අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#

    610x.jpg

    අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විශාල මුදලක් වැයකර ඇති මුත් යළි ලැබී ඇත්තේ සුළු මුදලැකැයි වාර්තාවේ. උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 700ක් පමණ වැයකළමුත් ටිකට් පත් විකිණීම සහ සංචාරකයන්ට පහසුකම් සැපයීම හරහා යළි ලැබී ඇත්තේ රුපියල් මිලියන 400කටත් අඩු මුදලකි. අවසන් උත්සවය සදහා කලින් ඇස්තමේන්තු කළ මුදල මෙන් 14 ගුණයක මුදලක් වැයවී ඇති අතර මේ අසාමාන්‍ය වැඩිවීමට හේතුව තවමත් අනාවරණයවී නැත. මෙම උළෙල පැවැත්වීම හරහා ශ්‍රී ලංකාව සංචාරක භූමියක් ලෙස කීර්තියක් දිනා ගැනීමට අපේක්ෂා කළද සිදුවූයේ එහි ප්‍රතිපක්ෂයයි. අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමත් සමග ලංකාව යුද අපරාධ කරන රටක් සහ දෙමළ ජනතාවට හිරිහැර කරන රටක් ලෙස හදුන්වමින් ලංකාවට නොයන ලෙස තමිල්නාඩු සිනමා ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් ප්‍රචාරක සහ උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත්විය. එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ගෙන ආවේය. අයිෆා උළෙල නිසා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයවූවා නොව එය තවත් බිද වැටුණු බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.

    අයිෆා උළෙල නිමිත්තෙන් කළ බොහෝ වියදම් නාස්තිකාර වියදම්වීමේ ලකුණු පෙනෙන්නට ඇත. උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එහි ටිකට්පත් සාමාන්‍ය ජනතාව අතර අලෙවිවන්නේ නැත. කටුනායක සිට කොළඹට එහි ටිකට්පතක මිල රුපියල් 2500ක් වන අතර සාමාන්‍ය ජනතාව එතරම් ඉහළ මිලකට දුම්රිය ටිකට්පත් මිලදී ගන්නේ නැත. සාමාන්‍යයෙන් කටුනායක සිට කොළඹට කුලී රථයක් රුපියල් 2800කට ලබාගත හැක. මෙම දුම්රිය සුදු අලියෙක්වී ඇති අතර එය භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
    මේ අතර රුපියල් මිලියන 450ක් වියදම්කර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමද ඵල රහිතවී ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ මීට පෙර අසුන් 5000ක් තිබූ අතර විශාල මුදලක් වැයකර එය අලුත්වැඩියා කිරීමෙන් පසුව එම අසුන් ප්‍රමාණය 2000කට අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ 5000කට අසුන්ගත හැකි එකම ශාලාව ලෙස තිබුණේ එම ශාලාවයි. දැන් එම පහසුකමද ශ්‍රී ලාංකිකයන්ට අහිමිවී ඇත්තේ විශාල මහජන මුදලක්ද කාබාසිනියා කරමිනි.
    අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා ලංකාවේ සිනමාවට හෝ සංචාරක කර්මාන්තයට කිසිදු යහපතක් සිදු නොවූ අතර විශාල මුදලක් ඒ වෙනුවෙන් නාස්තිවූ බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වූ බවත් විවේචකයෝ පවසති.

    610x.jpg

    ඉන්දීය සිනමා උළෙල පැවැත්වීම සදහා ආණ්ඩුව මුදල් වියදම්කර ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමෙන් යැයි වාර්තාවේ. මෙම සිනමා උළෙලේ කටයුතු සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 430ක්ද, විලාසිතා දැක්ම සදහා රුපියල් මිලියන 40ක්ද, කොළඹ නගරය අලංකාර කිරීම සදහා රුපියල් මිලියන 10ක්ද, වියදම්වී තිබිණි. මීට අමතරව උළෙල සදහා පැමිණි නළු නිළියන්ගේ පහසුකම් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 200ක් පමණ වැයවන්නට ඇතැයි සැලකේ.
    මෙම වියදම් සොයාගැනීම සදහා සංචාරක කටයුතු අමාත්‍යංශය ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන ඇත. වාර්තාවන අන්දමට ලංකා බැංකුවෙන් 14% පොලියට රුපියල් මිලියන 220ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වුවහොත් ඒ ලැබෙන ලාබයෙන් මෙම මුදල පියවීමට සංචාරක අමාත්‍යංශය පොරොන්දුවී ඇත.
    අයිෆා උළෙල සදහා අධික මුදලකට ටිකට් පත් මුද්‍රණය කර තිබුණද ඒවා අපේක්ෂා කළ මට්ටමට නොවිකුනු නිසා අවසන් මොහොතේදී විශාල වශයෙන් ටිකට් පත්වල මිල අඩුකළ බව වාර්තාවේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    බලමු බලන්න මාසයක් දෙකක් , සංචාරකයෝ එයිද කියල , ආවොත් එළ , නාවොත් උබ හරි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    IIFA Kiyanne balagena yankota melo wedak nethi deyak ne....
    kiwwa tharam hoda deyakuth neme...
    ape rate ayata ethi wedakuth ne wage....
    aprade ape salli..
    a salli walin ape raniwiruwonta gewal hadala denna thibbe......

    ඇයි එහෙම කියන්නේ? කී දෙනෙක් කියලා හම්බු කරගත්තද ඔය වැඩෙන්?

    අනිත් එක 5000ක් ඉඳගන්න පුලුවන් තැන 2000කට ඉඳගන්න පුලුවන් විදියට හැදුවා කියන එකත් ආස්චර්යයක් නොවේද සබඳ?

    අනිත් එක මුලු කොළඹ පුරාම පේමන්ට් කාරයෝ පන්නපු එක, අයිෆා ක්‍රියාන්විතයේ තවත් ධනාත්මක පැතිකඩක් තමයි ඒක.

    ඊටත් වඩා රුපියල් 2500 ටිකට් එකක් අරගෙන යන්න පුලුවන් කෝච්චියක් ආවෙත් අයිෆා හින්දමනේ. මැලේසියාවෙ වුනත් එයාපෝට් එකේ ඉඳන් KL Sentral - අගනුවර ප්‍රධාන දුම්රිය පොලට රින්ගිට්20යි (රු.700ක් විතර )
     
    • Like
    Reactions: urajdrlk

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කරන්න දෙයක් නෑ මගේ යෑ මට මොකෝ කියල තමා කියන්න තියෙන්නෙ අපි ඕව මුලදිම කිවුවනේ
    දැන් ආණ්ඩුවට කරන්න එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා අපි මොලේ නැතත් කොන්දක් හරි තියෙනවා කියල පෙන්නන්න අඩුම ගානේ ඔය නෑවිත් හිටපු නලු නිළියන්ගේ චිත්‍රපටි ලංකාවේ ආයි පෙන්නන්න දෙන්නෙ නෑ කියල හරි කියුවා නම් ඒකත් දෙයක්
    (ඒත් උන්ට නම් ඒකෙන් මහලොකු පාඩුවක් වෙන එකක් නෑ ඒත් අඩුම ගානේ අපිට කොන්දක් හරි තියෙනව කියල ඔප්පු වේවි එහෙම කරොත් )
     
    • Like
    Reactions: urajdrlk

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලමු බලන්න මාසයක් දෙකක් , සංචාරකයෝ එයිද කියල , ආවොත් එළ , නාවොත් උබ හරි

    අන්න හරි, ධනාත්මක චින්තනය.

    බයවෙන්න එපා, සංචාරකයෝ එනවා, ඔය අයිෆා කෙහෙල්මල හින්දා නෙමෙයි, මේ රට ලස්සන හින්දා.
    December season fully booked even by now.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    610x.jpg

    අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විශාල මුදලක් වැයකර ඇති මුත් යළි ලැබී ඇත්තේ සුළු මුදලැකැයි වාර්තාවේ. උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 700ක් පමණ වැයකළමුත් ටිකට් පත් විකිණීම සහ සංචාරකයන්ට පහසුකම් සැපයීම හරහා යළි ලැබී ඇත්තේ රුපියල් මිලියන 400කටත් අඩු මුදලකි. අවසන් උත්සවය සදහා කලින් ඇස්තමේන්තු කළ මුදල මෙන් 14 ගුණයක මුදලක් වැයවී ඇති අතර මේ අසාමාන්‍ය වැඩිවීමට හේතුව තවමත් අනාවරණයවී නැත. මෙම උළෙල පැවැත්වීම හරහා ශ්‍රී ලංකාව සංචාරක භූමියක් ලෙස කීර්තියක් දිනා ගැනීමට අපේක්ෂා කළද සිදුවූයේ එහි ප්‍රතිපක්ෂයයි. අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කිරීමත් සමග ලංකාව යුද අපරාධ කරන රටක් සහ දෙමළ ජනතාවට හිරිහැර කරන රටක් ලෙස හදුන්වමින් ලංකාවට නොයන ලෙස තමිල්නාඩු සිනමා ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් ප්‍රචාරක සහ උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත්විය. එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් ගෙන ආවේය. අයිෆා උළෙල නිසා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයවූවා නොව එය තවත් බිද වැටුණු බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.

