රට වෙනුවෙන් ජූලි 9 වනදා පෙරට එන ඔබගේ සෞඛ්‍යය සහ පෝෂණ තත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත් වන කරුණු කිහිපයක්.
පළමුව, ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් වැනි නිදන්ගත රෝග තිබේ නම්, ඔබේ උදෑසන ඖෂධ මාත්‍රාව ගැනීමට අමතක නොකරන්න. ඔබ දිගු කලක් ඔබේ නිවසින් පිටව යාමට අදහස් කරන්නේ නම්, ඔබේ දහවල් සහ රාත්‍රී ඖෂධ මාත්‍රාද රැගෙන යන්න. ඔබේ රෝගී තත්ත්වයන් ගැන දන්නා කෙනෙකු සමඟ ගමන් කිරීම සැමවිටම හොඳය.
ඔබ නිතර hypoglycemia (ලේ වල අඩු සීනි) වලට ගොදුරු වන දියවැඩියා රෝගියෙකු නම් (ඉන්සියුලින් ගන්නා රෝගීන් අතර බහුලව දක්නට ලැබේ), ආහාර නොමැතිව දිගු දුරක් ඇවිදීමෙන් ඔබට hypoglycemia තත්වය ඇතිවිය හැක. Hypoglycemia වළක්වා ගැනීම සඳහා, සෑම විටම කාබෝහයිඩ්රේට් බහුල කෙටි ආහාර ලඟ තබා ගන්න. ඒවගේම වරින් වර ආහාර ගැනීම hypoglycemia වළක්වා ගැනීමට උපකාරී වේ. උදාහරණ: ග්ලූකෝස් හෝ සීනි, ක්‍රීම්ක්‍රැකර් හෝ පැණිරස බිස්කට්, රට ඉඳි සහ පැණිරස පළතුරු යුෂ බෝතල්.
ඔබට කිසියම් ඖෂධ හෝ ආහාර අසාත්මිකතාවක් (allergies) ඇත්නම්, අසාත්මිකතා ලැයිස්තුවක් කුඩා සටහනක් තබා ඔබේ සාක්කුවේ තබා ගන්න. ඔබ හදිසියේ රෝහල් ගත කල හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එවිට එය දැක ගත හැකිය.
තවද ඇවිදින විට අප සැමට අඛණ්ඩව ශක්තිය හා ජලය අවශ්‍ය වේ. ඔබ විරෝධතාවයට යන්නේ නම් (ආපසු එන වේලාව ගැන විශ්වාස නැති නම්), ඔබ සමඟ ආහාර පාන කිහිපයක් තබා ගැනීම සැමවිටම නුවණට හුරුවේ. ඕනෑම බිස්කට් වර්ගයක්, සැන්ඩ්විච්, පැණිරස ද්‍රව්‍ය (chocolate වැනි), ඇට වර්ග (nuts) වැනි සරල වියළි ආහාරයක් රැගෙන එන ලෙස මම ඔබට යෝජනා කරමි. ඔබ ලඟ ආහාර තිබේ නම්, නොදන්නා ආහාර අනුභවය කිරීම මගින් බෝවන රෝග (food born illnesses) වලට ගොදුරු වීමට ඔබට සිදු නොවේ. ඔබ පිටතින් ආහාර ගන්නා විට, අමු සහ පිසූ ආහාර වලට වඩා ඇසුරුම් කළ (packaged) ආහාර ගැනීම ආරක්ෂිත වේ.
තවද දිගු කාලයක්, ඇවිදීමේදී විජලනය ඉතා සුලභ වේ. වරින් වර ජලය පානය කිරීමට අමතක නොකරන්න; ඔබට පිපාසය දැනෙන තුරු බලා නොසිටින්න. සෑම විටම ඔබේ වතුර බෝතලය තබා ගැනීමටත්, හැකි විට එය පිරිසිදු ජලයෙන් පුරවා ගැනීමටත් අමතක නොකරන්න. එමෙන්ම oral rehydration solution (ජීවනී), දියර කිරි පැකට්, පළතුරු යුෂ බෝතල්, අයිස් තේ ආදියද ඔබට රැගෙන යා හැක. තවද මත්පැන් (බියර් ඇතුළුව) කිසිවිටෙක පානය නොකරන්න; ඒවා මගින් විජලනය නරක අතට හැරිය හැකි අතර ඔබේ සිහි කල්පනාවද නැති කරනු ඇත.
ඔබ දිගු දුරක් ඇවිදීමට අදහස් කරන්නේ නම්, සෑම විටම ධාවන සපත්තු හෝ සුවපහසු පාවහන් භාවිතා කරන්න. තවද පුළුල් දාරයක් සහිත තොප්පියක් හෝ අව් කණ්ණාඩි අධික හිරු එළියෙන් ආරක්ෂා ඔබට උපකාරී වනු ඇත. ඔබේ සුවපහසුව සදහා සැහැල්ලු කපු ඇඳුම් හෝ ක්‍රීඩා ඇඳුම් අඳින්න.
අවසාන වශයෙන්, ඔබේ මුහුණු ආවරනය (face mask) අමතක නොකරන්න; එය ඔබව COVID-19, ඉන්ෆ්ලුවෙන්සා සහ තවත් බොහෝ රෝග වලින් ආරක්ෂා කරනු ඇත.
#health_is_wealth_but_our_motherland_is_first