය නිවැරදි කරන ලෙස දන්වා ලිපි නිකුත් කරන්නැයි අධිකරණ ලේකම්ට නියෝග කළේය.
    එම මන්ත්‍රීවරුන් වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසද උසාවිය පොලිසියට නියෝග කළේය.