මගේ අම්මා තාත්තා ගොඩක් ඉගෙන ගෙන නෑ
මට මතක් වෙනවා.ඉරිදා දහම් පාසල්..මලම කරච්චලයක්. ඉරිදා උදේම අපිව කූද්දලා. දෙමව්පියෝ අපිව ඉරිදා දහම් පාසල් යැව්වා.මට ඒ කාලේ තිබ්බේ යක්ෂ කේන්තියක්. ඇයි බන්. පුදුම වදයක්
උදේම ගිහින් , පණ යනකන් වදිනවා. වයි එම් බී විභාග, අරකද මේකද?
මට මතකයි ලස්සනට තාලෙට කවි කියනවා..පුංචි දවස්වල, ඒ කාලේ සමහර කවි පංති , බොක්කටම වැදෙන්න කියනවා මතකයි. සිරිත් මල්දම , අරක ද මේකද..මට නම් හිතෙන්නේ, පුරුවේ වාසනාවකට එදා එහෙම අපි දහම් පාසල් ගියේ .පුංචි කාලෙම අපේ ඔලුවට ඇතුල් කලා, හරි වැරැද්ද විවිද ස්වරුපයෙන්.සාහිත්‍ය තුලින්.
අදටත් සතෙක්ටවත් හිංසා කරන්න හිත දෙන්නේ නෑ. අම්මපා.. මත්කුඩු වගේ දේවල් වලටවත් ඇබ්බැහියක් නෑ..
හෘද සාක්ෂියට අවංකව ජීවත් වෙන්න උත්සහ කරනවා අදටත් .. මම කියන්නේ නෑ ..බෝධිසත්ව චරිතයක් කියලා..ඒ ඒවගේ වෙන්න උත්සහ කරනවා.
පොලිසියට ගිහින් තියෙන්නේ අයිඩී එක නැති වෙච්ච එක හදාගන්නයි, පොලිස් සහතිකය ගන්න විතරමයි.
අපිව ඒ තත්වයට ගෙනාපු අම්මටයි තාත්තටයි මල් තියලා වැන්දත් මදි