අරගලයට ජයවේවා කියපියව් පොන්නයිනේ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    දුක් විදින අන්තිම ඉලාස්ටික් පැය 😂🤣🤣🤣


    මන්ත්‍රීන්ට වාහන පර්මිට් අත්‍යවශ්‍යයි සමහරු පුදුම දුකක් විඳින්නේ - කතානායක
    5/28/2024 03:00:00 PM


    mahinda-yapa-speaks

    වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කතා කර කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බව පැවැසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බව ද ප්‍රකාශ කළේය.මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාර දෙන බව ද ඔහු සඳහන් කළේය.




    තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් බාර දෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළ වී ඇත. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් මෙයට පෙර හිමිවිය.

    එම බලපත්‍රය නිකුත් කිරීම රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් නතර කෙරිණ. මන්ත්‍රීවරුන්ට අවසන් වරට වාහන බලපත්‍රය දුන්නේ 2015 වර්ෂයේදීය.


    ඉදිරි මැතිවරණ වලට පෙර තීරු බදු රහිත වාහන බලපත්‍රය නොදුනහොත් තමන් මැතිවරණවලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරුන් ගණනාවක්ම රජයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේ තීරණයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා විරුද්ධත්වය පළ කළේය.රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වාහන ලබා ගැනීම සුදුසු නොවන බව එම රැස්වීමේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙන්වා දී තිබිණ.

    සුජිත් හේවාජුලිගේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,264
    47,112
    113
    yapa-1.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,163
    1
    61,502
    113
    Mother Earth
    මේවට ඕන අරගල කරන්න. අරගල කරපු උන් දැන් පුකේ ඇඟිල්ල ගහන් ඉන්නෙ. 🙂
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ජෙප්පෝ කියන විදියට අරගල කරලා තියෙන්නේ පොහොට්ටුවේ අය 🤣🤣
    නාමල් කිව්ව නේද අරගලේ පටන් ගත්තේ පොර කියලා. ඒ වීඩියෝ එක හොයාගන්න නෑනෙ. කියනවනම් දීපන්කෝ @2osama
     
    • Like
    Reactions: waca