මේ අරක්කු නම් නෙවෙයි......
නමුත් අවසානයේ කියල තියනව සුක්රෝස් එතනෝල් කරන ක්‍රමය කියල.......අන්න ඒකයි හරි......
මේ වගේ සරල ව හදන්න පුළුවන් මද්‍යසාර තියනවා.....
මේවා නොපෙරන ලද (non distilled) මද්‍යසාර වර්ග. වයින්, බීර,රා,සයිඩර්, ගෝඩ ඕව අයිති වෙන්නේ මේ නොපෙරන ලද මද්‍යසාර ගනයට.
පෙරන ලද මද්‍යසාර වෙනයි. නොපෙරන ලද මද්‍යසාරවල එතනෝල් , භාගික ආසවනය මගින් වෙන් කර ගෙන නිපදවන මද්‍යසාර තමා අරක්කු,බ්‍රැන්ඩි,විස්කි,ජින්,කොන්යැක්,වොද්කා,අමසකේ,බැකාඩේ වගේ ඒවා. මේ පෙරන, භාගික ආසවන ක්‍රියාවලියේ දීයි ඔය කියන විෂ රසායන එකතුවෙන්නේ......ඒ විෂ රසායන ඉවත් කරන්නයි පෙරූ ආස්‍රැත මද්‍යසාරය පරණ කරන්නේ හල්මිල්ල හෝ තේක්ක ලේගර වල දාල. මේ ලී වලට අර විෂ ද්‍රව්‍ය වන ඇල්ඩිහයිඩ, කීටෝන සහ වෙනත් එස්ටර් සහ ඊතර වර්ග උරා ගන්නවා.
සරල ලාබ සීනි මූලයන් යොදා ගන්නවා දේශීය ව කසිප්පු නිෂ්පාදනයට. බොහෝ විට සීනි සහ රටඉදි. මේ මද්‍යසාරයේ අඩුපාඩුව තමා ආස්‍රැත ඵලය පරණ නොකිරීම. එහි විෂ රසායන අඩංගු වනවා.