අයින්ස්ටයින්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක්...

    1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය . දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිඳ එහි විත්, "මේ පොඩ්ඩක් හොදට අදින්නකෝ...?"
    "මොකටද..? මම අයින්ස්ටයින් කියලා එතන හැමෝම දන්නවනේ..." අයින්ස්ටයින් කීය.
    බිරිඳ කරබාගෙන යන්නට ගියාය.
    තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය .
    "අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?" බිරිද ඇසීය.
    "මොකටද...? මාව කවුරුත් එතන දැන්නවැයැ?" අයින්ස්ටයින් කීය. බිරිඳ කරබාගෙන ගියාය.

    2. සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය.
    "ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි..."
    "ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි..."
    "ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න..." අයින්ස්ටයින් පැවසීය.

    3. අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවස අවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත.
    "මේ... අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ...?" අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය
    "කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද?"
    "මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද?"
    රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය.

    4. දිනක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය.
    අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය.
    කලිසම් සාක්කු වල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත.
    ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක " අයින්ස්ටයින් මහත්මයා... කමක් නෑ, ටිකට් නැති වුනාට... ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ." යනුවෙන් පැවසීය. ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය.
    ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය.
    වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක "අයියෝ අයින්ස්ටයින් මහත්තයෝ... මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද ? ඕක අල්ලලා දාන්න..."
    අයින්ස්ටයින් ඔහු දෙස බලා "හරි හරි. . මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්ණේ මම දන්නේ නෑ මම කොහාටද යන්නේ? බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා? ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..." යනුවෙන් පැවසීය.

    5. දිනක් අයිස්ටයින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ තම කාර්‍යාලයේ වැඩකරමින් සිට එළියට යාමට අවශ්‍යතාවයක් ඇතිවී දොරේ "අයින්ස්ටයින් කාර්‍යාලයේ නැත" යනුවෙන් සටහනක් අලවා ගියේය. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්‍යාලයට එනවිට දොරේ මේ දැන්වීම දුටු ඔහු "අයින්ස්ටයින්" එනතුරු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. ටික වෙලාවකින් ඔහුට තමන් කවුදැයි මතක් වූ පසු නැවත කාර්‍යාලය තුළට ගියේය.

    6. දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට් පතක් මිළදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර "මේ ඉතුරු සල්ලි වැරදීනේ..." යනුවෙන් අදාළ පුද්ගලයාට පැවසීය .
    අයිස්ටයින්ව හදුනානොගත් ඔහු "කෝ, බලන්න...?" යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර
    "මේ තියෙන්නේ හරියට... ඔහේට ගණන් බැරිද?" යනුවෙන් ඇසීය.

    7. අයින්ස්ටයින්ගෙ ගෙදර බල්ලො දෙන්නෙක් හිටියා. දවසක මෙයා බල්ලන්ට කූඩුවක් හැදුවා. ඒකෙ දොරවල් දෙකක් තිබුනා.
    ගෙදර සේවකයා ඇහුවා, ඇයි සර් දොරවල් දෙකක් කියලා...
    ලොකු බල්ලට ලොකු දොර, පොඩි බල්ලට පොඩි දොර, මොකක්ද වරද?
    ලොකු බල්ලගෙ දොරෙන් පොඩි බල්ලටත් යන්න පුලුවන්නෙ සර්...
    ඇත්තනේ අයිසේ... තමුසේ කියන්න එපෑයැ...

    සොඳුරු අරගලය පිටුවෙන් උපුටා ගැනීමකි. ස්තූතියි !
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේවා ඇත්ත වෙන්න ඇති. ඔය අයින්ස්ටයිනෙ.. මම සාමාන්‍ය මනුස්සෙයෙක් වෙලත් හෙල්මට් එක ඔලුවෙ දාගෙන හෙල්මට් එක හොයලා තියනවා..ඒ වදිවට ෆාමසියෙ කෙනෙක් ගෙන් ඇහුවා ඒක දැක්කද කියලා 😁
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    102007079_gettyimages-3360467.jpg

    අයින්ස්ටයින් ජපන් යද්දි ලංකාවට එනවා දුම් නැව කොළඹ වරායට ගැහුවම බැහැල කොළඹ කොටුවෙ එහෙම රෞමක් ඇවිදල යනවා.. මේහේ කරත්තෙ අදින්නේ මිනිස්සුනේ.. ඒකත් පොඩ්ඩක් අධ්‍යනය කරලා ගිහින් තියෙනවා ආයෙම නැවට ජපන් යන්න...
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඕව ඇත්තද බොරුද දන්නෑ. හැබැයි මාත් අහලා තියෙනවා අයින්ස්ටයින්ට සාම්න්‍ය ජීවිතේ ගොඩක් දේවල් අමතක වෙනවා කියලා.. :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    A few more interesting ones......

    Einstein came to Princeton University in 1935 and was asked what he would require for his study. he replied: "A desk, some pads and a pencil, and a large wastebasket to hold all of my mistakes."

    Once Einstein sent this reply, along with a page full of diagrams, to a fifteen-year-old girl who had written for help on a homework assignment:
    "Do not worry about your difficulties in mathematics; I can assure you that mine are much greater."