    අයිෆා උළෙල නිමිත්තෙන් කළ බොහෝ වියදම් නාස්තිකාර වියදම්වීමේ ලකුණු පෙනෙන්නට ඇත. උළෙල නිමිත්තෙන් කටුනායක සිට කොළඹ දක්වා විශාල වියදමක් වැයකර ගෙන්වනු ලැබූ අධි සුඛෝපභෝගී දුම්රිය මගීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එහි ටිකට්පත් සාමාන්‍ය ජනතාව අතර අලෙවිවන්නේ නැත. කටුනායක සිට කොළඹට එහි ටිකට්පතක මිල රුපියල් 2500ක් වන අතර සාමාන්‍ය ජනතාව එතරම් ඉහළ මිලකට දුම්රිය ටිකට්පත් මිලදී ගන්නේ නැත. සාමාන්‍යයෙන් කටුනායක සිට කොළඹට කුලී රථයක් රුපියල් 2800කට ලබාගත හැක. මෙම දුම්රිය සුදු අලියෙක්වී ඇති අතර එය භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
    මේ අතර රුපියල් මිලියන 450ක් වියදම්කර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමද ඵල රහිතවී ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ මීට පෙර අසුන් 5000ක් තිබූ අතර විශාල මුදලක් වැයකර එය අලුත්වැඩියා කිරීමෙන් පසුව එම අසුන් ප්‍රමාණය 2000කට අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ 5000කට අසුන්ගත හැකි එකම ශාලාව ලෙස තිබුණේ එම ශාලාවයි. දැන් එම පහසුකමද ශ්‍රී ලාංකිකයන්ට අහිමිවී ඇත්තේ විශාල මහජන මුදලක්ද කාබාසිනියා කරමිනි.
    අයිෆා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා ලංකාවේ සිනමාවට හෝ සංචාරක කර්මාන්තයට කිසිදු යහපතක් සිදු නොවූ අතර විශාල මුදලක් ඒ වෙනුවෙන් නාස්තිවූ බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වූ බවත් විවේචකයෝ පවසති.

    610x.jpg

    ඉන්දීය සිනමා උළෙල පැවැත්වීම සදහා ආණ්ඩුව මුදල් වියදම්කර ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමෙන් යැයි වාර්තාවේ. මෙම සිනමා උළෙලේ කටයුතු සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 430ක්ද, විලාසිතා දැක්ම සදහා රුපියල් මිලියන 40ක්ද, කොළඹ නගරය අලංකාර කිරීම සදහා රුපියල් මිලියන 10ක්ද, වියදම්වී තිබිණි. මීට අමතරව උළෙල සදහා පැමිණි නළු නිළියන්ගේ පහසුකම් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 200ක් පමණ වැයවන්නට ඇතැයි සැලකේ.
    මෙම වියදම් සොයාගැනීම සදහා සංචාරක කටයුතු අමාත්‍යංශය ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන ඇත. වාර්තාවන අන්දමට ලංකා බැංකුවෙන් 14% පොලියට රුපියල් මිලියන 220ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වුවහොත් ඒ ලැබෙන ලාබයෙන් මෙම මුදල පියවීමට සංචාරක අමාත්‍යංශය පොරොන්දුවී ඇත.
    අයිෆා උළෙල සදහා අධික මුදලකට ටිකට් පත් මුද්‍රණය කර තිබුණද ඒවා අපේක්ෂා කළ මට්ටමට නොවිකුනු නිසා අවසන් මොහොතේදී විශාල වශයෙන් ටිකට් පත්වල මිල අඩුකළ බව වාර්තාවේ.

    ගොබෙල්ස් is back.