අය-වැය-බොරුව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අය-වැය 2015 අලුත් බෝතලයක පරණ වයින්



    වසර ගණනක්‌ සංවර්ධනාභිමුඛ අයවැය ලේඛන ඉදිරිපත් කරමින් ද සංවර්ධන ඉලක්‌ක ගැන ලංසු තබමින් ද ඉදිරිපත් වූ එකී අයවැය ලේඛන 'ජනතාවට සහන' ගැන කතා කිරීමේදී නම් 'අද නොවේ හෙට' ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේ තව ටික කලක්‌ පටි තද කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමිනි. එවැනි ආණ්‌ඩුවක්‌ මෙවර එක්‌වරම සහන මල්ලක්‌ 'පිරිනමමින් 'නත්තල් සීයාට ඇඳී' අරුමයක්‌ වශයෙන් සැලකිය නොහැක්‌කේ කෙසේද ?

    රජයේ සේවකයින්ට නත්තල් තෑගී

    අයවැය ලේඛනය ගැන සඳහන් කිරීමේදී පසුගිය කාලය පුරාම වැඩිම අවධානයක්‌ දිනාගත්තේ පඩි වැඩි කිරීමය. එය කිසිම අඩුවක්‌ නැතිව මෙවර ද සිදුවිය. ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රමුඛ විපක්‌ෂය රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක්‌ ගැන ආණ්‌ඩුවට බල කරද්දී එජාප නායකයා ජනපතිවරණ පොරොන්දුවක්‌ වශයෙන් ඊට තවත් දහස්‌ ගණනක්‌ එක්‌ කර රජයේ සේවකයාට ආශ්චර්යය උදාකරන බවට සහතිකයක්‌ ලබා දුන්නේය.

    මේ සියල්ල හමුවේ ජනපති මහින්ද රාජපක්‌ෂ මෙවර නම් රජයේ සේවකයන්ට පසුගිය ඉතිහාසය පුරා ලබා නොදුන් සුවිශේෂ වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නේය. ඒ රජයේ සේවකයන් විසින් සඳහන් කරන ආකාරයට 'වැටුපට එල්ලා තිබුණ සියල්ල ' මූලික වැටුප බවට පත් කර රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 15,000.00 දක්‌වා වර්ධනය කිරීමට අමතරව තවත් රුපියල් 1200.00 ක දීමනාවක්‌ ද ලබා දීම සමගිනි.

    ජනපතිවරයා විසින් රජයේ සේවකයන්ට මෙවැනි සුවිශේෂ සහනයක්‌ ලබා දෙනු ඇතැයි අති බහුතරයක්‌ රාජ්‍ය සේවකයන් සිහිනෙන් පවා නොසිතන්න ඇත. මන්ද එල්ලා තිබූ සියල්ල මූලික වැටුපට එක්‌කිරීම යනු සුළුපටු කරුණක්‌ නොවන හෙයිනි.

    ඒ අනුව මාධ්‍ය වාර්තා කළ ආකාරයට සහ ජනපතිවරයා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කරද්දී එය වටහා ගත් ආකාරයට රජයේ සේවකයන් සිතුවේ zමෙදා සැරේ නම් කල්ල මරේ ' බවය. ඒ රුපියල් 10,000 කින් පමණ රජයේ සේවක වැටුප් වැඩි කළ බවට අර්ථකථනයක්‌ ලබා දුන් නිසාය. තවත් රුපියල් 2200 ක්‌ වැටුපට එක්‌ කළ නිසාය.

    එහෙත් මේ වැටුප් වර්ධනය ගැන සිකුරාදා සවස උදම් අනමින් සිටි රාජ්‍ය සේවකයන් ඊට පැය කිහිපයකට පසු තම වැටුප් වැඩිවීම ආණ්‌ඩුව කියූ කතාවට සපුරා පටහැනි කතාවක්‌ කියන්න පටන් ගත්තේය. ඔවුන්ට අනුව අවුරුදු ගණනක්‌ පුරා වැටුපට එල්ලා තිබූ රුපියල් දස දහසකට අධික ගණනක්‌ මූලික වැටුපට එක්‌ කිරීම ඉතා වැදගත් මෙන්ම රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් වඩාත් සුභවාදී පියවරකි. එහෙත් අලුත් කතාව එක්‌ වූයේ ඊට පසුවය.

