අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය යලිත් පරද&#
ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ මූලධර්මයන්ට අභියෝග කරමින් කරනු ලැබූ පරීක්ෂනය වූ උප-පරමාණුක අංශුවකට ආලෝකයේ වේගය අභිබවා ගමන් කළ හැකි බව යුරෝපා විද්‍යාඥයින් යළිත් වරක් තහවුරු කර ඇතැයි වාර්තා වේ. පෙරටද වඩා නිරවුල්ව එය තහවුරු කිරිමේ පරීක්ෂණය සිදු කළ බව විද්‍යාඥයින් පවසයි.
ඉකුත් සැප්තැම්බර් මාසයේ කළ පරීක්ෂණයේදි මෙන්ම මෙවරත් උප-පරමාණුක අංශු කදම්භයක් කිලෝමීටර් 730ක දුරක් ආලෝකයේ වේගය අභිබවමින් ගමන් කර ඇති අතර විද්‍යාඥයින් පවසන්නේ මේ උප-පරමාණුක අංශුන්ට ආලෝකය ගමන් කරනවාට වඩා තත්පරයෙන් බිලියන 60න් පංගුවක් කළින් අදාළ දුර සම්පූර්ණ කළ හැකි වූ බවයි.
කිසියම් අංශුවක් ආලෝකයේ වේගය අභිබවන්නේ නම් ඊට ස්කන්ධයක් තිබිය නොහැකි බව ජේම්ස් ක්ලාක්, මැක්ස්වෙල් සහ පසුව ඇල්බට් අයින්ස්ටයින් පැහැදිලි කර තිබිණි.
එම ඉදිරිපත් කිරීම නූතන භෞතික විද්‍යාවේ සිද්ධාන්තයන් බොහෝමයකට මූලික වූ සාපේක්ෂතාවාදයට පදනම් වී තිබුනද 2වන වරට තහවුරු කරන ලද නව සොයා ගැනීම වෙනත් පරීක්ෂණයකින් යළි තහවුරු කළහොත් නූතන භෞතික විද්‍යාවේ සිද්ධාන්තයන් බොහෝමයක් බැහැර කෙරෙනු ඇතැයි සිතිය හැකිය.
උපුටා ගැනීම මෙතනින්
http://lankacnews.com/sinhala/foreign-news/35377/