අයි.පී_චම්පික

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Anura_Senanayaka_Wasim_Thajudeen.jpg



තජුඩීන් ඝාතනය සිදුවූ අවස්ථාවේදී ඝාතනයට අදාල සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අද (20) සවස අත් අඩංගුවට ගත් එවක නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා රහස් පොලිසිය ඉදිරියේ දීර්ඝ පාපෝච්චාරණයක් කරමින් තජුඩීන් ඝාතනය ගැන තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. චම්පික පෙරේරා ගේ දීර්ඝ පාපෝච්චාරණයෙන් හෙලි වී ඇති ප්‍රධාන කරුණ වන්නේ ඔහු තජුඩීන් ඝාතනයට අදාල සාක්කි වසන් කරන ලද්දේ එවක කොළඹ බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ නියෝග මත බවයි.
තජුඩීන් මරා රථය තුලට දමා රථය ගිනි තබා තිබියදී එය රිය අනතුරක් යැයි සටහන් තැබීමට තමන්ට අනුර සේනානායක නියෝග කළ බව චම්පික පෙරේරා විසින් විස්තර සහිතව හෙලිදරව් කර ඇත.
තමන්ගේ දීර්ඝ සේවා කාලය මත ලත් අත්දැකීම් අනුව සිද්ධිය දුටු මතින් එය රිය අනතුරක් නොවන බව හැඟී ගිය බව පවසා ඇති චම්පික පෙරේරා හැඩි දැඩි තරුණයෙක් කුඩා රියකට අමාරුවෙන් රිංගවා රථයට ගිනි තබා ඇති බව තමාට පෙනී ගිය බවත් ඒ අසල අඩි දෙක හමාරක පමණ යකඩ පොල්ලක් තිබූ බවත් පවසා තිබේ. එය ඝාතනයක් බවට සැක යයි තමා ඒ ස්ථානයේ සිටිමින් එම අවස්ථාවේදීම පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන් විට අනුර සේනානායක මහතාට කතා කරන්නැයි උපදෙස් දුන් බවත් ඒ අනුව අනුර සේනානායකට කතා කර ‘ සර් මේක රියල් මර්ඩර් එකක් ‘ යැයි කී විට ‘තමුසේ පණ්ඩිත කම් කතා කරන්නේ නැතිව මෙය රථ වාහන අනතුරක් ලෙස පොලිස් TIB (ට්‍රැෆික් ඉන්ෆොමේෂන් බුක්) පොතේ සටහන් යොදන ලෙසත් කිසිවක් ප්‍රොඩියුස් නොකරන ලෙසත්‘ අනුර සේනානායක උපදෙස් දුන් බව චම්පික පෙරේරා පාපෝච්චාරණය කර තිබේ.
මේ ගැන ආරක්ෂක ලේකම් තුමා (ගෝඨාභය) දන්නා බවත් මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කරන ලද කුමන්ත්‍රණයක් බවත් තව ටික දවසකින් ඔය මැරිලා ඉන්න එකා ගැන තොරතුරු හෙලිවනු ඇති යැයි අනුර සේනානායක කී බව පාපොච්චාරණය කර ඇති චම්පික පෙරේරා, ඩේලි රිපෝර්ට් මගින් මෙය රිය අනතුරක් ලෙස ද සටහන් යොදන ලෙසත් පොලිස්පති නිල මැදිරියට ද ඇමතුමක් දී මෙය රිය අනතුරක් ලෙස දැනුම් දෙන ලෙසත් නියෝග කෙළේ යැයි පවසා තිබේ.
මඳ වේලාවකට පසු සිද්ධිය වූ තැනට තජුඩීන්ගේ තාත්තා පැමිණි අතර ඔහුවත් රැගෙන තමන්ට අනුර සේනානායක හමුවීමට එන්නට දැනුම් දුන් බවත් ඒ අනුව තජුඩීන්ගේ පියා රැගෙන තමන් අනුර සේනානායක මුණ ගැසීමට ඔහුගේ කාර්යාලයට ගිය බවත් පවසා ඇති චම්පික පෙරේරා, තජුඩීන්ගේ පියාට සිය ඉදිරි අසුනේ වාඩි වෙන්නට යැයි පැවසූ අනුර සේනානයක “ මේක රිය අනතුරක්. තමන්ගේ පුතා රථය පදවන අවස්ථාවේ බීලා ඉඳලා තියෙන්නේ. මේ ගැන පරීක්ෂන පවත්වන ඕඅයිසී මේ ඉන්නේ. එයාගේ පරීක්ෂණ අනුව හෙලිවෙලා තියෙනවා. ඒ නිසා මේක ගැන වැඩිය අදින්නට ගියොත් තමන්ගේ පුතාගේ චරිතයට කැළලක් වේවි“ යැයි තමාවද පෙන්වා කීවේ යයි චම්පික පෙරේරා රහස් පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ.
තජුඩීන්ගේ පියාව පොලිස් රථයෙන්ම යලි නිවසට ඇරලෙන ලෙස චම්පික පෙරේරාට පවසා ඇති අනුර සේනානයක, චම්පික පෙරේරා ඉදිරියේදීම ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් බේබි ට දුරකථන ඇමතුම් රැගෙන සිද්ධිය පැවසූ බවද පාපෝච්චාරණය කර ඇත. ඉන් පසුව චම්පික අමතා ඇති අනුර සේනානායක තමාට කිසිදේකට බිය නොවන ලෙස කී බවත් ‘මූ කරලා තියෙන දේවල් ඉස්සරහදී එළියට එයි‘ යනුවෙන් කී බවද එහි දී අනුර සේනානයක ‘මූ‘ යනුවෙන් කීවේ මිය ගොස් සිටි තජුඩීන්ට බවද පවසා තිබේ.
තමන් ඒ අවස්ථාවේදී මේ ගැන කිසිවක් නොකියා සිටියේ තමාගේ සහ පවුලේ අයගේ ජීවිත ගැන තිබූ බිය නිසා බවත් පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා ගේ පාපෝච්චාරණයේ දැක්වේ.
රහස් පොලිස් ප්‍රශ්න කිරීම් තව දුරටත් පැවැත්වේ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    thajudin ganama hoyanne ai rathupaswala wedi thiyala marapu sinhala kollo gana hoyanne natte ai ?
    jvp kollo 2k bike accident eken maruna eka hoyanne natte ai?
    evata media kata wahan inne ai?