අරක්කු බිව්වම මැරෙනවාද .......?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    අරක්කු බිව්වම මැරෙනවාද .......?

    [FONT=&quot]විස්කි, බ‍්‍රැන්ඩි, ජින්, බියර්, අරක්කු හෝ කසිප්පු වේවා මේ සියල්ල මධ්‍යසාර ඝනයේ ලා සැලකේ. එතිල් ඇල්කොහොල් හෝ එතනෝල් සේ රසායන විද්‍යානුකූලව හඳුනාගන්නා කාබන් හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් පරමාණු එකතුව නිර්මාණය වී ඇති මේ සංයෝගය වාෂ්පශීල, අවර්ණ, ගිනි ගන්නා සුළු එයටම ආවේණික ඝන්ධයකින් යුත් ද්‍රවයකි.[/FONT]
    [FONT=&quot]සීනි පැසවීමෙන් එතනෝල් (මධ්‍යසාර) පෙරා ගැනීම පුරාතණයේ සිට මිනිසා අත්හදා බලා ඇති කාබනික රසායනික ප‍්‍රති කි‍්‍රයාවකි. චීනයේ වසර 9000 ක් පැරණි වළඳක් තුළ වියලී ගිය මධ්‍යසාර ඉතිරියක් සොයා ගැනීමෙන් ප‍්‍රකට වන්නේ නියෝලිතික යුගයේ පවා මධ්‍යපානය ජයට කෙරී ඇති බව නොවේද?[/FONT]
    [FONT=&quot]අරක්කු[/FONT]
    [FONT=&quot]දකුණු දිග හෝ අග්නි දිග ආසියාවේ ප‍්‍රචලිතම මධ්‍යසාර වර්ගය ලෙස අරක්කු සැලකේ. පොල්මල්, උක්, සහල් හෝ වෙනත් පළතුරු වර්ගයක් භාවිතා කොට අරක්කු නිෂ්පාදනය කෙරේ. කලක් සියදිවි නසා ගැනීමෙන්ද කලක් මත්පැන් පානයෙන්ද ලෝකයේ අංක එක දිනා සිටි ශ‍්‍රී ලංකාවට වර්තමානයේ එම ස්ථානය අහිමි වුවද ලෝකයේ නොම්බර එකේ පොල් අරක්කු නිෂ්පාදකයාගේ තත්ත්වය නම් තවමත් අහිමිව නැත.[/FONT]
    [FONT=&quot]ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදකයන් 4 දෙනා පමණක් 2007 වසරේදී නිපදවා ඇති අරක්කු ප‍්‍රමාණය ලීටර මිලියන 45 කට ආසන්න වේ. මෙරට නිෂ්පාදනය වන වෙනත් මත්පැන් වර්ග ද (බියර් , බ‍්‍රැන්ඩි සහ කසිප්පු) ආනයනය කරන ලද මත්පැන් වර්ගද එක්ව ගත් කළ ශ‍්‍රී ලාංකික අප වසරකට පානය කරනු ලබන මත්පැන් ලීටර ප‍්‍රමාණය කෙතරම් විශාල වේදැයි සිතා ගැනීමටද අපහසුය.[/FONT]

    [FONT=&quot]මත්පැන් ගත් විට ශරීරයේදී සිදුවන්නේ කුමක්ද?[/FONT]
    [FONT=&quot]මනුෂ්‍යාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන්නාවූ නොයෙක් පැසවීම් ක‍්‍රියාවලි තුළින් හා බැක්ටීරියාවල ක‍්‍රියාකාරිත්වය නිසා දිනකට ඇල්කොහොල් ග‍්‍රෑම් 3 කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවේ. මෙම ප‍්‍රමාණය බිඳ හෙලීම ජීවිතය පවත්වා ගැනීමෙහි ලා අත්‍යවශ්‍යය. නොඑසේ නම් එය විෂ ද්‍රව්‍යයක් බවට පත් වේ. එබැවින් එතනෝල් බිඳ හෙලීම අපගේ අත්‍යවශ්‍ය කාර්යාවලියකි. බිඳ හෙලීමේ අවසන් ප‍්‍රතිඵලය ජල අණුවක් හා කාබන් ඩයොක්සයිඞ් අණු දෙකකි. එතනෝල් (මධ්‍යසාර) එන්සයිමය මගින් ඇසිටැල්ඩ්හයිඩ් නම් වූ පිළිකා කාරක උග‍්‍ර විෂ රසායනිකයක් තනයි. එහෙත් මෙම ද‍්‍රව්‍ය ඉතා ඉක්මණින් අඩු විෂ ද්‍රව්‍යයක් වන ඇසිටේට් බවට බිඳ හෙලේ. මෙම ක‍්‍රියාවලියද එන්සයිමයකින් යාමනය කෙරේ. ඇසිටේට් ඉහතද සඳහන් කළ පරිදි ජලය හා කාබන් ඩයොක්සයිඩ් බවට හැරේ.[/FONT]

