දැන් හැමෝටම පේනව නේද ඔය වාර්තාව එළිවෙනවට මුන්ගෙ තියෙන බය? පෙරේද මෛත්‍රීපාලත් කට ඇරල කිව්වනෙ ඕකෙන් රනිල්ව බේරගන්න තමයි පාර්ලිමේන්තුව විසිරෙව්වෙ කියල. යහපාලනයෙ බොරුව හොඳටම පේන්නෙ දැන් තමයි.
මහබැංකු බැඳුම්කරයට අදාළ කෝප් අතුරු කමිටු වාර්තාවට අතුරු තහනම් නියෝගයක්
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව සිදුවීයයි කියනු ලබන ගනුදෙනුවට අදාළව කථානායක නියෝග මත කෝප් කමිටුව විසින් අතුරුකමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කොට තිබේ.
මෙම වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතාගේ ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම අතුරු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ජූලි 23 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
එසේම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු අමාත්‍ය හා කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිසකට ජූලි මස 23 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමටද අධිකරණය විසින් කටයුතු කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.