අරගලයෙන් පසුව රටේ තිබූ ප්‍රමුඛතාවය නම් අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීමයි. ඉන් අනතුරුව දේශපාලන ක්‍රම වෙනසක් උදා කර ගැනීමට ඡන්දයක් ඔස්සේ කටයුතු කිරීම අපගේ බලාපොරොත්තුව වූයේ ය.
අරගලයෙන් ගෝඨාභය ඉවත් කිරීමෙන් අනතුව තාවකාලික පරිවාස ආණ්ඩුවක් තනා ගැනීමටත්, රටේ පවතින ව්‍යවස්ථාව අනුව යමින් මීළඟ වැඩ බලන ජනාධිපතිවරයා පත්කර ගැනීමටත් අරගලය තුල වූ මිනිසුන්ගේ අදහස වූයේ ය. එම තත්ත්වය සනාථ කර ගැනීම පිණිස අරගලය විසින් ගෝල්ෆේස් සම්මුතියක් අත්සන් කිරීම කළ යුතු යැයි අප යෝජනා කර තිබුනත් එයට වැඩි අවදානයක් නොලැබිණි. එයට මූලික හේතුව වූයේ වාමාංශික කණ්ඩායම් සමග එකඟතාවක් නිර්මාණය කිරීම කළ නොහැක්කක් වීමයි.
එහෙත් අරගලයට පෙර හා ඒ තුලදී අප විශ්වාස කළ මිනිසුන් හට අප ලබා දී තිබූ පොරොන්දුව නම්, අර්බුදය විසඳා ගැනීමට අප මුල් ප්‍රමුඛතාව ලබා දෙන බවටත් අනතුරුව දේශපාලන ක්‍රම වෙනසක් උදා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ය. ඒ අනුව යමින් පත් වන ලද වැඩ බලන ආණ්ඩුවට අර්බුදය විසඳා ගැනීමට යන මාර්ගයේ යෑමට අප කොළ එළි පත්තු කළේ ය. ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, ජනතා සහය ලබා ගැනීමට වෙහෙස වුයෙමු.
එම ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය පිළිබඳව නිබඳ සමාලෝචන ඔබ වෙත ගෙන ආවෙමු. ඒ සමාලෝචන වලට අනුව රටේ උද්ධමනයේ දිශානතිය, ඩොලරයේ අගය, ආර්ථික හැකිළීමේ සහ වර්ධනයේ පුරෝකථනයන් නිවැරැදිව ඔබ වෙත ගෙන ආවෙමු.
උද්ධමනය සාමාන්යාාාර අතට හැරෙන බව, දේශීය ප්‍රතිව්‍යුහගත කිරීමක් එන බව, ඉන් බැංකු පද්ධතියට හානියක් නොවන බව, සේවක අර්ථසාධක අරමුදලට ලොකු අලාභයක් නොවන බව, ඩොලරය 600/= හෝ 390/= ට නොයන බව සහ එය 320-330/= සීමාවේ පවතින බව, මේ වසරේ හතර වන කාර්තුව වන විට ආර්ථිකය වර්ධනයක් අත් කර ගන්නා බව ඇතුළු මේ සියල්ල අප ඔබට නිවැරැදිව ගෙන හැර පෑවෙමු. ඒවා දැන් සත්‍ය වී තිබෙන බැවින් අප වෙත ඇඟිල්ලක් දික් කිරීමේ හැකියාවක් සාධාරණ මනුස්සයෙකුට නැත. එහෙත් ලෝකල් තයෙයිබාන් පන්නයේ දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ පවතින බැවින් ඔවුන් සමග ඒවායේ තර්කානුකූල බාවය සාකච්ඡා කිරීම ප්‍රයෝජනයක් නොමැත.
මේ විසඳුම් අපි ඔබට ගෙන හැර පෑවේ මීට වසර 2ක කටත් පෙර දීය. IMF ගමන ගැන ඔබට කීවේ ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කීවේ ය. පුද්ගලීකරණය පිළිබඳව කීවේ ය. මහ බැංකු ස්වාධීන පනත ගැන කීවේ ය. මේ සිදුවන සියල්ල ඔබට අප කියා තිබේ. එහෙත් රනිල්ට ඇති අකමැත්තට ඔබ ප්‍රතිසංස්කරණ වලට වෛර කලේය. රනිල්ට ඇති අවිශ්වාසයට ඔබ ප්‍රතිසංස්කරණ ද අවිශ්වාස කළේ ය. ඒත් සමගම විසඳුම් කී අපවද ඔබ යම්තාක් දුරකට ප්‍රතික්ෂේප කලේ ය. වෛරයෙන්, ආවේගයෙන් ලොකල් තලෙයිබාන් වරු සමග ඡන්දයක් කරන්නට ගියේ ය. රටේ ප්‍රමුඛතාව වත් හඳුනා නොගත් ඔවුන් කියූ කෙරූ කිසිවක් මෙතෙක් සැබෑ වී නොමැත. ඔවුන් විරෝධය පෑ කිසිදු ප්රතිසංස්කරණයක් නතර වී නොමැත. ජන විරෝධය ඔවුන් ලඟ තබා ගනිමින් එය විසිරී යෑමට නොදි එය පුස්සක් බවට පත් කළ ඔවුන් රනිල්ට ලබා දුන් සහය සුළු පටු නොවේ.
