අයිතියක් නැති දිවියක්

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අයිති නැති අහසක්
    අයිති නැති පොළොවක්
    අයිති ගැනුමට වෙහෙසක්
    තැවෙන මිරිකෙන දිවියක්

    ප්‍රේම සක්මන වියරුවක් වූ
    රාග ආවේශ මනසක්
    මානුශිය ගුණ දහම් ගිලිහුණු
    ද්වේශ වපුරන සහසක්
    තෙවෙනි පංතිය හෝඩියක් කළ
    මෝහ රජකළ බලයක්
    දේව හා තුණුරුවන් යටකළ
    අමන පාහර කැළක්
    හිතන්නට නව ඉරක්
    හදන්නට වෙයි සිතක්
    තැවෙන්නට නැත ඉඩක්

    බැරිවුණොත් ලොකු දුකක්
    අසංවර ඔළු පෙළක්
    අමාවක දිගු රැයක්
    නිවන දුර නිජබිමක්

    අයිති නැති අහසක්
    අයිති නැති පොළොවක්
    අයිති ගැනුමට වෙහෙසක්
    තැවෙන මිරිකෙන දිවියක්
    අයිතියක් නැති දිවියක්...