අයි.එස්.අයි.එස්_ISIS_(අයිසිස්)

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    machan isis kiyanne israel and usa wala contract karana team ekak

    තලෙයිබාන් අල්කයිඩා උන් නම් හැදුවෙ ඇෆ්ගන් රුසියානු යුධයට.පස්සෙ අන්තවාදී වෙලා ඒක උන්ටම ගැහුවා..මේක නම් ඒවගෙ අතුරු ප්‍රතිඵල ....
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මධ්‍යම ශ්‍රේණීන්ට අයත් අණදෙන නිලධාරීන් – 1,000 – 3,500 අතර ප්‍රමාණයක් සිටිති ( කුර්දි සටන් කරුවන්ගේ බුද්ධි අංශ වලට අනුව )

    මොවුන්ට වැටුප්ද ගෙවනු ලැබේ – එක් එක් ත්‍රස්ත නිළධාරියාගේ හෝ ත්‍රස්ත සටන් කරුවාගේ වගකීමේ තරාතිරම අනුව මාසකයට ඇමරිකානු ඩොලර් 300 සිට ඇමරිකානු ඩොලර් 4000 ක් තෙක් වැටුප් ලැබේ. ( එක්සත් රාජධානියේ “ටෙලිග්‍රාෆ්” පුවත්පතට අනුව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ වාර්ථාවක් උපුටා දක්වමින් )

    අයිසිස් ඉරාක සන්නද්ධ ශක්තිය –

    ස්වදේශික සටන් කරුවන් 30,000 – 70,000 ක් පමණ තෙක් ( කුර්දි / මොසාඩ් වාර්ථා )

    විදේශික සටන් කරුවන් – 3,500 – 11,000 ( ඉරාක රජය )

    අයිසිස් විදේශ ත්‍රස්ත සටන් කරුවන් ඉරාකයට පැමිණ ඇත්තේ :

    ටියුනීසියාව, සවුදි අරාබිය, රුසියාව, ජෝර්දානය, මොරොක්කෝව, ලෙබනනය, ජර්මනිය, එක්සත් රාජධානිය, ලිබියාව, උස්බෙකිස්ථානය, පාකිස්ථානය, තුර්කිය යන රටවලිනි …

    අයිසිස් සිරියාව සන්නද්ධ ශක්තිය –

    ස්වදේශික සටන් කරුවන් 35,000 – 50,000 ක් පමණ ( කුර්දි / ඇමරිකානු වාර්ථා )

    විදේශ සටන් කරුවන් 15,000 ක් පමණ ( සිරියානු රජය / නිදහස් සිරියානු හමුදාව / බටහිර බුද්ධි අංශ වාර්ථා )

    විදේශ සටන් කරුවන් සිරියාවට පැමිණියේ:

    ටියුනීසියාව, සවුදි අරාබිය, ජෝර්දානය, ලෙබනනය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ලිබියාව, තුර්කිය, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

    අයිසිස් සංවිධානය – මූල්‍ය ශක්තිය – Economic & Financial Profile

    අයිසිස් යනු මේ මොහොත වනවිට ලොව ධනවත්ම ත්‍රස්ත ජාලයයි…

    සංවිධානයේ වාර්ෂික ආදායම – දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3 ( නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත )

    සංවිධානය සතුව 2015 මැයි මාසය වනවිට වත්කම් – ඩොලර් බිලියන 1.25 ( බොහොමයක් සිරියානු සහ ඉරාක හමුදාවන් පළා යන විට අත්හැර දමා ගිය ඇමරිකානු සහ රුසියානු අවි ගබඩා, සන්නද්ධ රථ ආදිය මෙයට අයත් කරගෙන ඇත )

    අයිසිස් සංවිධානය මුදල් උපයාගන්නේ කෙසේද?

