අරගලයට පසු විපරමක්....පැතුම් කිවූ දේ සනාථ වූ අයුරු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලයෙන් පසුව රටේ තිබූ ප්‍රමුඛතාවය නම් අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීමයි. ඉන් අනතුරුව දේශපාලන ක්‍රම වෙනසක් උදා කර ගැනීමට ඡන්දයක් ඔස්සේ කටයුතු කිරීම අපගේ බලාපොරොත්තුව වූයේ ය.

    අරගලයෙන් ගෝඨාභය ඉවත් කිරීමෙන් අනතුව තාවකාලික පරිවාස ආණ්ඩුවක් තනා ගැනීමටත්, රටේ පවතින ව්‍යවස්ථාව අනුව යමින් මීළඟ වැඩ බලන ජනාධිපතිවරයා පත්කර ගැනීමටත් අරගලය තුල වූ මිනිසුන්ගේ අදහස වූයේ ය. එම තත්ත්වය සනාථ කර ගැනීම පිණිස අරගලය විසින් ගෝල්ෆේස් සම්මුතියක් අත්සන් කිරීම කළ යුතු යැයි අප යෝජනා කර තිබුනත් එයට වැඩි අවදානයක් නොලැබිණි. එයට මූලික හේතුව වූයේ වාමාංශික කණ්ඩායම් සමග එකඟතාවක් නිර්මාණය කිරීම කළ නොහැක්කක් වීමයි.

    එහෙත් අරගලයට පෙර හා ඒ තුලදී අප විශ්වාස කළ මිනිසුන් හට අප ලබා දී තිබූ පොරොන්දුව නම්, අර්බුදය විසඳා ගැනීමට අප මුල් ප්‍රමුඛතාව ලබා දෙන බවටත් අනතුරුව දේශපාලන ක්‍රම වෙනසක් උදා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ය. ඒ අනුව යමින් පත් වන ලද වැඩ බලන ආණ්ඩුවට අර්බුදය විසඳා ගැනීමට යන මාර්ගයේ යෑමට අප කොළ එළි පත්තු කළේ ය. ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, ජනතා සහය ලබා ගැනීමට වෙහෙස වුයෙමු.

    එම ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය පිළිබඳව නිබඳ සමාලෝචන ඔබ වෙත ගෙන ආවෙමු. ඒ සමාලෝචන වලට අනුව රටේ උද්ධමනයේ දිශානතිය, ඩොලරයේ අගය, ආර්ථික හැකිළීමේ සහ වර්ධනයේ පුරෝකථනයන් නිවැරැදිව ඔබ වෙත ගෙන ආවෙමු.

    උද්ධමනය සාමාන්‍යාාාර අතට හැරෙන බව, දේශීය ප්‍රතිව්‍යුහගත කිරීමක් එන බව, ඉන් බැංකු පද්ධතියට හානියක් නොවන බව, සේවක අර්ථසාධක අරමුදලට ලොකු අලාභයක් නොවන බව, ඩොලරය 600/= හෝ 390/= ට නොයන බව සහ එය 320-330/= සීමාවේ පවතින බව, මේ වසරේ හතර වන කාර්තුව වන විට ආර්ථිකය වර්ධනයක් අත් කර ගන්නා බව ඇතුළු මේ සියල්ල අප ඔබට නිවැරැදිව ගෙන හැර පෑවෙමු. ඒවා දැන් සත්‍ය වී තිබෙන බැවින් අප වෙත ඇඟිල්ලක් දික් කිරීමේ හැකියාවක් සාධාරණ මනුස්සයෙකුට නැත. එහෙත් ලෝකල් තයෙයිබාන් පන්නයේ දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ පවතින බැවින් ඔවුන් සමග ඒවායේ තර්කානුකූල බාවය සාකච්ඡා කිරීම ප්‍රයෝජනයක් නොමැත.