    [FONT=&quot]ජලය හා කාබන්ඩයොක්සයිඞ් බවට හැරෙනවානම් අරක්කු බීමෙන් හානි වන්නේ කොහොමද?[/FONT]
    [FONT=&quot]සිරුර තුළ මධ්‍යසාර බිඳ හෙලීමේ ක‍්‍රියාවලිය හා මධ්‍යසාර බිඳහෙලීමේ අතුරුඵල සිරුරෙන් බැහැර කිරීමේ ක‍්‍රියාවලිය යන ක‍්‍රියාවලීන් දෙක සෑම පුද්ගලයකුගේම සමානව සිදු නොවේ. එනම් සමහරුන් තුළ මෙම ක්‍රියාවලින් ඉතා නිවැරදිව සිදුවන අතර සමහරුන් තුළ එසේ නොවේ. එවිට සිදුවන්නේ ඉහත ක‍්‍රියාවලීන් වල අතුරුඵල වන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළ එකතු වීමයි.[/FONT]
    [FONT=&quot]මධ්‍යසාර බිඳ හෙලීමේ ක‍්‍රියාවලිය ජාන මගින් පාලනය කෙරෙන්නක්. ඔබගේ මෙම ජානය නිසි පරිදි ක‍්‍රියා නොකරයි නම් ඔබ තුළ විෂ ද්‍රව්‍ය එකතු වීමේ හැකියාව වැඩියි.[/FONT]
    [FONT=&quot]මේ හේතුව නිසා එක සමානවම මධ්‍යසාර ගන්නා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් රෝගී වන ගමන් අනෙකා එසේ නොවන්නටත් ඉඩ තිබේ.[/FONT]
    [FONT=&quot]එන්සයිම ප‍්‍රමාණය ඒවායේ ක‍්‍රියාත්මක වේගය අක්මාවේ ප‍්‍රමාණය හා සිරුරේ ප‍්‍රමාණය වැනි කරුණු මත මධ්‍යසාර ඉක්මණින් බිඳ හෙලීම විෂ රසායනික නිපදවීම අඩුවීම හෝ වැඩිවීම පමණක් නොව පුද්ගලයකුට මත්පැන් කොපමණ පාවිච්චි කළ හැකිද මත්පැන් ගත් වහාම ප්‍රතික්‍රියාවක් ඇති වේද යන කරුණු ද රඳා පවතී.[/FONT]
    [FONT=&quot]ඒ අනුව මධ්‍යසාර ගන්නා අයගෙන් සමහර දෙනෙක් ඉක්මණටම මත් වන්නටත් සමහර දෙනෙක්ට කුඩා ප‍්‍රමාණයක් ගත් වහාම වමනය දමන්නටත් සමහර දෙනෙක්ගේ අක්මාව ඉක්මණින් විනාශ වන්නටත් සමහර දෙනෙක් මේ කිසිදු කරදරයකින් තොරව වැඩි ප‍්‍රමාණයක් මත්පැන් ගෙන රෝගී නොවී සිටින්නටත් හේතුව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන ජානමය පදනමක් බව ඔබට දැන් පැහැදිලියි.[/FONT]
    [FONT=&quot]එහෙත් මත්පන් ගන්නා කවරෙකු වුවත් කුමන හෝ මොහොතක රෝගී කරන්නටත් මරා දමන්නටත් එය පසුබට වන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]මධ්‍යසාර පානයෙන් වැළෙඳන රෝග මොනවාද?[/FONT]
    [FONT=&quot]මත්පැන් සිරුරේ සියලූ අවයවවලට හානි ගෙන දීමට සමත් එහෙත් එය ප‍්‍රධාන වශයෙන් මොළය අක්මාව හා අග්න්‍යාශය විනාශ කරයි.[/FONT]
    [FONT=&quot]හෘදය හා රුධිරය ආශ‍්‍රිත රෝග [/FONT]
    [FONT=&quot]මද පමණින් මත්පැන් ගැනීම හෘදයාබාධ වළක්වා ගැනීමේ මගක් යැයි වෛද්‍ය මතයක් වන බව සත්‍යයක් වන නමුත් එය ප‍්‍රචලිත කිරීමේ උත්සාහයක් ගැනීම අනතුරුදායක මෙන්ම වැරදි සහගත ක‍්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.[/FONT]
    [FONT=&quot]මත්පැන් ගැනීම හෘද අකරණීය අධික රුධිර පීඩනය ට‍්‍රයිග්ලිසරයිඩ නම් වන මේද ප‍්‍රමාණය වැඩි වීම කාඩියෝමයෝපති හෘදයේ මාංශ පේශීවල ක‍්‍රියාකාරිත්වය අඩු කරවන රෝගයකි . රුධිරයේ හිමොග්ලොබින් ඌණතාවය සහ රුධිර පට්ටිකා අඩු වීම වැනි රෝග කෙරෙහි කෙලින්ම බලපායි.[/FONT]