    ප්‍රධාන ආදායම් මාර්ග

    තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් බදු අය කර ගැනීම සහ කප්පම් ගැනීම – වාර්ෂිකව ඩොලර් මිලියන 600 පමණ

    ඉරාකයේ රජයේ බැංකු පද්ධතියෙන් සොරාගත් මුදල් – වාර්ෂිකව ඩොලර් මිලියන 500 පමණ

    බොරතෙල් වෙළඳාම – ඩොලර් මිලියන 100

    අපහරණ කප්පම් මුදල් – ඩොලර් මිලියන 20 පමණ

    අවිග්‍රාහක විදේශ ප්‍රදානයන් – ඩොලර් මිලියන 50 ක් පමණ​


    90Vhkqq.png
    අයිසිස් ආදායම්​


    අයිසිස් ව්‍යාප්තිය සිදුවූයේ කෙසේද?

    අයිසිස් සංවිධානය 2015 ජූනි මාසය වනවිට ඔවුන්ගේ සටන් පෙරමුණු, සක්‍රීයත්වය සහ සමස්ථයක් ලෙස Cells, Sleeper Cells පවත්වා ගත් දේශයන් පහත පරිදිය….​


    VBnvIZT.png


    ඉරාකය
    සිරියාව
    ලිබියාව
    ටියුනීසියාව
    ඇල්ජීරියාව
    ඇෆ්ගනිස්ථානය
    යේමනය
    ඊජිප්තුව​


    sdG0Lrl.png


    ලන්ඩන් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය පවසන අන්දමට අයිසිස් සංවිධානයේ ප්‍රධාන ව්‍යාප්ති උපක්‍රම පහත පරිදිය:

    1. ඔවුන් විසින් යටත් කරගනු ලබන ප්‍රදේශ වල සක්‍රීය පාලනයක් ක්‍රියාත්මක කිරීම – අනෙකුත් ත්‍රස්ත සංවිධාන මෙන් අදාළ ප්‍රදේශ වල සන්නද්ධ පරිපාලනය සහ එයට අදාළ පුද්ගල පාලනය පමණක් සිදු නොකොට, නිළ වශයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු සහ සේවා සැපයීම් වලට ඔවුහු මැදිහත් වෙති…එමගින් තමන් යටතේ පවතින ප්‍රදේශ වලින් පිරිස් බලය සහ මූල්‍ය ශක්තිය එක් කර ගැනීමට ඔවුහු සමත් වෙති….

    2. එකී ප්‍රදේශ වල විවිධ ජන කොට්ඨාශ අතර අභ්‍යන්තර භේද බින්නතාවයන්ට අත පෙවීම තුළින් එක් එක් කළාපයෙහි මිත්‍ර සංවිධාන හෝ සහායක සංවිධාන ඇති කර ගැනීම

    3. එසේ ඇති කරගත් මිතුරු කණ්ඩායම් හෝ කුඩා කණ්ඩායම් අවසානයේදී අයිසිස් සංවිධානයට අවශෝෂණය කර ගැනීම

    4 ඔවුන් අයිසිස් අරමුණු වලට සහ කැලිෆේටයට එකඟ කරවාගෙන සටන් පෙරමුණු වලට අනුයුක්ත කිරීම​

    අයිසිස් සංවිධානය සමග සටන් වදින රාජ්‍යයන් සහ කණ්ඩායම්

    ගුවන් ප්‍රහාර

    2015 ජූනි මාසය වනවිට අයිසිස් සංවිධානයේ ප්‍රධාන සටන් පෙරමුණු දෙක වන සිරියාවේ සහ ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ බලවේග විසින් ගුවන් ප්‍රහාර 4,550 ක් එල්ල කර තිබෙනවා… එම ප්‍රහාර වලින් 65% පමණ සාර්ථක වූ බව ඇමරිකානු හමුදා මධ්‍යම ආඥාපතීත්වය (US Central Command ) පවසනවා….

    ඒ අනුව 2015 මැද වනවිට :

    ඉරාකයේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 2,833
    සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත නේටෝ ගුවන් ප්‍රහාර – 1,717

    එල්ල වී තිබෙනවා…මෙයින් අයිසිස් ත්‍රස්තයන් 11,500 + මිය යන්නට ඇති බවට ගණනය කෙරෙනවා.