    මේ විසඳුම් අපි ඔබට ගෙන හැර පෑවේ මීට වසර 2ක කටත් පෙර දීය. IMF ගමන ගැන ඔබට කීවේ ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කීවේ ය. පුද්ගලීකරණය පිළිබඳව කීවේ ය. මහ බැංකු ස්වාධීන පනත ගැන කීවේ ය. මේ සිදුවන සියල්ල ඔබට අප කියා තිබේ. එහෙත් රනිල්ට ඇති අකමැත්තට ඔබ ප්‍රතිසංස්කරණ වලට වෛර කලේය. රනිල්ට ඇති අවිශ්වාසයට ඔබ ප්‍රතිසංස්කරණ ද අවිශ්වාස කළේ ය. ඒත් සමගම විසඳුම් කී අපවද ඔබ යම්තාක් දුරකට ප්‍රතික්ෂේප කලේ ය. වෛරයෙන්, ආවේගයෙන් ලොකල් තලෙයිබාන් වරු සමග ඡන්දයක් කරන්නට ගියේ ය. රටේ ප්‍රමුඛතාව වත් හඳුනා නොගත් ඔවුන් කියූ කෙරූ කිසිවක් මෙතෙක් සැබෑ වී නොමැත. ඔවුන් විරෝධය පෑ කිසිදු ප්‍රතිසංස්කරණයක් නතර වී නොමැත. ජන විරෝධය ඔවුන් ලඟ තබා ගනිමින් එය විසිරී යෑමට නොදි එය පුස්සක් බවට පත් කළ ඔවුන් රනිල්ට ලබා දුන් සහය සුළු පටු නොවේ.

    අරගලයෙන් විසීරී ගිය ජන බලය දුර්වල තැනකට ගාල් කිරීමට ඔබ කටයුතු කළේ ය. ඔවුන් කියන දේ සත්‍යයයි ඔබ සිතුවේ ය. ඔවුන් මෙය පෙරළනු ඇතෑයි ඔබ සිතුවේ ය. එහෙත් ඒ කිසිවක් ඔවුන් කර නොමැත. ඔවුන් හුදෙක් ඔබලාගේ විරෝධය එකරාශී කොට, එය මරා දමමින් සිටින්නේ ය. එය රනිල්ට ලැබුණු ලොකුම වාසිය බව දැන් ඔබට පසක් වනු ඇත. ජන බලය එකරාශී වී ඇති තැන පෙන්වා පොහොට්ටුව දමනය කර ගැනීමට රනිල්ට හැකි වූයේ ය. වැට් වැඩි කිරීමට පෙර පඩි වැඩි කරන උද්ඝෝෂණ එන්නේ ද ඒවායේ ආනුභාවයෙන් බව ඔබට තවමත් නොවැටහෙනු ඇත.

    ජනතාවගේ බලය අවශ්‍ය වන තුරු ගාල් කර තැබීමට මේ දුර්වල සංවිධානය විටින් විටින් පාවිච්චි කිරීමට මේ දේශපාලකයෝ දක්ෂයෝ වූහ. ඡන්දයක් කිට්ටු වන විට එය යළිත් තමා වෙත දිනා ගැනීම ඔවුහූ පහසුවෙන් සිදු කළේ ය. ඊළඟ ඡන්දයට වසරක් තිබේ. ඒ වන විට ආර්ථිකය තුල ඇති වන වෙනස් කම් සමග ජනමතය රහසේම ආයෙත් ඔවුන් වෙත ඇදී යනු ඇත. එදාට ඔබ තේරුම් ගනිවී ඔබ යළිත් රැවටී ඇති බව.

    අරගලයෙන් පසු අපි ඔබට ස්වාධීන නායකයින් නිර්මාණය කරන්න යැයි පුන පුනා කීවේ ය. ඔබ තවමත් ප්‍රමාද නොමැත. අර්බුදය විසඳන ගමන යන ගමන් රට මීළඟ යුගයට රැගෙන යා හැකි අලුත් නායකයින් මේ රටට අවශ්‍යය. පක්ෂයක් නොව මිනිසුන් නිර්මාණය කරන්න යැයි අප කීවේ එනයිනි. පාර්ලිමේන්තුවට අවශ්‍ය මානව සම්පත අප මේ රට තුලින්ම නිර්මාණය කළ යුතුය. එය සාමාන්‍ය අම්මා තාත්තාට උපන් දරු දැරියන්ගෙන් දක්ෂයන් තෝරා කළ යුත්තකි. ඒ අලුත් දක්ෂයන්ට නිවැරැදි දැක්මක් දර්ශනයක් ලබා දීමට අප වෙහෙස විය යුතුය. අර්බුදයෙන් අනතුරුව දේශපාලන ක්‍රමය වෙනස් කර රටේ ඉරණම වෙනස් කළ හැක්කේ එම අලුත් පරම්පරාව ශක්තිමත් කිරීම තුලිනි. ඔබ හමුවේ ඇති වගකිව යුතු කටයුත්ත එයයි.