    [FONT=&quot]මොළය ස්නායු පද්ධතිය ආශ‍්‍රිත රෝග [/FONT]
    [FONT=&quot]ආඝාත (අංශභාග) තත්ත්වය ඇති කිරීමෙහි ලා මත්පැන් සෘජු බලපෑමක් කරනු ලබන බව සොයාගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]මත්පැන් පානය මොළය විනාශ කිරීමේ ක‍්‍රියාවලියට මහත් සේ දායක වේ. මත්පැන් නිසා ඇතිවන පෝෂණ ඌණතාවයන්ද විද්‍යුත් අයනවල අසමතුලිතතාවයන්ද අක්මාව විනාශ වීමෙන් ඇතිවන විෂ රසායනික ද්‍රව්‍යයන්ගේ බලපෑමද මීට දායක වනු ඇත. දිගු කලක් තිස්සේ මත්පැන් විශාල ප‍්‍රමාණයක් ගැනීම මොළයේ වර්ධනය හීන කරවයි. තොරතුරු නැවත මතකයට ගැනීමේ දුර්වලතා සේම යෞවනයේදී මත්පැන් පානය කිරීමෙන් මොළයේ නව සෛල ජනනය වීමද ඇණ හිටී.[/FONT]
    [FONT=&quot]මත්පැන් මොළයේ වර්ධනය අඩපණ කර එය හකුළුවාලයි. මතකය අහිමිවන රෝග සහ මානසික රෝග ඇති කිරීමට එය සමත්ය. මතක තබා ගැනීමේ ශක්තිය දුර්වල කරන බැවින් මත්පැන් ගන්නෙකු ඉබේම බොරුකාරයකු බවට පත් වේ. චරිතය පිරිහීමට හා විශ්වාසය පලූදු කිරීමට එය හේතුවනු ඇත.[/FONT]
    [FONT=&quot]මතකය අහිමි කරවන රෝගයක් සෑදීමේ ප‍්‍රවණතාවය මත්පැන් නිසා අධික වේ. විශේෂයෙන් නැගෙනහිර ආසියානුවන්ගේ ජානමය විකෘතාවයක් කරණකොට ගෙන ඇතිවන එන්සයිමයේ ඌණතාවයක් නිසා මත්පැන් බිඳ හෙලීමේ අතුරු ඵලයක් වන ඇසිටැල්ඩ්හයිඩ්නම් නම් විෂ රසායනිකය අසිටික් අම්ලය බවට පත් නොවී ශරීරයේ එකතු වේ. මෙය ඇල්ෂයිමර් රෝගයට හේතුවකි. තයමින් නම් විටමිනය හිඟවීමද මත්පැන් පානයේ අතුරු ඵලයකි. මෙය හේතුවෙන් මතකය අහිමි වන හට ගැනේ. හදිසියේ ඇති වන අස්වාභාවික හැසිරීමෙන් යුත් තත්ත්වයද ඇති වීමට හේතු වනුයේද තයමින් හිඟකමයි. අතපය වෙව්ලීමද නින්දට බාධා ඇති වීමද මාංශපේශී ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමද අනෙකුත් ආබාධ අතර වේ.[/FONT]
    [FONT=&quot]ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත රෝග[/FONT]
    [FONT=&quot]මත්පැන් නිසා ආමාශයේ තුවාල අක්මා ප‍්‍රදාහය අග්න්‍යාශය ඉදිමීම සහ සිරෝසිස් ඇති විය හැක. මත්පැන් ආශ‍්‍රිත අක්මා රෝග මුළු ලොවටම බලපාන සෞඛ්‍ය ගැටළුවකි. අක්මාවේ ඇති වන පිළිකාවලින් 32 සිට 45 අතර ප‍්‍රතිශතයකට හේතුව මත්පැන්ය. ඇමරිකාවේ දශ ලක්ෂ භාගයක් ජනතාව මත්පැන් නිසා අක්මාවේ පිළිකා සාදා ගනී.[/FONT]
    [FONT=&quot]කුඩා ප‍්‍රමාණයක් ගැනීමෙන්ද අක්මාව විනාශ කිරීමට මත්පැන් සමත් වේ.[/FONT]
    [FONT=&quot]මත්පැන් අග්න්‍යාශයට ඉමහත් හානි පමුණුවයි. අග්න්‍යාශ ප‍්‍රදාහය උදරයේ ඉතා දරුණු වේදනාවක් ඇති කිරීමට හේතු වේ. අවසානයේ අග්න්‍යාශය විනාශ වීම නිසා ආහාර දිරවීමේ ගැටළුද දියවැඩියාවද ඇති වන අතර අග්න්‍යාශයේ ඇති වන පිළිකාවටද පාර කපයි.[/FONT]
    [FONT=&quot]මේ හැර ලිංගික බෙලහීනතාවයද හෝමෝන අසමතුලිතතාවයන්ද පුරුෂයන්ගේ කාන්තා හෝමෝන ඉහළ දමයි මේ නිසා පියයුරු විශාල වන අතර වෘෂණ කෝෂ අක‍්‍රිය වේ. සමහර ආත‍්‍රයිටිස් වර්ගවල වර්ධනයක්ද ඇති කිරීම මධ්‍යසාර හේතු වේ.[/FONT]
    [FONT=&quot]ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් යනු නොම්බර එකේ පිළිකා කාරකයක් බව නම් කර තිබේ. පුරුෂයන්ගේ පිළිකාවලින් දහයට එකක්ද කාන්තාවන්ගේ පිළිකාවලින් 33 ට එකක්ද ඇති වීමට හේතුව මත්පැන්ය.[/FONT]
    [FONT=&quot]එබැවින් ඉතා දුක්ඛිත (කාලකන්නි) ලෙස මිය යාමට අවශ්‍ය නම් මත්පැන් ඔබේ මිතුරකු කරගන්න. මත්පැන් දුරස් කිරිම ඔබේ ජීවිත කාලය වසර ගණනාවකින් දිගු කිරීමට සමත්ය.
    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල[/FONT]
    [/FONT]
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Longevity and alcohol

