අයවැයෙන්
වාහන මිල එහෙ මෙහෙ වෙයි ඇල්ටෝ - මරුටි ලක්ෂ 2 කින් නගී
විදුලි කාර් ලක්ෂ 3 කින් පහළට - ලීසින්වලත් වෙනස්කම්
අකිත පෙරේරා
මෙවර අයවැය මගින් හඳුන්වා දුන් බදු සංශෝධන අනුව වාහන වර්ග කිහිපයකම මිල ගණන් වෙනස් වෙනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.
එන්ජින් ධාරිතාව දහස දක්වා වන පෙට්රල් වර්ගයේ මෝටර් රථ සඳහා බද්ද වැඩි කොට ඇති බැවින් මරුටි සහ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉලෙක්ට්රොaනික් මෝටර් රථ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් නිසාන් ලීµa වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ තුනත් හතරත් අතර ප්රමාණයකින් අඩු වෙනු ඇත.
එහෙත් ත්රිරෝද රථ සඳහා අයවැය මගින් පනවා ඇති බදු හේතුවෙන් ත්රිරෝද රථයක් රුපියල් පනස්දහසකින් පමණ ඉහළ යනු ඇතැයිද හෙතෙම කීය.
මෙවර අයවැයෙන් හයිබ්රිඩ් වාහන මිල ගණන් වෙනසක් කර නැති අතර කුඩා ප්රමාණයේ වෑන් රථ මිල පහත වැටෙනු ඇති බවද ඔහු ප්රකාශ කළේය. ඩීසල් වර්ගයේ වෑන් රථවල තීරු බදු අඩු කර ඇත.
ඊට අමතරව කෲ කැබ් වර්ගයේ වාහනවල මිල ගණන්ද අඩුවනු ඇත.
එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන මිල ඉහළ යැමට සාපේක්ෂව ධාරිතාව 1800 සිට 2000 දක්වා වාහන මිලද ඉහළ යන අතර ඒ අනුව එවැනි වාහනයක මිල රුපියල් ලක්ෂ නවයකින් පමණ ඉහළ යැමට නියමිතය.
කෙසේ වෙතත් එන්ජින් ධාරිතාව 2000 ට වැඩි වාහනවල මිල ගණන් වැඩි නොවන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර වාහන මිලදි ගැනීමට ලබා දෙනු ලබන ලීසිං පහසුකම් සැලකිය යුතු මට්ටමකින් වෙනස් වී ඇතැයිද ඒ මහතා කීය.
ඒ අනුව කාර්, වෑන් සහ ජීප් රථ සඳහා ලීසිං ලබාගත හැක්කේ 50% ක් පමණි. ලොරි සහ බස් රථ සඳහා එය 90% ක් වන අතර ත්රිරෝද සඳහා එම පහසුකම 25% දක්වා අඩු කර තිබේ