    ' එල්ලලා තිබුණ 10,000 මූලික වැටුපට එක්‌ කළ එක නම් හොඳා තමයි. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පාර අපිට ගිය මාසෙටත් වඩා අඩු පඩියක්‌ ලැබෙන එකනේ ' මේ මෙම ලියුම්කරු සමග ඔහුගේ හිතවත් ගුරුවරියක්‌ කියා සිටි කතාවකි. රජයේ සේවක වැටුප් වැඩි කිරීම ගැන ලක්‌ෂ 13 කට අධික රජයේ සේවකයන් ඉතාමත් සතුටට පත්ව සිටින අවස්‌ථාවක මේ ගුරුවරිය කියන කතාව උභතෝකෝටියක්‌ වුණ නිසා ඒ ගැන විධිමත් පැහැදිලි කිරීමක්‌ කරන ලෙස ලියුම්කරු අදාළ ගුරුවරියගෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේ ඇය එය මේ ආකාරයට පැහැදිලි කළාය.

    z මෙච්චර කාලයක්‌ එල්ලලා තිබුණ රුපියල් 11,000 ක්‌ විතර ( ඇයගේ වැටුපට අනුව 11,239.00 ) මුලික වැටුපට එක්‌ කළාම මගේ මූලික වැටුප රුපියල් 28, 438 ක්‌ වෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මගේ මූලික වැටුප රුපියල් 17,195 ක්‌ වෙලා තිබුණ කාලේ zවැන්දඹු සහ අනත්දරු අරමුදලට Z රුපියල් 1032.70 ක්‌ කැපුවා. දැන් මූලික වැටුප 28,438 ක්‌ වුණාම වැන්දඹු සහ අනත්දරු එකට ඒ ගාණෙන්ම කපනවා. එතකොට තවත් රුපියල් 900 ක්‌ විතර අලුතින් කැපෙනවා. සමහර වෙලාවට ඊටත් වඩා වැඩිවෙයි. එතකොට මට ගිය මාසෙට වඩා රුපියල් දාහක්‌ විතර අඩුවෙන් තමා වැටුප ලැබෙන්නේ. මම ඒකයි කිව්වේ අපිට පඩි වැඩි කළා නෙමෙයි අපේ පඩි කැපුවා කියලා තමයි දැන් අපට හිතෙන්නේ '

    මේ ගුරුවරිය කියන කතාව මෙම ලියුම්කරු සමග කතා කළ තවත් රජයේ සේවකයන් බොහෝ දෙනකු තහවුරු කළ අතර ඔවුන් එහිදී කියා සිටියේ මේක වැටුප් වැඩි කිරීමක්‌ නොව තම වැටුපෙන් ගසා කෑමක්‌ බවය.

    එහෙත් එහිදී ඔවුන් තම මූලික වැටුප වැඩි කිරීම ගැන ආණ්‌ඩුවට සිය කෘතඥතාව පළ කිරීමට සූදානම්ය. ඒ මූලික වැටුප වැඩි කිරීම විශ්‍රාම වැටුපට වාසිදායක නිසාය. අනෙක්‌ අතට මෙපමණ කලක්‌ රුපියල් 17,000 ක්‌ වැනි මූලික වැටුපකට ණය ගැනීමට ගිය තමන්ට මීට පසු රුපියල් 28,000 ක්‌ වැනි විශාල මුදලක්‌a අනුව ණය ගැනීමට හැකියාව ලැබෙන නිසාය.

    එහෙත් මෙහිදීත් රාජ්‍ය සේවකයන්ට මැසිවිල්ලක්‌ තිබේ. ඒ තවත් අවුරුදු විස්‌සකින් තිහකින් එළඹෙන විශ්‍රාම දිවියට වඩා මේ වැටුපෙන් අද දවස ගත කිරීමට සිදුවන විට ඇතිවන අසීරුතාවය ගැනය. ඔවුන් කියන්නේ zඅපි අද ජීවත් වෙලා ඉන්න ඕන' කියාය. අනෙක්‌ අතට මෙම ලියුම්කරු සමග අදහස්‌ දැක්‌වූ රාජ්‍ය සේවකයෙක්‌ කියා සිටියේ ' මේ වැඩෙන් අපි තවත් ණය උගුලක වැටෙනවා. දැන් ඉතිං අලුත් දහ දාහටත් ණය ගන්න පුළුවන්. එහෙම වුණාම මාසේ අන්තිමට කීයක්‌වත් නැති වෙනවා. අපි කියන්නේ මේ වාගේ පැලැස්‌තර් විසඳුම්වලට වඩා බැංකු ණය පොළිය අඩු කළා නම් අපිට මීට වඩා වාසියි. එහෙම වුණොත් අපේ පඩියට මීට වඩා වැඩි වටිනාකමක්‌ ලැබෙනවා' යනුවෙනි.

    රාජ්‍ය සේවකයන් කියන මේ කතාව ආණ්‌ඩුව පමණක්‌ නොව මූල්‍ය අංශවල ප්‍රතිපත්ති සම්පාදකයන් පවා දැඩි අවධානයට ගත යුත්තකි. මන්ද සියයට සියයක්‌ම රාජ්‍ය සේවකයන් දැඩි ණය උගුලක හසුවී හමාරය. එනිසා අලුත් අයවැය සමග ලැබුණා වූ වරප්‍රසාද නිසා රාජ්‍ය සේවකයන් හිඟන්නන් බවට පත්වීම වැළක්‌විය නොහැකි තත්ත්වයක්‌ බව පැහැදිලිය. මේ අලුත් වැටුප් වැඩිවීම ගැන රාජ්‍ය සේවකයන් කියන අලුත් කතාවය.

    කන්නේ රාජ්‍ය සේවකයා පමණද ?

    ඊළඟට පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 500 කින් පමණක්‌ වැඩි කරන ලෙස ජනපතිවරයා පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් කළ "කාරුණික ඉල්ලීම' ගැන පුද්ගලික අංශය සිටින්නේ දැඩි කෝපයෙනි. පසුගිය කාලය පුරා පුද්ගලික අංශයට ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක්‌ සිදුව නැත. ඒ බව මේ අය වැය කතාවෙන් ද මනාව තහවුරු වේ. එනම් රාජ්‍ය අංශයේ අවම වැටුප රුපියල් 15,000 වන විට පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 10,000 කි. වැටුප් විෂමතාව සියයට 50 කි. එනම් රුපියල් 5000.00 කි.

    ප්‍රශ්නය වන්නේ ජාතික ආර්ථීකයට ජවය දෙන පුද්ගලික අංශයේ සේවකයන් සැමදාම අඩු වැටුප්ලාභීන් වෙද්දී ජාතික ආර්ථීකයට කිසිම ඵලදායි දායකත්වයක්‌ ලබා නොදෙන රාජ්‍ය සේවකයන්ට අති විශාල වැටුප් වරප්‍රසාද හිමිවීම ය. පුද්ගලික අංශයේ සේවකයන් අධෛර්යමත් කරන්නක්‌ පමණක්‌ නොව ශ්‍රම සූරාකෑමක්‌ සඳහා පුද්ගලික අංශයේ හාම්පුතුන්ට ලයිසන් දීම හා තත්ත්වයකි. අනෙක්‌ අතට අයවැයෙන් අයවැය රාජ්‍ය සේවකයන්ට ලැබෙන අසීමිත වරප්‍රසාද නිසා උපාධිධාරීන් ඇතුළු උගත් පාර්ශ්ව පුද්ගලික අංශය වෙත ශ්‍රමදායකත්වය ලබාදීමට පසුබට වන තත්ත්වක්‌ පසුගිය කාලය පුqරාම දැකිය හැකිය. ඊට හොඳම උදාහරණය උපාධිධාරීන්ය. පසුගිය දස වසරක පමණ කාලයක්‌ පුරා ජාතික විශ්වවිද්‍යාලවලින් පිට වූ උපාධිධාරීන්ගෙන් සියයට 90 කට අධික පිරිසක්‌ රාජ්‍ය අංශයේ සේවය කරන අතර ඔවුන්ගෙන් ජාතික ආර්ථීකයට කිසිම සේවයක්‌ ඉටු නොවන බව එම උපාධිධාරීන්ගේ පමණක්‌ නොව ඔවුන්ට රැකියා ලබා දුන් රජයේ පවා පොදු පිළිගැනීමයි. එහෙත් සෑම විටම රාජ්‍ය වරප්‍රසාදිත තත්ත්වය මත ඔවුන් සුරක්‌ෂිත වන අතර අසීමාන්තිකව වරප්‍රසාද ද ලබමින් සිටිති.

