අයියනායක

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
    මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

    බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
    මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
    ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
    හැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල් වල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
    ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
    සඳ රැස් ගලන විට තෙරපී සෙවණ මත
    එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

    දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
    පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
    මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

    සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
    අහුමුළු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත් වී අං මදින තැන
    වැව් වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මාපිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන
    අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදුන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවි තුමනි දිව රෑ රකිනු මැන



    විමලරත්න කුමාරගම




    75388290_1288353887990859_8282385092173627392_n.jpg
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සමහර ගස් කෑලේ තියෙන ඒවා ලඟට ගියාම මාර කූල් එකක් තියෙන්නේ. නුග ගස් තමයි ටිකක් අමුතු ගස්. මොකක් හරි ඉෆෙක්ට් එකක් මනසට තියෙනවා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    "මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම"
    මේ පේළිය තමයි මම කැමතිම මේ කවි පන්තියෙ...