    තව දුරටත් වෛරයෙන් පිරුණු සමාජයක් බිහි නොකොට, බොරු බය වැද්දීම් වලින් ජනතාව අසහනයට පත් නොකර, නිවැරැදි දැක්මත් ඇතිව මේ දුෂ්කර සමය ගෙවා ගෙන රට ඉදිරියට ගෙන යෑමට අප සැමට සිදු වනු ඇත.

    මේ වසර 2023 අවසානයේදී අප ඔබට දෙන පණිවිඩයයි. ඔබලාගේ ප්‍රසංසා මෙන්ම නින්දාවන් ද එක ලෙස ඉවසමින් අප පොරොන්දු වූ මග නොනවත්වා ගමන් කරමින් සිටියි. නැවත මෙනෙහි කරලා බලන්න. ඔබට පුළුවන්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර #DissolveSLParliament2023
    #GoHomeGota2022 #NoLeftism #Weneednewleaders
     
    • Dislike
    Reactions: Sen-lu

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Hillary Clinton Lol GIF
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අච්චු ගහපු සල්ලි කෝ???

    සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර රජයට ණය ලෙස ලබා දීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් මෙන්ම සෘජුව රජයට ණය දීම වැනි වෙනත් ක්‍රම හරහාද මෙය සිදු වෙනවා. සංචිත මුදල් ඉහළ යා හැකි දෙවන ආකාරය මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර එම මුදල් වලින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමයි.

    ඉහත ක්‍රම දෙක අතරින් වැඩි දෙනෙකුගේ කතාබහට හා විවේචන වලට බඳුන් වන්නේත්, වඩා හානිකර වන්නේත් පළමු ක්‍රමයයි. ඊට හේතුව මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව රටේ විදේශ විණිමය සැපයුම හරහා නෛසර්ගික ලෙස පාලනය වන නමුත් රජය විසින් ලබා ගන්නා ණය හා අදාළව එවැනි පාලනයක් නොමැති වීමයි. අලුත් මහ බැංකු පණත මගින් ඉලක්ක කළේ මෙම පාලනය ඇති කිරීමටයි.

    ඉහත ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් විවිධ ආකාර වලින් සංචිත මුදල් සැපයුම වෙනස් වන නිසා සංචිත මුදල් වෙනස් වීමට හේතු වන එක් සාධකයක් දෙස පමණක් බලා එය සල්ලි අච්චු ගැසීමක් සේ අර්ථ දැක්විය නොහැකි වුවත්, ඇතැම් අය මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වන විට ඊට සමාන සල්ලි අච්චු ගැසීමක් සිදුව ඇති බව ප්‍රචාරය කරනු අපට දැක ගත හැකි වුනා.

    ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ කිසිදා නොපැවති ඉහළ මට්ටමක් දක්වා වැඩි වීමට මුදල් සැපයුමෙහි සිදු වූ විශාල ඉහළ යාම හේතු වූ බව ප්‍රචලිත කරුණක්. රටේ මුදල් සැපයුම ඉහළ යාමට හේතු වන ප්‍රධානම සාධකයක් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි.

    විශේෂයෙන්ම 2021 වසර තුළ සංචිත මුදල් සැපයුමෙහි 35.4%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා වුනා. එම වසර තුළ මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයද ඉක්මවූ අතර මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ පැත්තට හැරුණා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි අච්චු ගසා රජයට ණය දෙනවාට අමතරව මහ බැංකුව ණය වී ලබා ගත් මුදල්ද රජයට ණය ලෙස ලබා දුන්නා. මෙය උද්ධමනය විශාල ලෙස ඉහළ යාමට මෙන්ම විණිමය අනුපාතය කෙරෙහි වූ මහ බැංකුවේ පාලනය ගිලිහීමටද හේතු වුනා.

