අයියා හා මල්ලි අතර උග‍්‍ර මතගැටුම්.. ආණ්ඩුව අස්ථාවර තත්වයක..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    11fd0004f4074e34ad987bb5e953c57e_18.jpg


    විධායකයේ බලතල ඉවත් කර නැවත පාර්ලිමේන්තුව වැඩි බලතල සහිතව බල ගැන්වීමේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර මත ගැටුමක් ආරම්භ වී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

    මේ වනවිට සති කිහිපයක සිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් විපක්ෂයේ අසුන්ගෙන සිටින 11 දෙනාගේ සන්ධානය සමඟ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කරන බවත් වාර්තාවේ සදහන්ය.

    තවත් පිරිසක් පවසන්නේ ඉල්ලා අස්වීමක් සිදුවුවන්නේ නම් ඉල්ලා අස්විය යුත්තේ ජනාධිපතිවරයා බවයි.

    පසුගියදා සිදු කරන ලද කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාවරුන් සියල්ල ජනාධිපතිවරයාගේ තේරීමෙන් පමණක් බවත් අගමැතිවරයාගේ අදහස් විමසීමක් හෝ සිදු නොවූ බවත් එම වාර්තාවේ දැක්වෙයි.

    නව ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවවලටද අගමැතිවරයා සහභාගි නොවීය.

    අග්‍රාමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටි නමුත් තරුණ හා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ විරෝධතාකරුවන් සන්සුන් කර රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    මේ අතර වගන්ති කිහිපයක සංශෝධන සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරන බවට ඉඟි පළ කර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික නායකයන් සමඟ දෙදින සාකච්ඡාවක් සඳහා යෝජනා කර ඇත.

    මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් අද සහ හෙට රැස්වන අතර එහිදී සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව අපේක්ෂා කෙරෙන එක් යෝජනාවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව ඩේලිමිරර් කියා සිටී.

    සිකුරාදා වන විට කථානායකවරයා එය ජනාධිපතිවරයාට දැනුම් දෙනු ඇති අතර කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉන් ඉවත් වන්නේද යන්න ඉදිරියේදී දැකගත හැකිය.

    Cnews
     
    • Like
    • Haha
    Reactions: dilann and Yastysan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මෙහෙම වෙන එක හොදයි
    ගෝඨාභය ට තනියම කරන්න දෙන්න ඕන.... අරැන් දෙන්නනම් එලවන්න ඕන
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පවුලම කරපු හොරකම්,මිනීමැරුම් ඵළියට ඵන්න නම් ඵකෙක් පවුලෙන් කැඩෙන්නම ඕන.ඒත් ඵහෙම ඵළියට අාවත් ඒක උන්ටම ප්‍රශ්ණයක් වෙන නිසා ඵහෙම ඵළියට දාන ඵකක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,002
    167,836
    113
    එකමත් එක රටක
    ඔය බොරු බන්. උන් එකට හොරකම් කරපු පවුලක්.
    යකෝ හොරෙක් උනත් තමන්ගේ උන් එක්ක මෙච්චර හොරාකන ඒවා බෙදාගන්නවා දැකල තියනවද ???
    :lol: :lol:

    අනිත් එක මත ගැටුම් ඇතිවෙන්න තරම් ඕකුන් දෙන්නගෙන් එකෙක්ටවත් රට ගැන කිසි මතයක් නෑ .
    ------ Post added on Apr 21, 2022 at 11:01 AM