    මේ ගුවන් ප්‍රහාර එල්ල කරන ලද රටවල් පිළිබඳව ආයතනය දරන්නේ පහත සඳහන් දත්තයන්:

    ඇමරිකා එක්සත් ජනපදය – ගුවන් ප්‍රහාර 2,000 + ( 100% ඉරාකය තුළ )

    එක්සත් රාජධානිය – 447+

    ප්‍රංශය – 178+

    කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය සහ ඩෙන්මාර්කය – 150+

    අනෙක් ( සිරියානු ගුවන් හමුදාව සහ ඉරාක ගුවන් හමුදාව ඇතුළුව ) – 75+

    නමුත් මෙම ගුවන් ප්‍රහාර වලින් කෙතරම් දුරකට අවශ්‍ය අරමුණු ඉටු වූවාද යන්න සැක සහිතය…. කාන්තාර සටන් සහ නාගරික සටන් පිළිබඳව මනා පුහුණුවක් ලැබූ ගරිල්ලා සටන් කරුවන් ලක්ෂය ඉක්මවා සිටින සංවිධානයක ව්‍යාප්තිය වැළැක්වීමේදී ගුවන් ප්‍රහාරම පමණක් ප්‍රමාණවත් නොවේ….මෙලෙස නම් සඳහන් නේටෝ සාමාජිකයන්ට අයත් කිසිදු හමුදාවක් තවමත් අයිසිස් සංවිධානය සමග ගොඩබිම් සටනකට එළඹී නැත.

    එනමුත් ඇමරිකානු හමුදාවන් 2014 පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අයිසිස් සංවිධානයට එරෙහිව සටන් වදින සංවිධාන වල සටන්කරුවන් 25,000 ක් පමණද, ඉරාක හමුදා සෙබළුන් 40,000 ක් පමණද නිළ මැදිහත් වීම් හරහා පුහුණු කොට ඇත.

    අයිසිස්ට එරෙහිව ගොඩබිමින් සටන් වදින්නෝ

    සිරියාවේදී

    සිරියානු ආරක්ෂක හමුදාව ( Syrian Government Defense Forces) –

    සිවු අවුරුදු සිරියානු සිවිල් යුද්ධයෙන් සහ ආර්ථික සහ තාක්ෂණික සම්බාධක වලින් බෙහෙවින්ම දුර්වලව සහ හෙම්බත්ව ඇති අතර, යුද අවි යාවත්කාළීනකරණය, අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීම ආදිය කළ නොහැකි වීමෙන් යල් පැනගිය අබලන් වූ අවි රැසක හිමිකම් ඇත්තෝය….එහෙත් අතිරේක භට සේනාංක සමග 600,000 ( හය ලක්ෂය ) අබිබවා යන පිරිස් බලයකින්ද, 1960 දශකයේ නිෂ්පාදිත සෝවියට් යුද ටැංකිද ඇතුලුව යුද ටැංකි 3000+ සංඛ්‍යාවක් ප්‍රමුඛ සන්නද්ධ රථද හිමිය….තවමත් ජනාධිපති බෂාර් අල් අසාද් යටතේ මධ්‍යම ආඥාපතීත්වයක නිළ හමුදාවක් ලෙස පවතී….සෙබළුන්, 40,000+ ක් පමණ මාස 8 ක් ඇතුළත සේවය අතහැර යෑම් නිසා බෙහෙවින්ම පීඩනයට පත්ව ඇත…

    තවමත් සිරියාවෙන් විශාල කොටසක සිවිල් පාලනය රැකගැනීමට සමත්ව සිටිති…. නවීන ගුවන් ආරක්ෂණ පද්ධති සතු වුවත්, අයිසිස් වැනි තර්ජනයක් හමුවේ ඒවායින් ඵලක් නැත….