    Some 15/20 years ago there was a radio interview with the last living WW1 veteran in Australia.
    During that interview the radio presenter ask the veteran ''What is the secret to your longevity????
    The reply was (in a shivering voice) Ppppplllentty oofff sskkoch (PLENTY OF SCOTCH)
    Then the presenter asks " Didn't your doctor told you, that alcohol is no good for you???

    YES, HE DID. BUT HE PASSED AWAY LONG LONG AGO.
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    Some 15/20 years ago there was a radio interview with the last living WW1 veteran in Australia.
    During that interview the radio presenter ask the veteran ''What is the secret to your longevity????
    The reply was (in a shivering voice) Ppppplllentty oofff sskkoch (PLENTY OF SCOTCH)
    Then the presenter asks " Didn't your doctor told you, that alcohol is no good for you???

    YES, HE DID. BUT HE PASSED AWAY LONG LONG AGO.

    :lol:
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    tika tika bn merenne, :yes:
    (පමනක්)බොන මිනිස්සුන්ගේ ජිවීත අාපායක් බං, මං කළුතර ඉන්න කාලේ බෝඩිමේ ඉන්න මිනිහෙක් රා බිලා රූට හෙන සද්දෙන් හූ කියනෝ බං, විකාරෙන් කියවනෝ, මම ඉතින් හෑනඩ් ෆී ඒක ගහන් තමයි නිදා ගත්තේ, මම ඉදපු කාමරේම තමයි උෟ හිටියේ, උගේ සරමත් නෑ බං:rolleyes:, ඒදා තමයි හිතුනේ බං අපාය කියන ඒක තියෙන්නෙත් මිහිපිට නේද මයි කියල:yes:
    මගේ වයසේ ඒකෙක් ඒ වගේ කටුකත්වයක් අත්විදලා නැතුව අැති බං:eek: