අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#
අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විශාල මුදලක් වැයකර ඇති මුත් යළි ලැබී ඇත්තේ සුළු මුදලැකැයි වාර්තාවේ. උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 700ක් පමණ වැයකළමුත් ටිකට් පත් විකිණීම සහ සංචාරකයන්ට පහසුකම් සැපයීම හරහා යළි ලැබී ඇත්තේ රුපියල් මිලියන 400කටත් අඩු මුදලකි. අවසන් උත්සවය සදහා කලින් ඇස්තමේන්තු කළ මුදල මෙන් 14 ගුණයක මුදලක් වැයවී ඇති අතර මේ අසාමාන්‍ය වැඩිවීමට හේතුව තවමත් අනාවරණයවී නැත. මෙම උළෙල පැවැත්වීම හරහා ශ්‍රී ලංකාව සංචාරක භූමියක් ලෙස කීර්තියක් දිනා ගැනීමට අපේක්ෂා කළද සිදුවූයේ එහි ප්රතිපක්ෂයයි. අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමත් සමග ලංකාව යුද අපරාධ කරන රටක් සහ දෙමළ ජනතාවට හිරිහැර කරන රටක් ලෙස හදුන්වමින් ලංකාවට නොයන ලෙස තමිල්නාඩු සිනමා ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් ප්රචාරක සහ උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත්විය. එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ගෙන ආවේය. අයිෆා උළෙල නිසා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයවූවා නොව එය තවත් බිද වැටුණු බව ක්ෂේත්රයේ විශේෂඥයෝ පවසති.
අයිෆා උළෙල නිමිත්තෙන් කළ බොහෝ වියදම් නාස්තිකාර වියදම්වීමේ ලකුණු පෙනෙන්නට ඇත. උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එහි ටිකට්පත් සාමාන්‍ය ජනතාව අතර අලෙවිවන්නේ නැත. කටුනායක සිට කොළඹට එහි ටිකට්පතක මිල රුපියල් 2500ක් වන අතර සාමාන්‍ය ජනතාව එතරම් ඉහළ මිලකට දුම්රිය ටිකට්පත් මිලදී ගන්නේ නැත. සාමාන්‍යයෙන් කටුනායක සිට කොළඹට කුලී රථයක් රුපියල් 2800කට ලබාගත හැක. මෙම දුම්රිය සුදු අලියෙක්වී ඇති අතර එය භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
මේ අතර රුපියල් මිලියන 450ක් වියදම්කර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමද ඵල රහිතවී ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ මීට පෙර අසුන් 5000ක් තිබූ අතර විශාල මුදලක් වැයකර එය අලුත්වැඩියා කිරීමෙන් පසුව එම අසුන් ප්‍රමාණය 2000කට අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ 5000කට අසුන්ගත හැකි එකම ශාලාව ලෙස තිබුණේ එම ශාලාවයි. දැන් එම පහසුකමද ශ්‍රී ලාංකිකයන්ට අහිමිවී ඇත්තේ විශාල මහජන මුදලක්ද කාබාසිනියා කරමිනි.
අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා ලංකාවේ සිනමාවට හෝ සංචාරක කර්මාන්තයට කිසිදු යහපතක් සිදු නොවූ අතර විශාල මුදලක් ඒ වෙනුවෙන් නාස්තිවූ බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වූ බවත් විවේචකයෝ පවසති.
ඉන්දීය සිනමා උළෙල පැවැත්වීම සදහා ආණ්ඩුව මුදල් වියදම්කර ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමෙන් යැයි වාර්තාවේ. මෙම සිනමා උළෙලේ කටයුතු සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 430ක්ද, විලාසිතා දැක්ම සදහා රුපියල් මිලියන 40ක්ද, කොළඹ නගරය අලංකාර කිරීම සදහා රුපියල් මිලියන 10ක්ද, වියදම්වී තිබිණි. මීට අමතරව උළෙල සදහා පැමිණි නළු නිළියන්ගේ පහසුකම් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 200ක් පමණ වැයවන්නට ඇතැයි සැලකේ.
මෙම වියදම් සොයාගැනීම සදහා සංචාරක කටයුතු අමාත්‍යංශය ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන ඇත. වාර්තාවන අන්දමට ලංකා බැංකුවෙන් 14% පොලියට රුපියල් මිලියන 220ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වුවහොත් ඒ ලැබෙන ලාබයෙන් මෙම මුදල පියවීමට සංචාරක අමාත්‍යංශය පොරොන්දුවී ඇත.
අයිෆා උළෙල සදහා අධික මුදලකට ටිකට් පත් මුද්‍රණය කර තිබුණද ඒවා අපේක්ෂා කළ මට්ටමට නොවිකුනු නිසා අවසන් මොහොතේදී විශාල වශයෙන් ටිකට් පත්වල මිල අඩුකළ බව වාර්තාවේ.