    නිදහස් සිරියානු හමුදාව ප්‍රමුඛ ගරිල්ලා කල්ලි 17 ක් පමණ ( Free Syria Army and other Guerrilla outfits ) –

    සටන් කරුවන් 29,000 ක් පමණ සිටියත්, ඔවුන් අතර පැවති විශාලතම බලවේගයන් ඒවායේ සංවිධාන සහ යුද රහස් සමගම අයිසිස් සංවිධානයට එක්වීමත් සමග බලවත් අර්බුදයකට සහ වික්ෂිප්ත භාවයකට පත්ව සිටිති….මේ වනවිට යුද පෙරමුණේ සැකය නිසාම තම තමන්ගේ සාමාජිකයන් බොහෝ සංඛ්‍යාවක් මරා දමා ඇත….අවි හිඟයකට මුහුණ දී සිටින අතර, එක් පසෙකින් අයිසිස් සහ අනික් පසින් සිරියානු රජය පමණක් නොව ඔවුනොවුන් අතරත් දරුණු ගැටුම් තිබීම නිසා දුර්වලව සිටිති… මෑතකදී අයිසිස් සංවිධානය තුර්කියට පහර දීම සඳහා ස්ථානගත වීමට දැරූ උත්සාහයට එරෙහිව ආරක්ෂණ පියවරක් ලෙස ඇමරිකාව සහ තුර්කිය එක්ව සටන් කරුවන් 6,000 කට පමණ නැවත පුහුණුව ලබා දුන්නද, ඒ පුහුණුව ලැබූවන්ගෙන් සමහරෙක් පලාගොස් අයිසිස් සමග එක්වීම නිසාත්, අයිසිස් වැටලීම් වලදී බටහිර රටවල් සහ තුර්කිය ඔවුන්ට ලබා දුන් අවි තොග අයිසිස් අතට පත්වීම නිසාත් අපේක්ෂාවන් ඉටු නොවිණි…..සෞඛ්‍ය පහසුකම් මද වීම හේතුවෙන් සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සාමාජිකත්වය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී…ඔවුන් සතුව පැවති ප්‍රදේශ එකින් එක අයිසිස් අතට පත්වෙමින් පවතී….

    මහජන ආරක්ෂක ඒකක – කුර්දි සටන් කරුවෝ ( People`s Protection Units – Yekeneyina Parastina Gel)

    කුර්දි වරු වනාහි සිරියාවේ මිලියන 4 ක් පමණද ඉරාකයේ මිලියන 7 ක් පමණද ලොව පුරා මිලියන 40 ක් පමණද සිටින සෙමෙටික දේවවාදී ජාතිකත්වයකි….මෙම ජනතාව උතුරු දිග ඉරාකයේද නැගෙනහිර සහ ඊසාන දිග සිරියාවේද බෙහෙවින් සිටිති….කළක් සිරියානු හමුදාවන්ගෙන් එක් පසෙකින්ද, අනික් පසින් සදාම් හුසේන්ගේ ඉරාක හමුදාවන්ගෙන්ද දරුණු පීඩා ලැබූවන් වෙති…2003 වසරේ සිට ඉරාකයේද, 2011 වසරේ සිට සිරියාවේද ක්‍රියාත්මක අභ්‍යන්තර ගැටුම්, ගරිල්ලා ත්‍රස්ත කල්ලි සහ අස්ථාවරයත්වය හමුවේ කුඩා කණ්ඩායම් වශයෙන් තැන තැන ආත්මාරක්ෂක සහ සිය ජාතිය උදෙසා ප්‍රජා ආරක්ෂක ගරිල්ලා සටන් කරමින් සිටි කල්ලි 20 ක් පමණ එක්ව මෙම “මහජන ආරක්ෂක ඒකකය” පිහිටුවාගත්හ….

    පුද්ගල ශක්තිය 70,000 ක් පමණ වෙති… ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ප්‍රධාන අවි සැපයුම් කරුවන් වන අතර, රුසියාවෙන්ද පුහුණුව සහ අවි ලැබී ඇත….සමස්ථයක් ලෙස අයිසිස් “කැලිෆේටය” පිහිටුවීමෙහිලා මොවුන් විශාල බාධකයක් වී ඇත්තේ ඉරාකය සහ සිරියාව යා කරන භූමිය පුරා මොවුන්ගේ නිජබිම් පිහිටීම හේතුවෙනි….

    පුහුණුව අතින් සහ ආත්ම විශ්වාසය අතින්ද, සංවිධාන ශක්තිය අතින්ද මොවුන් මේ වනවිට අයිසිස් ත්‍රස්තවාදීන්ට භූමියේදී මුහුණ දෙන ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටිති….ඔවුන්ට පිටුපසින් තුර්කිය, යුරෝපා පිවිසුම සහ ගෝලාන් කඳුකරය ඇති හෙයින් සැපයුම් සඳහා මාර්ග බාධාවක් නොමැත….තමන්ගේ ජාතිය වෙසෙන ප්‍රදේශ සහ ඒවාට අයත් බොහෝ නගර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටිති….

    ඉරාකයේදී

    ඉරාක ජාතික ආරක්ෂක හමුදාව (Iraqi Army / Defense Forces) –

    අතිරේක හමුදාවන් සමග මිලියනයකට (1000,000) ආසන්න පිරිස් බලයකින් යුක්ත වන අතර, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවේග විසින් සපයන ලද නවීනතම තාක්ෂණය සතුය…එහෙත් මේ වනවිට මෙලොව සිටින දුර්වලතම හමුදාවක් බව ඔප්පු කර හමාරය…

    දහස් ගණනක් සේවය හැර ගොස් සැඟවී සිටීම නිසා පිරිස් බලය අතින් පිරිහී ගොස් ඇත….අතිශය දුර්වල සංවිධාන ශක්තිය නිසා ඇතැම් හමුදා අනුඛණ්ඩ වලට සිය මතය ප්‍රචාරය කර ඔවුන් නම්මවා ගැනීමට අයිසිස් සමත්ව සිටිති…2003 වසරේ සිට ඉරාකය පුරා හටගත් ගරිල්ලා සටන් වලට මුහුණ දී හෙම්බත්ව සිටින අතර, 2005 වසරේ සිට විශේෂ ඇමරිකානු පුහුණුවක් ලැබූවද, පරාජිත මානසිකත්වය, ඉච්ඡා භංගත්වය හේතුවෙන් සටන් පෙරමුණු වලදී තම අවි ආයුධ අතහැර පලා යාම සිදුකරමින් සිටිති….නව සෙබළුන් පුහුණුවකින් තොර බැවින් ඔවුන් සතු නවීන ඇමරිකානු අවි වලින් නිසි ඵල නෙලා ගැනීමට නොදත්තෝ වෙති…මේ හෙයින් ඔවුන් අයිසිස් හමුවේ සියළු දේ අතහැර පළා යති….එසේ අයිසිස් සංවිධානයට සටනකින් තොරවම අත්පත් වූ ඇමරිකාව විසින් ඉරාක හමුදාවන්ට ලබා දී තිබුණු අවි තොග වල වටිනා කම 2015 මැද වනවිට ඩොලර් මිලියන 615 කි…


    Mx3c9dT.jpg
    රාමාදි නගරය අත්කරගැනීමේ සටනේදී ඉරාක හමුදාවන් දමා පලා ගිය ඇමරිකානු “හම් වී” සන්නද්ධ රථයක නැගී වීදි සරන අයිසිස් සටන් කරුවන්…මෙවැනි රථ සිය ගණනක් “මොසූල්” නගරය අල්ලන සටනේදී අයිසිස් සටන් කරුවන් අතට පත්විය…​



    මෙවැනි අවි සහ ඒවායේ උපාංග ලොව අනෙකුත් ත්‍රස්ත සංවිධාන සහ ඇමරිකානු විරෝධී රජයන් වෙත වෙන්දේසියේ දමා අයිසිස් ත්‍රස්තයන් විශාල මුදලක් උපයා ඇති බවට වාර්ථා ඇත…


    Iraqi security forces lost 2,300 Humvee armored vehicles when ISIS overran the northern city of Mosul, Prime Minister Haider al-Abadi said on Sunday.

    “In the collapse of Mosul, we lost a lot of weapons,” Abadi said in an interview with Iraqiya state TV. “We lost 2,300 Humvees in Mosul alone.”