    One day during his tenure as a professor, Albert Einstein was visited by a student. "The questions on this year's exam are the same as last year's!" the young man exclaimed.
    "Yes," Einstein answered, "but this year all the answers are different."

    Einstein once declared that his second greatest idea after the theory of relativity was to add an egg while cooking soup in order to produce a soft-boiled egg without having an extra pot to wash.

    One of Einstein's colleagues asked him for his telephone number one day. Einstein reached for a telephone directory and looked it up. "You don't remember your own number?" the man asked, startled.
    "No," Einstein answered. "Why should I memorize something I can so easily get from a book?
    (Einstein claimed never to memorise anything which could be looked up in less than two minutes.)
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක්...

    1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය . දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිඳ එහි විත්, "මේ පොඩ්ඩක් හොදට අදින්නකෝ...?"
    "මොකටද..? මම අයින්ස්ටයින් කියලා එතන හැමෝම දන්නවනේ..." අයින්ස්ටයින් කීය.
    බිරිඳ කරබාගෙන යන්නට ගියාය.
    තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය .
    "අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?" බිරිද ඇසීය.
    "මොකටද...? මාව කවුරුත් එතන දැන්නවැයැ?" අයින්ස්ටයින් කීය. බිරිඳ කරබාගෙන ගියාය.

    2. සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය.
    "ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි..."
    "ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි..."
    "ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න..." අයින්ස්ටයින් පැවසීය.

    3. අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවස අවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත.
    "මේ... අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ...?" අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය
    "කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද?"
    "මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද?"
    රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය.

    4. දිනක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය.
    අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය.
    කලිසම් සාක්කු වල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත.
    ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක " අයින්ස්ටයින් මහත්මයා... කමක් නෑ, ටිකට් නැති වුනාට... ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ." යනුවෙන් පැවසීය. ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය.
    ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය.
    වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක "අයියෝ අයින්ස්ටයින් මහත්තයෝ... මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද ? ඕක අල්ලලා දාන්න..."
    අයින්ස්ටයින් ඔහු දෙස බලා "හරි හරි. . මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්ණේ මම දන්නේ නෑ මම කොහාටද යන්නේ? බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා? ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..." යනුවෙන් පැවසීය.

    5. දිනක් අයිස්ටයින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ තම කාර්‍යාලයේ වැඩකරමින් සිට එළියට යාමට අවශ්‍යතාවයක් ඇතිවී දොරේ "අයින්ස්ටයින් කාර්‍යාලයේ නැත" යනුවෙන් සටහනක් අලවා ගියේය. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්‍යාලයට එනවිට දොරේ මේ දැන්වීම දුටු ඔහු "අයින්ස්ටයින්" එනතුරු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. ටික වෙලාවකින් ඔහුට තමන් කවුදැයි මතක් වූ පසු නැවත කාර්‍යාලය තුළට ගියේය.

    6. දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට් පතක් මිළදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර "මේ ඉතුරු සල්ලි වැරදීනේ..." යනුවෙන් අදාළ පුද්ගලයාට පැවසීය .
    අයිස්ටයින්ව හදුනානොගත් ඔහු "කෝ, බලන්න...?" යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර
    "මේ තියෙන්නේ හරියට... ඔහේට ගණන් බැරිද?" යනුවෙන් ඇසීය.

    7. අයින්ස්ටයින්ගෙ ගෙදර බල්ලො දෙන්නෙක් හිටියා. දවසක මෙයා බල්ලන්ට කූඩුවක් හැදුවා. ඒකෙ දොරවල් දෙකක් තිබුනා.
    ගෙදර සේවකයා ඇහුවා, ඇයි සර් දොරවල් දෙකක් කියලා...
    ලොකු බල්ලට ලොකු දොර, පොඩි බල්ලට පොඩි දොර, මොකක්ද වරද?
    ලොකු බල්ලගෙ දොරෙන් පොඩි බල්ලටත් යන්න පුලුවන්නෙ සර්...
    ඇත්තනේ අයිසේ... තමුසේ කියන්න එපෑයැ...

    සොඳුරු අරගලය පිටුවෙන් උපුටා ගැනීමකි. ස්තූතියි !
    Mewa boruwata minissu hadapu katha
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේවා ඇත්ත වෙන්න ඇති. ඔය අයින්ස්ටයිනෙ.. මම සාමාන්‍ය මනුස්සෙයෙක් වෙලත් හෙල්මට් එක ඔලුවෙ දාගෙන හෙල්මට් එක හොයලා තියනවා..ඒ වදිවට ෆාමසියෙ කෙනෙක් ගෙන් ඇහුවා ඒක දැක්කද කියලා 😁
    උඹ හොදයි... මන් ෆෝන් එක අතේ තියාගෙන ෆෝන් එක හොයලා තියෙනවා කියාන්කෝ.... 😁 😁
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    අයින්ස්ටයින්හෙනම වලත්තයා කියලා නම් අහලා තියෙනවා
     
    • Haha
    Reactions: ElaBaba