අරගලයෙන් විසීරී ගිය ජන බලය දුර්වල තැනකට ගාල් කිරීමට ඔබ කටයුතු කළේ ය. ඔවුන් කියන දේ සත්‍යයයි ඔබ සිතුවේ ය. ඔවුන් මෙය පෙරළනු ඇතෑයි ඔබ සිතුවේ ය. එහෙත් ඒ කිසිවක් ඔවුන් කර නොමැත. ඔවුන් හුදෙක් ඔබලාගේ විරෝධය එකරාශී කොට, එය මරා දමමින් සිටින්නේ ය. එය රනිල්ට ලැබුණු ලොකුම වාසිය බව දැන් ඔබට පසක් වනු ඇත. ජන බලය එකරාශී වී ඇති තැන පෙන්වා පොහොට්ටුව දමනය කර ගැනීමට රනිල්ට හැකි වූයේ ය. වැට් වැඩි කිරීමට පෙර පඩි වැඩි කරන උද්ඝෝෂණ එන්නේ ද ඒවායේ ආනුභාවයෙන් බව ඔබට තවමත් නොවැටහෙනු ඇත.
ජනතාවගේ බලය අවශ්‍ය වන තුරු ගාල් කර තැබීමට මේ දුර්වල සංවිධානය විටින් විටින් පාවිච්චි කිරීමට මේ දේශපාලකයෝ දක්ෂයෝ වූහ. ඡන්දයක් කිට්ටු වන විට එය යළිත් තමා වෙත දිනා ගැනීම ඔවුහූ පහසුවෙන් සිදු කළේ ය. ඊළඟ ඡන්දයට වසරක් තිබේ. ඒ වන විට ආර්ථිකය තුල ඇති වන වෙනස් කම් සමග ජනමතය රහසේම ආයෙත් ඔවුන් වෙත ඇදී යනු ඇත. එදාට ඔබ තේරුම් ගනිවී ඔබ යළිත් රැවටී ඇති බව.
අරගලයෙන් පසු අපි ඔබට ස්වාධීන නායකයින් නිර්මාණය කරන්න යැයි පුන පුනා කීවේ ය. ඔබ තවමත් ප්‍රමාද නොමැත. අර්බුදය විසඳන ගමන යන ගමන් රට මීළඟ යුගයට රැගෙන යා හැකි අලුත් නායකයින් මේ රටට අවශ්‍යය. පක්ෂයක් නොව මිනිසුන් නිර්මාණය කරන්න යැයි අප කීවේ එනයිනි. පාර්ලිමේන්තුවට අවශ්‍ය මානව සම්පත අප මේ රට තුලින්ම නිර්මාණය කළ යුතුය. එය සාමාන්‍ය අම්මා තාත්තාට උපන් දරු දැරියන්ගෙන් දක්ෂයන් තෝරා කළ යුත්තකි. ඒ අලුත් දක්ෂයන්ට නිවැරැදි දැක්මක් දර්ශනයක් ලබා දීමට අප වෙහෙස විය යුතුය. අර්බුදයෙන් අනතුරුව දේශපාලන ක්‍රමය වෙනස් කර රටේ ඉරණම වෙනස් කළ හැක්කේ එම අලුත් පරම්පරාව ශක්තිමත් කිරීම තුලිනි. ඔබ හමුවේ ඇති වගකිව යුතු කටයුත්ත එයයි.
තව දුරටත් වෛරයෙන් පිරුණු සමාජයක් බිහි නොකොට, බොරු බය වැද්දීම් වලින් ජනතාව අසහනයට පත් නොකර, නිවැරැදි දැක්මත් ඇතිව මේ දුෂ්කර සමය ගෙවා ගෙන රට ඉදිරියට ගෙන යෑමට අප සැමට සිදු වනු ඇත.
මේ වසර 2023 අවසානයේදී අප ඔබට දෙන පණිවිඩයයි. ඔබලාගේ ප්‍රසංසා මෙන්ම නින්දාවන් ද එක ලෙස ඉවසමින් අප පොරොන්දු වූ මග නොනවත්වා ගමන් කරමින් සිටියි. නැවත මෙනෙහි කරලා බලන්න. ඔබට පුළුවන්.
පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර #DissolveSLParliament2023
#GoHomeGota2022 #NoLeftism #Weneednewleaders