    ඒ සඳහා දැක්‌විය හැකි පහසුම උදාහරණය රාජ්‍ය සේවකයන්ට නිවාස ණය ලබා ගැනීමේදී සියයට 4 ක්‌ වැනි අවම පොළියකට ණය ලබාදීමයි. එහිදී ගෙවීම් කාලය වශයෙන් ඇතැම් විට වසර 25- 30 වැනි කාලයක්‌ ද ලබා දෙනු ලැබේ. එහෙත් පෞද්ලික අංශයේ කිසිම සේවකයෙකුට එවැනි වරප්‍රසාදිත ණයක්‌ ගැන සිහිනෙන් පවා සිතිය නොහැකිය. ඔවුට තමා විසින් ඉතිරි කරන සේවක අර්ථ සාධක අරමුදලෙන් නිවාස ණය ලබා ගැනීමේදී සියයට 16 ක්‌ වැනි (1( 4 ) ඉහළ පොළියක්‌ ගෙවීමට සිදුවන අතර ගෙවීම් කාලය ද උපරිම අවුරුදු 15 කට සීමා වේ.

    මෙම සුවිශේෂ ණය සහන වලට අමතරව රාජ්‍ය අංශය සඳහා තවත් සහනදායී ණය යෝජනා ක්‍රම විශාල සංඛ්‍යාවක්‌ ක්‍රියාත්මක වන අතර පුද්ගලික අංශයේ සේවකයන් දිගින් දිගටම බැංකුවල අධික ණය පොළියට බිලිවෙමින් සිටිති.

    අනෙක්‌ අතට මෙවර ද පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීමක්‌ ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. ඔවුන් එහිදී අවධාරණය කරන්නේ විදුලි බිල වැඩිවීම යළි අඩු කිරීමේ සහනය ලබාදුන්නේ විදුලිය පාරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවට පමණක්‌ නිසා නිෂ්පාදන මිල ඉහළ යැම වැනි තත්ත්වයන්ට පුද්ගලික අංශයේ ව්‍යාපාර යළි යළිත් මුහුණ දෙමින් සිටින නිසා ඔවුන් සේවක වැටුප් වැඩි කිරීමක්‌ වෙත කිසිසේත් නොයනු ඇති බවයි.

    ඒක පුද්ගල ආදායමේ මිථ්‍යාව

    ආණ්‌ඩුව කියන ආකාරයට 2015 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ක්‌ වීමට නම් පුද්ගලික අංශයේ සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 43,000 ක අවමයකට යටත් විය යුතුය. එහෙත් සිදුව ඇත්තේ 2015 වසරේදී රජයේ අනුමතය පරිදි පුද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 10,000 ක්‌ වීමය. සංඛ්‍යාත්මක පරතරය රුපියල් 33,000 කට අධිකය.

    වී සඳහා සහතික මිල

    වී ගොවීන්ගේ ඉහේ මලක්‌ පුබුදුවමින් රජය 2015 අයවැය ලේඛනය මගින් වී සඳහා සහතික මිල රුපියල් 32 සිට 40 දක්‌වා රුපියල් 8 කින් ඉහළ දැම්මේය. ඒ සමගම පොහොර සහනාධාරය අඛණ්‌ඩව ලබා දෙන බව ද බීජ වී නොමිලේ ලබා දෙන බවට ද සහතිකයක්‌ ලබා දුන්නේය. මෙය මෙරට 40 ලක්‌ෂයක්‌ පමණ වන බව කියන වී ගොවීන්ගේ අමන්දානන්දයට හේතු වන බව පැහැදිලිය.

    එහෙත් ප්‍රශ්නය වන්නේ වී කිලෝවක සහතික මිල රුපියල් 8 කින් ඉහළ යන විට වී කිලෝවක වෙළෙඳ පොළ මිල කොතැනක නවතීද යන්නය. මේ මොහොත වන විට ද ද දේශීය නඩු සහල් කිලෝවක අවම මිල රුපියල් 84 කි. ලක්‌ සතොස ඇතුළු තැන් කිහිපයක ඉන්දියානු සහල් රුපියල් හැට ගණන් වලට අලෙවි කළත් දේශීය සහල් මිල අහස උසය. එය පහත බසින බවත් මේ කපේදී නම් විශ්වාස කළ නොහැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ දේශීය වී ගොවියාට පොහොර, ජලය, ඉඩම් ඇතුළු සියල්ල නොමිලේ දී කෘෂි රක්‌ෂණයක්‌ ද ලබා දුන්නත් ( කෘෂි උපදේශනය ගැනත් සඳහන් කළහොත් ) ඔහුට සහන මිලකට පාරිභෝගිකයාට සහල් ටික ලබාදීමට නොහැකි වීමය. මෙය සාමාන්‍ය ආර්ථීක විද්‍යා සිද්ධාන්තවලට පමණක්‌ නොව ආචාරධර්මවලට පවා පටහැනි තත්ත්වයකි. මන්ද අද වී ගොවියා නොවන පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාගත හැක්‌කේ zපෙන්නි සම්බා Z ඇතුළු ආනයනික සහල් වර්ග කිහිපයක්‌ පමණක්‌ නිසාය. ඒ අනුව zබතZ සඳහා වන රුපියල පවා යළි පිටරට ඇදී යන නින්දා සහගත තත්ත්වයක්‌ රට තුළ උද්ගතව තිබියදී දේශීය වී ගොවියා සාධාරණ හා දැරිය හැකි මිලකට දේශීය වෙළෙඳ පොළට සහල් ටික සැපයීමට පවා නොහැකි තත්ත්වයක පසුවෙති.

    වී සඳහා සහතික මිලක්‌ පමණක්‌ නොව වී වගාව සුරක්‌ෂිත කිරීමට සුවිශේෂ පියවර ගත යුතු බවට ද තර්කයක්‌ නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ හරහා ඵලදායි නිෂ්පාදනයක්‌ හෝ සහනයක්‌ රටට නොලැබෙන තත්ත්වයක්‌ තුළ උද්ගත වන තත්ත්වයයි.

    රුපියල් 2200 කින් තම වැටුප ඉහළ යැම ගැන රජයේ සේවකයා හෝ රුපියල් 500 කින් තම වැටුප ඉහළ යැම ගැන පුද්ගලික අංශයේ සේවකයා තුළ පවතින අවම සතුට හෝ මේ සහල් මිල ඉහළ යාම සමග නැත්තට නැති වනු සහතිකය. මන්ද නව සහතික මිල අනුව සහල් කිලෝවක මිල රුපියල් 12 කින් ( සහල් කිලෝ එකක්‌ නිපදවීමට වී කිලෝ 1.5 ක්‌ අවශ්‍ය බව උපකල්පනය කළහොත්) පමණ ඉහළ යැම අනිවාර්ය තත්ත්වයක්‌ තුළ සහල් සඳහා අතිරේකව රුපියල 600 ක්‌ වැනි මිලක්‌ මාසිකව දැරීමට වැටුප් වැඩි වූ හෝ නොවූ සියලුම පාරිභෝගිකයින්ට අනිවාර්යය හෙයිනි.

    මහපොළ ඉහළ දැම්මාට පින්

    මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 4000 දක්‌වා ඉහළ දැමීම කිසිදු භේදයකින් තොරව ජනතාවගේ ප්‍රසාදය හේතු වන තීරණයක්‌ බව නිසැකය. මන්ද මහපොළ ශිෂ්‍යාධාරය ප්‍රමාණවත් ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස සරසවි සිසුන් දීර්ඝ කාලයක්‌ පුරා කළ ඉල්ලීම ඉටු වූයේ මෙවර නිසාය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ අගය පවා ශිෂ්‍යයින් විෂයෙහි යුක්‌තිය ඉටු කිරීමට ප්‍රමාණවත් යන්නයි. මන්ද බස්‌ ගාස්‌තුවේ සිට ඩෙනිම දක්‌වා සිසුන්ට අත්‍යවශ්‍ය සියලු දේ පසුගිය කාලය තුළ සියයට පන්සියකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස්‌ ඇති නිසාය.

    මෙවර අයවැය ලේඛනය මගින් 5 වසර ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට 1500 දක්‌වා ඉහළ දැමීමට පමණක්‌ නොව මෙපමණ කාලයක්‌ ශිෂ්‍යාධාරවලින් පිටමන් කර සිටි රජයේ සේවකයන්ගේ දරුවන්ට ද ශිෂ්‍යාධාර හිමිකම ලබාදීම අතිශයින්ම අගය කළ යුත්තක්‌ වනවා ඇත. මන්ද මෙම ලියුම්කරුද සරසවියේදී ද අත්දැක ඇති ආකාරයට කෝටි ගණන් උපයන ව්‍යාපාරිකයාගේ දරුවා පවා ශිෂ්‍යත්ව මුදල් ගනිත්දී රුපියල් දහ දොළොස්‌ දහසක්‌ පමණ මාසික ආදායමක්‌ ලබන රජයේ සේවකයන්ගේ දරුවන්ට එකී වරප්‍රසාදය අහිමිව තිබුණේය. දීර්ඝ කාලයකට පෙර නිවැරදි කළ යුතුව තිබූ මෙම වරද මෙවර හෝ නිවැරදි කිරීම ධනාත්මක ලකුණකි.

    අනෙක්‌ අතට නිදහස්‌ වෙළෙඳ කලාප ඇතුළු පුද්ගලික අංශයේ ඇතැම් තනතුරු සඳහා දැවැන්ත ශ්‍රම ඉල්ලුමක්‌ පවතිද්දී, දීර්ඝ කාලයක්‌ පුරා ඒවා පුරවා ගැනීමට නොහැකිව පුද්ගලික අංශය අධෛර්යමත්ව සිටියදී උගත් තරුණ ශ්‍රමයෙන් තවත් 50,000 ක්‌ පුද්ගලික අංශයෙන් ඉවත් කිරීම ඉදිරියේදී දැඩි අර්බුදයක්‌ නිර්මාණය කරනු ඇත.

    යළි කම්කරු සටන්

    ඇඟළුම් සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක්‌ ලබාදීමට පියවර ගන්නා බව මෙවර අයවැය ලේඛනයේ යළි සඳහන් කර ඇත. මෙය යළිත් පුද්ගලික අංශය තුළ නොසන්සුන්තාවක්‌ ඇති කරනු ඇති බව සහතිකය. මන්ද මීට වසර කිහිපයකට පෙර පුද්ගලික අංශය සඳහා විශ්‍රාම වැටුපක්‌ ගෙන ඒමට රජය ගත් උත්සාහය පරාජය කිරීමට සටන් කළ ප්‍රබලම බලවේගය බවට පත්වූයේ ඇඟළුම් සේවිකාවන් හා සේවකයන්ය. එවැනි තත්ත්වයක්‌ යටතේ යළිත් පරණ විශ්‍රාම වැටුප් ක්‍රමයට යැමට ඔවුන් කිසිසේත්ම ඉඩ නොදෙනු ඇතැයි සිතිය නොහැකිය.

    සමස්‌තයක්‌ වශයෙන් සලකන විට මෙම අයවැය ඉදිරි ජනපතිවරණය ඉලක්‌ක කරමින් ඉදිරිපත් කළ 'සහන අයවැයක්‌ ' වශයෙන් සැලකිය නොහැක. එවැනි නත්තල් තෑගි ස්‌වරූපයක්‌ මෙහි දැකිය නොහැකිය. මෙය දැකිය හැක්‌කේ 'පරණ වයින් ම අලුත් බෝතලයක' දමා දෙන සාම්ප්‍රදායික වට්‌ටෝරු අය වැයක්‌ වශයෙන් පමණකි. වෙනසකට ඇත්තේ 'සංවර්ධනය' වැනි සාම්ප්‍රදායික යෙදුම් වෙනුවට 'සහන' යන පරණ කෝට්‌ බෑයම යළි අයවැයට ඇන්දවීම පමණකි. එය රජයේ සේවකයන් කියන ආකාරයට zකොළේ වසා ගැසීමක' සිට 'යන්නේ කොහෙද මල්ලේ පොල් ' වැනි යෙදුම් දක්‌වා දිගුවිය හැකිය. එහෙයින් අවධාරණය කළ හැක්‌කේ විපක්‌ෂයේ තර්ක පමණක්‌ නොව අති බහුතරයක්‌ ජනතාවගේ සිsහින පවා මෙම අයවැය ලේඛනය තුළ ඉටු නොවූ බවයි.




    තුෂාල් විතානගේ (දිවයින 2014/10/28/)






    10672439_746067542095966_3977122267423806634_n.jpg


    10556368_746069122095808_8983353882891551137_n.jpg


    10676235_746632538706133_2474802997765980546_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Industry owners lata karadara karanna epa. Ehema karadara kaloth, ohun industries vahala davi. Athakota sevakainata labena vatupa vath nathi vee ya haka. Industry owners la thama thamange industry eke sevakainata salary eka gevana gaman , indirectly income tax gevamin government workers lata padi gevanneth. Eka nisa Indusry owners lata respect karanna. Ohunva arakksha karanna.
     
    Last edited:

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අයවැය බොරුව කියලා කෙස් පැලෙන තර්ක කියන unp jvp ගොන්නාම්බල මොනවද කරේ කියලා පොඩ්ඩක් බලන්න මේ වගේ අයවැයක් කිසිම රජයකින් ඉදිරිපත් කරල නැහැ තරුණ පරපුර වෙනුවෙන් ගොඩක් දේවල් මේ අයවැයෙන් ලබා දීල තියෙනවා සුළු කර්මාන්ත කරන අයට අනිත් අයටත් වාහනයක් ගන්න පුළුවන් දැන් බදු සහන හම්බුනා එතකොට රජයේ සේවකයන්ට අද වැටුප් වැඩිවෙලා pvt අයටත් පඩි වැඩි වෙලා
    ඉදිරියට යන ලංකාවක් වෙනුවෙන් ඉදිරිපත් වූ අති සාර්ථකම අයවැය තවත් ඉස්සරහට අපිට සහන ලැබේවි සුභ අනාගතයක්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    godak aya katha karanne waya gana withatai. aya ganath analyse kara nam thawa honda honda ewa eliyata ei :)

    sahana wadipura denawa kiannema danata thiyana sahana adui kiana eka ne. wena

    wena anduwak awoth hadana palaweni aya waye lokuma kotasa wen wenna me anduwen gasa kapu ewa aya hatiya ganna widiha gana :)
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අයවැය බොරුව කියලා කෙස් පැලෙන තර්ක කියන unp jvp ගොන්නාම්බල මොනවද කරේ කියලා පොඩ්ඩක් බලන්න මේ වගේ අයවැයක් කිසිම රජයකින් ඉදිරිපත් කරල නැහැ තරුණ පරපුර වෙනුවෙන් ගොඩක් දේවල් මේ අයවැයෙන් ලබා දීල තියෙනවා සුළු කර්මාන්ත කරන අයට අනිත් අයටත් වාහනයක් ගන්න පුළුවන් දැන් බදු සහන හම්බුනා එතකොට රජයේ සේවකයන්ට අද වැටුප් වැඩිවෙලා pvt අයටත් පඩි වැඩි වෙලා
    ඉදිරියට යන ලංකාවක් වෙනුවෙන් ඉදිරිපත් වූ අති සාර්ථකම අයවැය තවත් ඉස්සරහට අපිට සහන ලැබේවි සුභ අනාගතයක්

    Sonna balakaya. Namalge pukawal tika :P
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    විපක්ස එවුන් අද කරන්නේ පත්තර දෙසපාලනයක්
    අර රන්ජන් ගංජානායක කියන්නේ තනිකරම මඩ පත්තරයක්