    While the exact price of the vehicles varies depending on how they are armored and equipped, it is clearly a hugely expensive loss that has boosted ISIS’s capabilities.

    Last year, the State Department approved a possible sale to Iraq of 1,000 Humvees with increased armor, machineguns, grenade launchers, other gear and support that was estimated to cost $579 million.

    Clashes began in Mosul, Iraq’s second city, late on June 9, 2014, and Iraqi forces lost it the following day to ISIS, which spearheaded an offensive that overran much of the country’s Sunni Arab heartland.

    The militants gained ample arms, ammunition and other equipment when multiple Iraqi divisions fell apart in the country’s north, abandoning gear and shedding uniforms in their haste to flee…

    ( The “Lebanon Star” News Paper quoting Iraqiya State Television )

    භූමි සටන් සඳහා කොතරම් පුහුණු කළත් ඉරාක හමුදාවන්ගේ ආත්ම විශ්වාසය කළමණාකරණය කර ගැනීමට ඉරාක රජය අපොහොසත්ව සිටිති…

    ඉරාක ගරිල්ලා කණ්ඩායම් –

    කුඩා කුඩා ගරිල්ලා කණ්ඩායම් 25 ක් පමණද, මහදි හමුදාව, හිස්බුල්ලා, ආදී අනෙක් කළාපයන් වල ප්‍රබල එහෙත් ඉරාකයේ මේ වනවිට දුර්වලව සිටින ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් අයිසිස්ට එරෙහිව සටන් වදිමින් සිටිති…. මේවායින් මහදි හමුදාව සහ හිස්බුල්ලා වනාහි මුස්ලිම් ලෝකයේ ප්‍රභල ප්‍රභේදයෙන් දෙකෙන් එකක් වන “ෂියා” මුස්ලිම් වරුන්ගෙන් සැදුම් ලත් සටන් කණ්ඩායම්ය….

    අයිසිස් සංවිධානයේ උපත හේතුවෙන් සාමාජිකත්වය විශාල පිරිසක් අහිමි වී ඉතාම දුර්වලව සිටින අල් කයිඩා සංවිධානයද මෑතක සිට අයිසිස් වරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටිති…එහෙත් භූමියේදී ඔවුන්ගෙන් සටන් ප්‍රයාමයන්ට එතරම් සක්‍රීය දායකත්වයක් නොමැත….

    මෙකී සංවිධාන 11 අවුරුදු ඉරාක සිවිල් යුද්දයෙන් සහ ඉරාකයේ සිටි ඇමරිකානු හමුදා සමග ඇතිකරගත් ගැටුම් වලින් මේ වනවිට වෙහෙසට පත්ව සිටින අතර, ඔවුන්ට අවි, පුහුණුව හෝ නිසි වෛද්‍ය ප්‍රතිකාර දුර්ලභය….සංවිධාන ශක්තිය බෙහෙවින්ම දුර්වලය…පිරිස් බලය 18,000 ක් පමණ වෙතැයි සී.අයි.ඒ සංවිධානය ගණන් බලා ඇත.. කැඩී බිඳී විසිරී ගොස් තැන් තැන් වල කුඩා කණ්ඩායම් ලෙස සිටිති….​




    උ.ගැ. - නොදන්න මඟුල් කථා කරමු..


    රෙප් බාර ගනු ලැබේ.......!!!​

    Interesting article. Learn a lot. Thank you for taking your time to explain these. :yes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    kRa4ecA.png


    මම ලංකාවේ දෙමල ප්‍රශ්නය ගැන බොහොම සංවේදීව කතා කරපු කෙනෙක්.ඒත් මුස්ලිම් උන් එක්ක මගේ සහ ජීවනයක් නැත.ඒකට හොදම උදාහරනය තමයි මේක.මේක ඉස්ලාමයට එරෙහි ත්‍රෙඩ් එකක් නෙවෙයි මේක ISIS ගැන.මේ ලංකාවේ මුස්ලිම් සහෝ දරයෙකුගේ ISIS ආදරය උදුරා ගිය අවස්තාවක්.:D


    2018