    කෙසේ වුවත්, 2022 වසර තුළ මහ බැංකුවේ ඉහළ පුටු මාරු වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වුනා. එම වසරේ මුල් මාස වලදීද සංචිත මුදල් ඉහළ ගිය නමුත් පසුව එම ප්‍රවණතාව ආපසු හැරවුණු නිසා වසර තුළ සංචිත මුදල් ඉහළ ගියේ 3.3%කීන් පමණයි.

    ගෙවුණු 2023 වසර තුළ සංචිත මුදල් කොපමණ ඉහළ ගොස් ඇත්ද? වෙනත් විදිහකින් කිවුවොත් ගෙවුණු වසර තුළ මහ බැංකුව විසින් කොපමණ සල්ලි අච්චු ගසා ඇත්ද?

    පසුගිය වසර තුළ ඇත්තටම සිදු වී තිබෙන්නේ සංචිත මුදල් සැපයුම 1.5%කින් පහළ යාමක්. ඒ කියන්නේ පෙර වසර වල අච්චු ගැසූ සල්ලි වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කිරීමක්. මීට පෙර 2019 වසර තුළද මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වුනා. පහත තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචිත මුදල් වෙනස් වූ ආකාරය.

    2017 අවසානයේදී - රුපියල් බිලියන 939.8
    2018 අවසානයේදී - රුපියල් බිලියන 961.1
    2019 අවසානයේදී - රුපියල් බිලියන 932.6
    2020 අවසානයේදී - රුපියල් බිලියන 964.4
    2021 අවසානයේදී - රුපියල් බිලියන 1,305.8
    2022 අවසානයේදී - රුපියල් බිලියන 1,349.4
    2023 අවසානයේදී - රුපියල් බිලියන 1,328.7

    දිගින් දිගටම අලුතෙන් සල්ලි අච්චු ගැසීම නැවතී ඇතත්, 2021දී අලුතෙන් අච්චු ගසා සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවමත් එලෙසම ඇති බවත්, 2017-2020 පැවති මට්ටමට සාපේක්ෂව 2021-2023 සංචිත මුදල් මට්ටම වෙනම, ඉහළ මට්ටමක් බවත් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. උද්ධමනය, එනම් මිල ඉහළ යන වේගය, අඩු වී ඇතත් මිල මට්ටම අඩු වී නැත්තේ ඇයි කියන එකත් මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි විය යුතුයි.

    පසුගිය වසර තුළ රුපියල් බිලියන 20.7කින් සංචිත මුදල් අඩු වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 සිට රුපියල් බිලියන 2,376.2 දක්වා රුපියල් බිලියන 1,056.3කින් පහළ යාමයි. 2019 අවසානය වන විට මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 363.0ක් පමණක් වුවත්, 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 දක්වා ඉහළ ගොස් තිබුණා.

    මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය අඩු වී තිබෙන්නේ රජය විසින් එම ණය මහ බැංකුවට ආපසු ගෙවා ඇති නිසා. එසේ රජය විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේදී කලින් මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් මහ බැංකුවට ආපසු ලැබෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම පිණිස වැය කර තිබෙන්නේ එසේ ආපසු ලැබුණු රුපියල් බැවින් වසර තුළ වෙළඳපොළෙන් විශාල ලෙස විදේශ විණිමය මිල දී ගෙන ඇතත් ඒ හේතුවෙන් සංචිත මුදල් වැඩි වී නැහැ.

    ආර්ථික අර්බුදයට පෙර, 2019 වසර අවසානයේදී, මහ බැංකුව සතුව රුපියල් බිලියන 896.0ක වටිනාකමැති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණා. එහෙත්, 2022 වසර අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 1,613.7ක සෘණ අගයක්, එනම් එපමණ ශුද්ධ විදේශ බැරකමක් ලෙස වෙනස් වී තිබුණා. මහ බැංකුව විසින් පසුගිය වසර තුළ විදේශ විණිමය එකතු කර ගැනීම නිසා වසර අවසාන වන විට ඉහත විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3 දක්වා අඩු වී තිබෙනවා.

    මේ සමඟ තිබෙන ප්‍රස්ථාරයේ ඔබට දැකිය හැක්කේ සංචිත මුදල් සැපයුම සහ රටේ නිවාස ඒකකයක සාමාන්‍ය මාසික වියදම (ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසේ වියදම) විචලනය වී ඇති ආකාරයයි.

    #ඉකොනොමැට්ටා