අයිෆල් කුලුනට ආරක්ෂක වැටක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අයිෆල් කුලුනට ආරක්ෂක වැටක්

    අයිෆල් කුලුනට ආරක්ෂක වැටක්

    image_adbd180ffb.jpg

    අයි.එස්. හෙවත් ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් සහ ඔවුන්ගේ හිතවාදීන්ගෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන්, පැරිස් නුවර සුප්‍රසිද්ධ අයිෆල් කුලුනේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැටකින් වට කිරීමට ප්‍රංශ රජය සූදානම් වෙයි.
    මෙම ආරක්ෂක වැට සඳහා වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 40.1 කි. මෙම ආරක්ෂක වැටට, විනිවිද පෙනෙන වෙඩි නොවදින වීදුරුවක් ද ඇතුළත් වෙයි.
    එලැඹෙන ජූලි මාසය වෙද්දී ආරක්ෂක වැට ඉදිකර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව අයිෆල් කුලුන බාරව කටයුතු කරන බර්නාද් ගුදිලියේ මාධ්‍ය හමුවේ පවසා තිබේ.
    පැරිසියේ අභිමානය ලෙස සැළකෙන අයිෆල් කුළුන සංචාරක ආකර්ෂණයකි. එය පුපුරුවා විනාශ කරනවා යැයි අයි.එස්. ත්‍රස්තයෝ නිරන්තරයෙන් අනතුරු අඟවා ඇත. ඒ, 2016 වසරේ සිටය.
    (රොයිටර්)